‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

ඒරන් - ජේඩීන් ශූරතාව රැගෙන දිවයිනට

ඒරන් - ජේඩීන් ශූරතාව රැගෙන දිවයිනට

2015 ආසියානු රෝඩ් රේසිං යතුරු පැදි ශූරතාවලිය

මැලේසියාවේ ක්වාලම්පූර් නගරයේ පසුගියදා පැවැති ජාත්‍යන්තර යතුරු පැදි සම්මාන ප්‍රදානයේදී ( FIM ) 2015 වසරේ දක්ෂතම ආසියානු රෝඩ් රේසිං කණ්ඩායමට හිමි ආසියානු කුසලානය දිනාගැනීමට ඒරන් ගුණවර්ධන හා ජේඩින් ගුණවර්ධන සමත් වුහ.

වසර 102 ක ඉතිහාසයේ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර යතුරු පැදි සම්මේලනය (Federation of International Motorcycling - FIM) සංවිධානය කළ විවෘත තරගාවලියකින් ශූරතාවක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙම අවස්ථාව ඉතිහාසයට එක්වන අතර එම අවස්ථාවත් ඒරන් ගුණවර්ධන හා ජේඩින් ගුණවර්ධන යන දෙ සොහොයුරන් හිමිකර ගැන්ම අතිවිශිෂ්ටය.

12 හැවිරිදි ඒරන් ගුණවර්ධන හා 13 හැවිරිදි ජේඩින් ගුණවර්ධන යන දෙ සොහොයුරෝ 2015 වසරේ ජාත්‍යන්තර යතුරු පැදි සම්මේලනය (  Federation of International Motorcycling - FIM) සංවිධානය කළ වට තුනකින් සමන්විත විවෘත රෝඩ් රේසිං තරගයෙන් සමස්ත මුලු ලකුණු 10ක් ලබා ශ්‍රී ලංකාවට මෙම කීර්තිය ගෙන ඒමට සමත් වුහ.

ජපානය, ඉන්දියාව, තායිවානය, තායිලන්තය, නේපාලය, පිලීපීනය, ඉන්දූනීසියාව හා ශී‍්‍ර ලංකාව යන ආසියානු රටවල් තරගාවලිය නියෝජනය කළ අතර වයස් සීමා රහිත විවෘත තරගයක් වීම මෙහි ඇති විශේෂත්වයයි. ජපානය, තායිලන්තය හා තායිවානය යන රටවල් වල පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු, පුහුණුකරු හා උපදේශක ලෙස කටයුතු කළේ දේශීය තරගබීමේ විශ්‍රාමික යතුරු පැදි ශූර ෂේන් ගුණවර්ධනය.

දේශිය තරගමාලාවේ ප්‍රධානතම තරගාවලියක් වන ෆොක්ස්හිල් සූපර්ක්‍රොස් තරගාවලියේ ප්‍රථම තරගයෙන් යතුරු පැදි ශූරයා ලෙස ශූරතාව හිමිකරගත්තේ ෂේන් ගුණවර්ධනයි. පියාගේ අඩිපාරේ යමින් ජාත්‍යන්තරය ජයගත් ඒරන් හා ජේඩින් දෙ සොහොයුරන්ට ක්‍රීඩා ශූභාශිංසන.

මෙම ශූරතා කුසලාන ප්‍රදානයට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ප්‍රවීණ මෝටර් රථ ධාවක පසිඳු පීරිස් හා ක්‍රීඩා අමාත්‍යාංශ ව්‍යාපෘති නිලධාරිනි ටී. එම්. කුමාරිහාමි මහත්මිය සහාභාගී වූහ.

ජනසතු සේවා ආධුනික කැරම් ශූරතාවලිය

සංජීව සහ අමරසේන කේවල ශූරතා දිනති

පසුගියදා කැරම් සම්මේලන මූලස්ථානයේදී නිමාවට පත්වූ ජනසතු සේවා ආධුනික කැරම් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ ඩී. සංජීව දිනාගත් අතර එහි අනුශූරතාව දිනා ගැනීමට ලේක්හවුස් ආයතනයේ කේ. නිරංජන් සමත්විය.

ශූරතාවලියේ සුවිශේෂී දස්කම් දක්වන්නට ජලාපවාහන මණ්ඩලයේ ක්‍රීඩිකාවෝ සමත්වූහ. එහිදී කාන්තා කේවල ශූරතාව නවක ක්‍රීඩිකා එල්. අමරසේන විසිනුත් එහි අනුශූරතාව එම ආයතනයේම අරුණි සමරකෝන් විසින්ද දිනාගන්නා ලදී. අරුණි සමඟ එක්ව යුගල කාන්තා ශූරතාව දිනාගැනීමට එල්. ආර්. තල්ගස්පිටිය සමත්විය.

ජනසතු සේවා ආයතන 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කට ආසන්න පිරිසක් මෙම ශූරතාවලියට එක්ව සිටි අතර පිරිමි යුගල ශූරතාව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඊ. ඩී. එන්. පුෂ්පකාර සහ ටී. ජයන්ත විසින් රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ කේ. එස්. ප්‍රියංකර හා ඩී. සංජීව පරදවා දිනා ගන්නා ලදි. තරගාවලිය දින 5 ක් පුරාවට කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැත්විණි.

මාතලේ සාන්ත තෝමස් ක්‍රීඩක උපහාරය මෙවර ජයසූරියට

මාතලේ ඕල්ඩ් තෝමියන්ස් මලල ක්‍රීඩා සමාජය මඟින් 2002 වසරේ සිට මාතලේ සාන්ත තෝමස් ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගයේ නැඟී එන මලල ක්‍රීඩකයාට පිදෙන රංජිත් ලියනගේ අනුස්මරණ අභියෝගතා කුසලානයට සමගාමීව වාර්ෂිකව සිදුකරන ක්‍රීඩක උපහාර ත්‍යාග ව්‍යාපෘතිය යටතේ මෙවර (2016) එම විදුහලෙන් බිහිවූ දක්ෂ මලල ක්‍රීඩකයකු වන එල්. එම්. ජයසූරිය මහතාට උපහාරයක් ලෙස ඒ මහතා නමින් එම ත්‍යාගය පිරිනැමීමට නියමිතය. ජයසූරිය මහතා 1950 දශකය අගදී එම විදුහලින් බිහිවූ ජාතික ශූරතා දිනූ මලල ක්‍රීඩකයෙකි. 1955 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවයේදි මීටර් 200 තත්. 23.3 කින් නිමකොට සම වාර්තාවක් තැබූ ඔහු මුල් වරට ජාතික මට්ටමේ වාර්තාවක් තැබූ මාතලේ දිසාවේ මුල්ම පාසල් ක්‍රීඩකයාද වේ.

උපහාර ත්‍යාගය සඳහා අනුග්‍රහය දැක්වූ එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සම්පත් බැංකුවේ පද්ධති සහායක නිලධාරි අමිල සම්පත් විජේරත්න මහතා වෙනුවෙන් ඒ මහතාගේ මව වන සාන්ත තෝමස් ජාතික පාසලේ ආචාරිනී ධර්මලතා විජේරත්න මහත්මිය විසින් එල්. එම්. ජයසූරිය උපහාර ත්‍යාගය සාන්ත තෝමස් විදුහල්පති දම්පිය වනසිංහ මහතාවෙත භාරදුන් අයුරු.

පාසල් මුහුදු පිහිනුම් තරගාවලිය 31 දා මහදම්පාගම වෙරළ තීරයේදී

අම්බලන්ගොඩ ගා/ මහදම්පා මධ්‍ය මහ විද්‍යාලයෙ මඟින් 5 වන වරටත් පවත්වනු ලබන අන්තර් පාසල් කි. මී. 2 මුහුදු පිහිනුම් තරගාවලිය 2016 ජනවාරි 31 ඉරුදින පෙ. ව. 7.00 මාදම්පාගම උස්මුදුලාව මන්සන්දිය වෙරළ තීරයේදී පැවැත්වේ. මෙම තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ සහාය ඇතිව පවත්වනු ලබන අතර විනිශ්චය කටයුතු ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය හා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සිදුකරනු ලබයි.

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, සීනිගම ගුණ ජය සතුට පදනම හා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය කටයුතු කරනු ලබයි.

පිරිමි හා කාන්තා වෙන වෙනම තරග දෙකක් පවත්වනු ලබන අතර තරගය අවසන් කරනු ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම වටිනා සහතික පතක් පිරිනැමේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්