‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

හදින් හදට පියාඹන කිරිල්ලිය

හදින් හදට පියාඹන කිරිල්ලිය

ලෝක ටෙනිස් ක්‍රීඩාව මේ දවස්වල බරපතළ චෝදනාවකට මැදිව තිබේ. ඒ චෝදනාව, දශකයකට ආසන්න කාලයක් තුළ සිදුවුණේ යැයි කියන තරග පාවාදීම් විෂයයෙහි ඇතිවුණු එකකි. ප්‍රධාන පෙළේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ නම් මේ චෝදනාවට ඈඳී තිබේ. කිසිකෙනකු විශ්වාස නොකරන තරමට බරපතළ වූ මේ චෝදනාව ඇතුළත් මාධ්‍ය වාර්තාව පසුගියදා බී.බී.සී. වෙබ් අඩවියේ පළවිණ. මාධ්‍යය වාර්තාව පළවීමත් සමඟ කලබලයට පත් ප්‍රධාන පෙළේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම තමන්ගේ නිර්දෝෂීභාවය ලෝකයාට ඒත්තු ගන්වනු වස් නොයෙක් ආකාරයේ ප්‍රකාශ සිදු කරමින් සිටිති.

ප්‍රකට ටෙනිස් ක්‍රීඩිකා මරියා ෂරපෝවා නම් කියන්නේ පසුගිය දශකයක කාලය තුළ ටෙනිස් තරග පාවාදීම් සිදුවුණේ යැයි කියා තමන් විශ්වාස නොකරන බවකි. ඒ වගේම එවැනි තරග පාවාදීම් සිදුවුණු බව තමන් නොදන්නා බවත් ඈ කියා සිටින්නීය. ඒ සමඟම ඈ මාධ්‍යට පවසා තිබුණේ ක්‍රීඩාව යනු මහා ධනස්කන්ධයක් බවය. වැඩි වැඩියෙන් තරගවලට සහභාගි වී වැඩි වැඩියෙන් මුදල් උපයන තරමට තමන් සාර්ථක බව ඒ අවස්ථාවේදී ඈ මාධ්‍යයට නොකියා කියා තිබිණ. එනිසා එවැනි තත්ත්වයක් නැතිකර ගන්නේ මන්ද යන ප්‍රශ්නය ඇගේ මාධ්‍ය සාකච්ඡාවේ ඡායාවක් ලෙස අන්තර්ගතව තිබුණේය.

මරියා ෂරපෝවා යනු ටෙනිස් ක්‍රීඩාව හරහා මහා ධනස්කන්ධයක් රැස් කළ ක්‍රීඩිකාවකි. ‘ෆෝර්බ්ස්’ සඟරාව වරක් කියා සිටියේ ඈ වසරකට උපයන මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 18 ද ඉක්මවා යන බවකි. 2012 වසරේදී ඒ සඟරාව පෙන්වා දුන්නේ ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩිකාවන් අතර මරියා ෂරපෝවාට හිමිවන්නේ 20 වන ස්ථානය කියාය. ඇයට මේ මුදල් ලැබී තිබෙන්නේ හුදෙක් ක්‍රීඩා කිරීම නිසා පමණක්ම නොවේ. දක්ෂ ක්‍රීඩිකාවක ලෙස උපයාගෙන ඇති කීර්ති නාමය හරහා වෙළෙඳ දැන්වීම්වලට පෙනීසිටීම තුළින් ඈ ලබන ආදායමත් සැලකිය යුතු තරම්ය.

ඒ හැරුණුවිට නොයෙක් සමාජ සත්කාරක වැඩ පිළිවෙළවල්වලට සහභාගි වීමෙන් මරියා අත්පත් කරගන්නා ප්‍රසිද්ධිය සහ හොඳ නමත් ඒ ධනස්කන්ධයටම දෙවෙනි නැත. ඒ තරම් ධනයකට සහ කීර්තියකට හිමිකම් කියන මේ සුන්දර රුසියානු කෙල්ල තවමත් පසුවන්නේ විසි අට වැනි වියෙහිය. ඒ වගේම ඈ තවමත් ‘තනිකඩය’. නමුත් ඇගේ ජීවිතය පිරිමින්ගෙන් තොර තැනක් නම් නොවන වග ඉඳුරාම පැවසිය යුතුව ඇත.

මරියා ෂරපෝවා නැමැති ටෙනිස් ක්‍රීඩිකාව පෙම්වතියක වග ලෝකයා පළමුවෙන්ම දැන ගත්තේ ඈ දහ අට වැනි උපන්දිනය සැමරූදාය. වයස අවුරුදු දහ අට වන විට මරියා ටෙනිස් ක්‍රීඩාවෙන් අංක එකේ ක්‍රීඩිකාවක බවට පත්ව සිටි බව කාටත් රහසක් නොවේ. ඒ හරහා ලැබුණු මිල මුදල්, අවශේෂ සම්පත්, ජනප්‍රියත්වය ඇගේ ළපටි වයසට නොගැලපුණාක් මෙනි. එයින් සිදුවුණේ ඈ සමාජශීලී ජීවිතයකට අධික ලෙස ලොල්වීමය. මේ ජීවන රටාව තුළ මරියාට සමීපවූ පළමු පුද්ගලයා ඇඩම් ලෙවීන් නැමැති තැනැත්තාදැයි අපි හරියටම නොදනිමු. නමුත් මාධ්‍යය වාර්තාවල නම් සඳහන් වන්නේ ඈ පළමුව හාදකම් පැවැත්වූයේ ඇඩම් ලෙවීන් සමඟ යැයි කියාය.

ඇඩම් ලෙවීන් යනු ‘මරූන් - ෆයිව්’ අමෙරිකා සංගීත කණ්ඩායමේ ගායකයෙකි. ‘මරූන් - ෆයිව්’ සංගීත කණ්ඩායම මරියාට හමුවන්නේ ඇගේ 18 වැනි උපන් දින සාදයේදීය. එදා ඒ විදියට මරියා සහ ඇඩම් ඇති කරගත් ඇයිහොඳයිය වැඩි කාලයක් රඳා පැවතුණේ ද නැත. මරියා ගැන තොරතුරු සඳහන් කරන ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙන්නේ මරියා ඇඩම් සමඟ සම්බන්ධය ඇති කරගත් 2005 වසරේදීම එය බිඳී ගියේ කියාය.

ඇඩම්ගෙන් සමුගත් මරියා ඊළඟට හාදකමක් ඇති කරගන්නේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සමඟයි. ඔහු නමින් චාර්ලි එබර්සෝල්ය. චාර්ලි චිත්‍රපට නිෂ්පාදකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හැටියටත් හොලිවුඩයේ නමක් දිනාගත් කෙනෙකි. මරියා සහ චාර්ලි අතර සම්බන්ධය 2008 වසරේදී ඇති වී යැයි කරුණු සඳහන් වේ. නමුත් ඒ හැටි කාලයක් ඔහුට මරියාගේ පෙම්වතා වී සිටින්නට ඉඩක් ලැබුණේ නැත. කිරිල්ලිය ඒ ඇසුරද දමා හැර පියඹා ගියාය. එයින් පසුව මේ මෑතකදී චාර්ලි යළි ප්‍රකට වූයේ බ්‍රිට්නි ස්පියර්ස්ගේ පෙම්වතා හැටියටයි.

චාර්ලිගෙන් පසුව මරියා නවතින්නේ සාෂා වුජුසිස්ගේ ඇසුරෙහි බව දැක්වේ. සාෂා ස්ලෝවැකියා ජාතික පැසිපන්දු ක්‍රීඩකයෙකි. මරියා සහ සාෂා අතර සම්බන්ධය 2009 වසරේදී ඇරඹිණ. එවර නම් ඈ දිගු සම්බන්ධයකට මුල පිරූ සැටියක් පෙනෙන්න තිබුණේය. එය කෙතරම් දුර දිග ගියාද කිවහොත් 2011 වසරේදී ඔහුන් අතර විවාහ ගිවිස ගැනීමක්ද සිදුවිණ. එතෙක් දුර රැගෙන ආවත් කුමක් හෝ වරදක් නිසා ඔවුහු ඉන්පසු වසරේදී - එනම් 2012 වසරේදී එකිනෙකාගෙන් වෙන්වූහ.

සාෂාගෙන් වෙන්වීම මරියාට, ග්‍රිගෝර් දිමිත්‍රෝව්ට ආදරය කරන්නට හොඳ මඟක් වී තිබුණේය. ග්‍රිගොර් දිමිත්‍රෝව් බල්ගේරියානු ජාතික ටෙනිස් ක්‍රීඩකයෙකි. තවමත් විසි හතර හැවිරිදි මේ ක්‍රීඩකයා මරියා සමඟ ප්‍රේම සම්බන්ධයකට මුලපුරා තිබුණේ ඔහුට වයස අවුරුදු 21 වන විටම වාගේය. එකල මරියාගේ වයස අවුරුදු 25 ක් පමණ විය. තරමක් නොගැළපෙන මට්ටමක පැවැති මේ සම්බන්ධකම වුව දෙවසරකට ආසන්න කාලයක් පුරා මිස ඉන් එහාට රැගෙන යන්නට දෙදෙනාටම බැරිවිණ. පසුගිය වසරේ ජූලි මාසයේ පළවුණු මාධ්‍ය වාර්තාවල දැක්වුණේ මරියා ෂරපෝවා සහ ග්‍රිගෝර් එකිනෙකාගෙන් සමුගෙන ඇත කියාය.

ඒ අනුව බලන විට මරියා ප්‍රසිද්ධියේම ප්‍රේම සම්බන්ධතා හතරක් පමණ පවත්වා ඇත. නමුත් ඒ එක් පිරිමියකුවත් විවාහ කරගන්නට ඈ පෙලඹී නැත. ඇගේ ඒ සම්බන්ධකම් බිඳ වැටෙන්නට හේතුවූයේ කවර ආකාරයේ කාරණාදැයි වැඩිදුරටත් සඳහන් නොවේ. කොහොම වුණත් ඇගේ ප්‍රේම සම්බන්ධතා ඉතා ඉක්මනින් බිඳ වැටුණු බව නම් පැහැදිලිවම පෙනී යයි. දැන් ඉතින් මරියා ෂරපෝවා නැමැති කිරිල්ලිය නැවතත් නිදහසේය. තවත් ටික දවසකින් ඒ කිරිල්ල කාගේ හෝ හද නවාතැන කරගෙන ඇති වග ආරංචි වනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්