‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»


අධිපරිභෝජනය නිසා අහිමි වන සම්පත් සොයා ළඟදීම අභ්‍යවකාශයට යයි!

අධිපරිභෝජනය නිසා අහිමි වන සම්පත් සොයා
ළඟදීම අභ්‍යවකාශයට යයි!

පරිසර හිතකාමී තිරසර සංවර්ධනයක් වෙනුවට අද මුළු ලෝකයම කරගෙන යන අධි පරි‍භෝජනවාදි පරිසරය සූරා කන සංවර්ධනය නිසා තව වසර 15 - 20 ක් යන විට අපට සිදුවන දේ අපටම සිතාගන්නට බැරිය.

විද්‍යාඥයන් පවසන පරිදි තව වසර 15 - 20 ක් යන විට අපට අවශ්‍ය යකඩ, තඹ, ඇලුමිනියම්, රිදී, ප්ලැටිනම්, ඇන්ටිමුනි වැනි ලෝහ නැත. ගල් අඟුරු පමණක් නොව ඛනිජ තෙල් ද ඒ වන විට නැතිවී යනු ඇත. උග්‍ර ජල හිඟයක් ද ඇතිවී බලශක්ති අර්බුදය හට ගනු ඇත.

නමුත් ඒ ගැටලුවට අලුත්ම විස­ැඳුමක් ඉදිරිපත් වී ඇත. ඒ විසඳුම වනාහි අභ්‍යවකාශයෙන් මේ සම්පත් සොයා ගැනීමයි. ඊට අදාළ පර්යේෂණ කටයුතු දැන් සාර්ථකව සිදුවෙමින් පවතී.

පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකාවේ නාසා අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පවසන පරිදි ඉදිරියේදී අභ්‍යවකාශ පර්යේෂණ නිසා අපේ පරිසරයට අලුත් අලුත් දෑ රැසක් ලැබෙනු ඇත. අභ්‍යවකාශය අපේ පරිසරයේම කොටසකි. ඒ අනුව අභ්‍යවකාශයේ සිදුවන දේ පිළිබඳව අපිත් සැලකිලිමත් විය යුතුය.

ආචාර්ය සරත් ගුණපාල පැවසු පරිදි බ්‍රහස්පතිගේ යුරෝපා නම් චන්ද්‍රයාට යැවු නාසා යානයක් මඟින් එහි ජලය විශාල අයිස් තට්ටුවක් ලෙස තිබෙන බව සොයාගෙන තිබේ. ඒ අනුව එම ජලය යුරෝපා හඳ අනෙක් චන්ද්‍රයන් උඩින් යන විට අඩි 300 ක් ඉහළට එසවෙන බව පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ. ඒ අනුව යම් දිනක අපිට ජල හිඟයක් ආවොත් මේ චන්ද්‍රයාගෙන් ජලය ගෙන ඒමට පුළුවන් බව ආචාර්ය ගුණපාල පෙන්වා දෙයි.

මීට අමතරව සෙනසුරු ග්‍රහලෝකයට දැන් නාසා ආයතනයේ ජෙට් පුපර්ෂන් විද්‍යාගාරය 'කැසිනි' නම් යානාවක් යවා පර්යේෂණ කරයි.

ඒ යානාව මඟින් සෙනසුරුවල ඇති 'එන්සබලස්' නම් චන්ද්‍රයාගේ ජලය විශාල ලෙස තිබෙන බව සොයා ගෙන තිබේ.

ආචාර්ය සරත් ගුණපාල මහතා අපට පැවසු පරිදි අද නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරය පිටසක්වල ජීවියකු සිටීදැයි සංකීර්ණ පර්යේෂණ ගණනාවක යෙදී සිටී. ඒ අනුව 2035 දී අඟහරුට අජටාකාශගාමීන් හතර දෙනෙක් යවා අඟහරු පිළිබඳව තවත් පර්යේෂණ කිරීමට නාසා ආයතනය සූදානම් වෙයි.

ලොව ජනගහනය දිගටම වැඩි වුවහොත් මේ සියලු පර්යේෂණ මඟින් අඟහරුගේ පදිංචියට එය සුදුසුදැයි පරීක්ෂා කිරීම ද කරනු ලැබේ. මීට අමතරව අභ්‍යවකාශ පර්යේෂණ සඳහා නිපදවූ විවිධ තාක්ෂණ ක්‍රම උපකරණ අද ලෝකයේ ජනතාවගේ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත. ස්මාට් ජංගම දුරකථන, ඊ චැනලින්, ගිනි නිවීමට භාවිත කරන ආරක්ෂිත ජැකට් හා ඇඳුම්, ආහාර වියළීමේ තාක්ෂණය, විශාල පෝෂණයක් පෙත්තකින් කරලකින් ලබා ගැනීමේ තාක්ෂණය ආදි තාක්ෂණික ක්‍රම රැසක් ඒ අතර වේ.

අපේ ලෝකයේ අය ජලය ලෝහ හා ඉන්ධන වැනි සම්පත් ඉවක් බවක් නැතිව අරපරිස්සමින් තොරව පාවිච්චි කිරීම අපේ ලෝකයේ සම්පත් ඉක්මනින් හිඟ වීමට ප්‍රධාන හේතුව වී තිබේ.

අද අපේ රටේ දැන් නියඟයක ලකුණු පහළ වෙමින් පවතී. ඒත් රටේ හැම තැනම වාහන සේදීමට පාවිච්චි කරන්නේ බීමට ලබාදෙන ජලයයි. ඒ සඳහා මහා නගර සභා බල ප්‍රදේශවලත් වෙනම ජලය ලබාදීමේ වැඩ පිළිවෙළක් නැත. අපේ ජනතාව ද එක වාහනයක් සේදීමට ජලය ලීටර් 300 - 400ක් පාවිච්චි කරන අවස්ථා ඇත. එය ජාතික අපරාධයකි.

අද අපේ රටේම වාහන තදබදය නිසා ඉන්ධන කොතරම් පිච්චෙනව ද මංතීරු නීතිය වැනි නීති දැම්මත් වාහන තදබදය අඩු නොවේ. ඒ සඳහා මෙරට සිටින ප්‍රවාහන විද්‍යාව පිළිබඳව ප්‍රධාන විශේෂඥයා වන මොරටු සරසවියේ මහාචාර්ය අමල් කුමාරගේ වැනි විද්වතුන් ඉදිරිපත් කරන විද්‍යානුකූල ක්‍රමවේද මීට වඩා ක්‍රියාවට නැංවිය යුතුය.

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන පරිදි ඉදිරි වසර 10 - 15 ඇතුළතදී මුළු ලෝකයේම ලෝහ සම්පත් අවසන් වේ. ඒ අනුව ටයිටේනියම්, ප්ලැටිනම්, ඇන්ටිමනි, යකඩ, තඹ, තුත්තනායගම්, රිදී වැනි ලෝහ මඟින් විවිධ දේ නිපදවා ගැනීමට අපට අවස්ථාව නොලැබේ. විශේෂයෙන් දුරකථනවල පරිගණකවල විවිධ උපාංග සෑදීමට අපට ඉඩකඩ නොමැත. එසේ වුවහොත් ඒ පරිගණකවලින් දුරකථනවලින් වැඩක් වන්නේ නැත.

මේ අනුව ඔබගේ කැඩුණු තාක්ෂණික උපකරණ ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ලෝහ වර්ග කොහෙන් හෝ ගෙන්විය යුතුය. ඒ සඳහා අප ලෝකයේ විද්‍යාඥයන් අවධානය යොමු කර ඇත්තේ අභ්‍යවකාශය පිළිබඳවය. ඒ අනුව අභ්‍යවකාශයේ ඇති උල්කාපාත කෙරෙහි විද්‍යාඥ්‍යන්ගේ අවධානය යොමු කර ඇත. උල්කාපාතයකට අභ්‍යවකාශ යානාවක් යවා උල්කාපාත කැණීම් කර එහි ඇති වඩා ප්‍රයෝජනවත් ලෝහ කැබලි පෘථිවියට ගෙන්වීම මෙහිදී සිදු කරනු ලැබේ. ඒ සඳහා 2012 සිට අභ්‍යවකාශ කැණීම් සමාගම් වැඩ කටයුතු අරඹා ඇත.

විවිධ අයුරින් මේ උල්කාපාත ලෝහ කැබලි පොළොවට ගෙන ඒම කරනු ලැබේ. අභ්‍යවකාශ යානයට සම්බන්ධ විශාල පුනීලයක් වැනි උපකරණයක් මඟින් උල්කාපාතයේ නැත්නම් ග්‍රාහකයේ කොටසක් පමණක් කඩා පොළොවට ගෙන එනු ලැබේ. මෙහිදී උල්කාපාතවල ගුරුත්වාකර්ෂණ බලයක් නොමැති නිසා ආපසු පොළොවට ඒම පහසුය.

මීට අමතරව උල්කාපාතය මතට ලෝහ කුඩු කරන යන්ත්‍ර ගෙන ගොස් උල්කාපාතය කඩා අවශ්‍ය ලෝහ පමණක් පොළොවට ගෙන එනු ලැබේ. විශාල කාන්දම් තිබේනම් උල්කාපාතයේ ඇති ලෝහ ඇද ගැනීම කිරීමට ද අභ්‍යවකාශ පර්යේෂණ ආයතන දැන් කටයුතු කරමින් සිටී. සමහර අවස්ථාවලදී යානය බස්සවනු ලබන කකුල් මඟින්ම උල්කාපාතය කැබැලි කර පෘථිවියට ගෙන එනු ලැබේ. එසේ නැත්නම් උල්කාපාතය හඳ අසලට හෝ ඉහළ අහසේ ඇති ජගත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසලට ගෙනැවිත් කැබැලි කර පෘථිවියට ගෙන ඒම ද කරනු ලැබේ. උල්කාපාතවල ගුරුත්ව බලයක් නැති නිසා එහි යන යානාවලට සුළු බලයකින් පෘථිවිය වෙත ඒමට පුළුවන.

මේ අනුව මෙම උල්කාපාතවලින් ලෝහ ලබා ගැනීම පිළිබඳව නීති රීති පවා දැන් ඇමෙරිකානු රජය අනුමත කර තිබේ.

මේ උල්කාපාතවලින් ලෝහ පෘථිවියට ගෙන ඒම ලොව විශාලතම මුදල් උපයන ව්‍යාපාරයක් වනු ඇතැයි ද ආචාර්ය චන්දන ජයරත්න පවසයි.

ඒ සමඟම අද ලෝකයේ ඉන්ධන එන්න එන්නම අවසන් වෙමින් පවතී. පැට්රල්, ගෑස්, ගල් අඟුරු ඇත්තේ තව වසර 15 - 20කට පමණි. ඒ අනුව අපි ඉදිරියට අවධානය යොමු කළ යුත්තේ පුනර්ජනනීය බලශක්ති කෙරෙහිය. සුළං සූර්ය බලය රල බල විදුලිය, දර ඉන්ධන පිළිබඳව අපි දැන් සිටම අවධානය යොමු කිරිම අනාගතයට සුබදායි වේ. අලුත්ම පර්යේෂණ අනුව අපට ලාභදායි ලෙස තව දිගු කලක් ම ලබා ගත හැකි බල ශක්තිය සූර්ය බලයයි. පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ වලාකුළු නිසා සූර්ය බලය ලැබෙන ආකාරයේ විචල්‍යතා ඇති වේ. ඒ අනුව සුදුසුම ක්‍රමය වී ඇත්තේ සූර්ය බල කෝෂ අතිවිශාල සංඛ්‍යාවක් සහිත අභ්‍යවකාශ යානාවක් ඉහළ අහසට යවා සූර්ය බලය ගබඩා කිරීමයි. මෙවැනි කටයුතු ද දැන් ඇමෙරිකාවේ පර්යේෂණ හා බලශක්ති සමාගම් ආරම්භ කර ඇතැයි මහාචාර්ය ජයරත්න පවසයි.

අපට මුළු ලෝකයට මේ සම්පත් හිඟ වන්නේ අප අධි පරිභෝජන රටාවකට හුරු පුරුදු වීම නිසාය. එසේ නැතිව තිරසර ලෙස සරල දිවි පැවැත්මක් අනුගමනය කරමින් සංරක්ෂණවාදි පිරිමැසුම් ජීවන රටාවකට යොමු වූවානම් ඉහත සම්පත් අමුද්‍රව්‍ය හා බලශක්ති ප්‍රභව අභ්‍යවකාශයෙන් ගෙන්වන්නට අවශ්‍ය වන්නේ නැත. මේ පිළිබඳව අවධානය යොමු කිරීම ශ්‍රී ලංකාවාසී හා ලෝක වාසී සැමගේ අනාගත අභිවෘද්ධියට හේතු වන්නේ යැයි සිතමි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්