‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»


මලිප්පුවා කුඹුර අස්වැද්දූ හැටි

අතීතයෙන් කතාවක්...

මලිප්පුවා කුඹුර අස්වැද්දූ හැටි

මාතලේ එබ්බාවල නම් ගමේ විසූ ලංකා මලිප්පුවා කා අතරත් කැපී පෙනුණු ගැටවරයෙකි. උසට සරිලන මහතින්, සද්දන්ත දේහයකින් හෙබි මලිප්පුවාගේ කාය ශක්තිය ගැන කතා කිරීම නිෂ්ඵලය.

මලිප්පුවා දවසක් උදනැක්කේ ගමේ වලව්වට ගොඩ වුණේය.

‘අවසර... වලව්වෙ හාමුදුරුවනේ... තමුන්නාන්සේ උදනැක්කෙම බැහැදකින්ඩ ආවේ පොඩි උදවුවක් ඉල්ලා ගන්ඩ ආයිබොවං...’

කියාපන්... කියාපන්... ඉතින්... උඹ මගෙන් ඉල්ලපු එකම උදවුවක්වත් මං නොකර ඉඳලා තියෙනවා ද? බොල...’

‘එහෙමයි... හාමුදුරුවනේ... එහෙමයි... මං ආවේ... උදැල්ලක් ඉල්ලාගන්ඩ... කුඹුරු කෑල්ලක් අස්වද්දාගන්ඩ තියෙනවා. ඒකට හරි හමං උදැල්ලක් නෑ... මං ගාව...’

‘ඕක මහ ලොකු දෙයක්යැ... මලිප්පුවෝ... ඔහොම ඩිංගක් හිටපන්කො... ඩිංගිරි හාමුදුරුවො නාගෙන එයි දැන්...’

එහෙමයි...

ඩිංගිරි හාමුදුරුවො (වලව්වේ හාමුදුරුවන්ගේ බිරිය) ටික වෙලාවකින් නාගෙන ආවාය.

මැණිකේ... මං එදා ගෙනාව රට උදළු තලේ ගේන්ඩකො... වලව්වෙ හාමු කීවේය.

‘වලව්වෙත් හරිහමං උදැල්ලක් දැනට නෑ...’ එහෙම කියලා ඉතිං වැඩක් හරියකට කොරගන්ඩ බැරි උදලු කෙටියක් දීලා වැඩක් තියෙනවයැ... උඹට...’

‘මේං මේකට හොඳ මිටක් ගහලා ගනින්... මටත් හෙට පොඩි වැඩක් කොරගන්ඩ තියෙනවා... අද රෑ වෙනකොට හැබැයි උදැල්ල වලව්වේ තියෙන්ඩ ඕනෑ... නැත්නම්... ඉතින් උඹ දන්නවනේ මේ වලව්වේ හාමුදුරුවන්ගේ හැටි...’

‘එහෙමයි... එහෙමයි... මොකෑ... මං නොදන්නේ ඔබවහන්සේගෙ හැටි. බිම් කරුවල වැටෙනතුරුම මලිප්පුවා වැඩ කළේය. කුඹුරු යායක්ම ඔහු අස්වද්දා තිබුණේය. වලව්වේ රට උදැල්ල දැන් උදලු කෙටියක්ය. එයත් රැගෙන මලිප්පුවා වලව්වේ හාමුදුරුවන් බැහැදැක්කේය.

‘ඈ... මලිප්පුවො... මේ මගෙ උදැල්ලයැ...’

‘උදැල්ල නම්... තමුන්නාන්සෙගෙම තමයි අයිබොවං... ඔබ වහන්සෙ මට අලුත්ම අලුත් උදැල්ලක් දුන්නට... ඒක මං දන්නෙත් නැතිවම ගෙවිල අයිබොවං...’

‘උඹ මහ පුදුම පුරුෂයෙක්නෙ මලිප්පුවො... යමං... යමං... දැන්මම යමං... මට මගෙ උදැල්ල නැතිවුණාට කමක් නෑ... ඒත්... මට ඕනෑ... උඹ මේ කියන්නෙ ඇත්ත ද? කියලා දැනගන්ඩ.’

‘එහෙමයි... මයෙ දෙ...ය්...යො... එහෙමයි... යං... යං...

වලව්වේ හාමුදුරුවො... කුඹුර හැමතැනම ඇවිද්දේය. මලිප්පුවා කියා තිබුණේ සම්පූර්ණ ඇත්තය.

‘මගේ නේත්තරා දෙක මට ම අදහා ගන්ඩ බෑ... මලිප්පුවො...’

‘එහෙමයි...’

මලිප්පුවා කළ වික්‍රමය වලව්වෙ හාමු වගකිව යුතු උසස් මුලාදෑනීන්ට දැනුම් දුන්නේය. ඉන්පසු එම වෙල්යායේ සින්නක්කර හිමිකරු බවට මලිප්පුවා පත්විය.

එබවල ‘ලංකා කුඹුර’ නමින් අදත් හඳුන්වන්නේ මේ වෙල් යායයි. මලිප්පුවා අනාගතයේ තමන්ට තර්ජනයක් වේ යැයි උපකල්පනය කළ පිරිසක් උපක්‍රමශීලීව මලිප්පුවා දියේ ගිල්වා ඝාතනය කළ බව පැරැණියෝ පවසති.

දෙමදඔය හිටපු විදුහල්පති රත්නායක මහතාගෙන් අසා ගත් සැබෑම සැබෑ කතාවකි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්