‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

ඉනිම දෙකේදීම ඩී.එස්ට බිංදුව

ඉනිම දෙකේදීම ඩී.එස්ට බිංදුව

ඩී.එස්. සහ ඩඩ්ලිගේ ක්‍රිකට් දිවිය පිළිබඳ ඔබ නොදත් තොරතුරු...

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ක්‍රීඩා කළ නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතා වේගයෙන් පන්දුවට පහරදෙන දකුණත් පිතිකරුවකු හා කඩුලු රකින්නකු විය.

1884 වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බෝතලේ ගම්මානයේදී උපත ලැබූ ඩී. එස්. සේනානායක මහතා 1901 හා 1902 යන වසර දෙකේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවකු විය. එම වසර දෙකේදීම එතුමා ක්‍රීඩා කළේ ලංකා කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට පිතිකරුවකු වූ ඩී. එල්. ද සේරම්ගේ නායකත්වය යටතේය.

1901 වසරේ මාර්තු මස 4 හා 5 යන දෙදින තුළ කොළඹ ක්‍රිකට් සමාජ (සී. සී. සී.) ක්‍රීඩංගණයේ පැවැති රාජකීය සාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගයේදී සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් එක් ක්‍රීඩකයකු දැවී ගිය පසු පිටියට පිවිසි ඩී. එස්. ඉනිම දෙකේදීම අවාසනාවන්ත ලෙස ලකුණු නොලබා දැවී ගියේය. දෙවරම ඔහුගේ කඩුල්ල දවාගනු ලැබුවේ දක්ෂ ආරම්භක වේග පන්දු යවන්නකු වූ ඩී. බී. ගුණසේකරයි. ඊළඟ වසරේ පැවැති තරගයේදී ද ඔහුට ලබාගත හැකිවූයේ එක් ලකුණක් පමණි.

මේ වසර දෙක තුළදිම ඩී. එස්. සේනානායක මහතා සමඟ රාජ්‍ය මන්ත්‍රන සභාවේ ප්‍රථම කතානාකවරයා බවට පත්වූ ෆ්‍රැන්සිස් මොලමුරේ (ඒ. එෆ්. මොලමුරේ) මහතා හා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ එකම මැලේ ජාතිකයා වූ ඒ. සී. අමාත් ද ක්‍රීඩා කළහ. ඊළඟ වසරේ (1903) සාන්ත තෝමස් කණ්ඩායම මෙහෙවවන ලද්දේ ෆ්‍රැන්සිස් මොලමුෙර්ය.

1910 හා 1911 යන වසරවල එන්. සී. සී. ක්‍රීඩා සමාජය හා එස්. එස්. සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ ඩී. එස්. සේනානායක මහතා මිය යන තෙක්ම මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සමඟ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සමඟද බැඳී සිටියේය.

1931 වසරේ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්. එස්. සී.) සිවුවැනි සභාපතිවරයා බවට පත්වූ ඒ මහතා එම වසරේම ලංකා ක්‍රිකට් සංගමයේ (The Ceylon Cricket Association) මුල් පුටුවට පත් විය. 1952 වසරේ අභාවප්‍රාප්ත වන තුරුම හෙතෙම විසි දෙවසරක් සිංහල ක්‍රීඩා සමාජයේ සභාපතිත්වය ඉසිලුවේය.

ඩී. එස්. සේනානායක මහතාගේ වැඩිමහලු පුතණුවන් වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා 1927 වසරේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වන විට ඔහුගේ වයස අවුරුදු 16 කි.

දක්ෂ දකුණත් පිතිකරුවකු වූ ඩඩ්ලි සේනානායක මහතා 1927 වසර් මාර්තු මස 24 හා 25 දෙදින තුළ සිංහල ක්‍රීඩා සමාජයීය ක්‍රීඩාංගණයේදී පැවැති මහ ක්‍රිකට් තරගයේදී හතරේ පහර අටක් සමඟින් ලකුණු 48 ක් රැස් කළේය.

1928 වසරේ පැවැති රාජකීය සාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගයේදී ඩඩ්ලි ලකුණු 25 ක් රැස් කළ අතර නායක ආර්. හෙර්මන් ලකණු 60 ක් ලබා ගත්තේය. එම වසරේ ලංකාවේ සංචාරයක නිරත වූ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර සාන්ත පීතර විදුහලේ කණ්ඩායමට එරෙහිව තරග කළ සාන්ත තෝමස් පිලට ඩඩ්ලි ද ඇතුළත් විය.

රාජකීය සාන්ත තෝමස් ජුබිලි (50 වැනි) මහ ක්‍රිකට් තරගය පැවැත්වූයේ 1929 වසරේ මාර්තු මස 14 හා 15 දෙදින තුළ සිංහල ක්‍රීඩා සමාජ (එස්. එස්. සී.) ක්‍රීඩාංගණයේදීය. එන්. කන්දයියාගේ නායකත්වය යටතේ රාජකීය පිලද, ආර්. හෙර්මන්ගේ මෙහෙයවීම යටතේ සාන්ත තෝමස් කණ්ඩායමද තරග බිමට පිවිසියේය.

ඩඩ්ලි සේනානායක මෙන්ම ඔහුගේ බාල සොහොයුරු රොබට් සේනානායක ද සාන්ත තෝමස් කණ්ඩායම නියෝජනය කළහ. ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි රොබට් සේනානායක දක්ෂ ලෙස ලකුණු 46 ක් රැස් කළේය. ඔහු දෙවැනි ඉනිමේ ලකුණු දෙකකට දැවී ගියේය. ඩඩ්ලි සේනානායක පළමු ඉනිමේ ලකුණු 32 ක්ද, දෙවැනි ඉනිමේ ලකුණු 14 ක්ද රැස් කිරීමට සමත් විය. දෙවරම ඔහු දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

පන්දු යැවීමේදී ද දස්කම් දැක්වූ ඩඩ්ලි සේනානායක ක්‍රීඩකයා පසු කලෙක සුපිරි පිතිකරුවකු මෙන්ම ලංකා කණ්ඩායමේ නායකත්වයද දැරූ එෆ්. සී. ද සේරම්ගේ කඩුල්ල, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලබා ගත්තේය. ඒ වන විට ඔහු ලකුණු 72 ක් රැස් කර තිබිණි. ඔහු පළමු ඉනිමේ ඕවර 6 ක් යවා ලකුණු 36 ට එක් කඩුල්ලක් ලබා ගත්තේය. රාජකීය පිලට පසු කලෙක ලංකා කණ්ඩායම නියෝජනය කළ සාගෝ ජයවික්‍රම ද ඇතුළත් විය.

එංගලන්තයේ කේම්බ්‍රිජ් හි ක්‍රිස්ටි විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබන සමයේ (1932 -33) ඔහු ‘ඉන්දියන් ජිම්කානා’ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය.

එංගලන්තයේ අධ්‍යාපනය ලබා ලංකාවට ආ පසුද ඔහු විටින් විට එස්. එස්. සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය. එස්. එස්. සී. ක්‍රීඩා සමජයේදී ඩඩ්ලි හා සම්බන්ධ රසවත් සිදුවීම් ගණනාවක්ම තිබේ. දිනක එක්තරා අන්තර් සමාජීය තරගයක් සඳහා ඩඩ්ලි හා සාගෝ ජයවික්‍රම පැමිණියේ තරගය ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදීය. මේ වරදට සුළු දඬුවමක් දිය යුතු යැයි තීරණය කළ නායක එල්. ඩී. එස්. ගුණසේකර තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ හැකිදැයි ඩඩ්ලිගෙන් හා සාගෝ ජයවික්‍රමගෙන් විමසීය. මීට පෙර ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කර නොතිබූ ඩඩ්ලි පිටියට පිවිසුණේ කිසියම් චකිතයකින් යුතුවය. එහෙත් කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි පළමු කඩුල්ල සඳහා අනගි සබඳතාවයක් පිහිටවූ මේ දෙදෙනා ඒ දවස පුරාම තරගය තම අණසකට නතුකර ගත්හ. ඩඩ්ලි සේනානායක නොදැවී ලකුණු 103 ක්ද, එස්. එස්. (සාගෝ) ජයවික්‍රම නොදැවී ලකුණු 134 ක්ද ලබා ගත්හ. මේ පිතිකරුවන් දෙදෙනා එදා පළමු කඩුල්ල සඳහා ලකුණු 246 ක වටිනා සබඳතාවක් පිහිටු විය. මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගවල ඒ වන විට පළමු කඩුල්ල සඳහා වැඩිම ලකුණු සබඳතාවය පිළිබඳ වාර්තාව බිඳ හෙලීමට ඔවුන්ට තවත් ඉතිරිව තිබුණේ ලකුණු 4 ක් පමණි.

ඩඩ්ලි සේනානායක මහතා 1952 වසරේ සිට 1972 දක්වා විසි වසරක් සිංහල ක්‍රීඩා සාමජයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළේය. කෙසේ වුවද එතුමා කිසි දිනෙක මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාන කටයුතුවලට සම්බන්ධ වූයේ නැත.

තුන්වරක් 1952, 53, 1960 හා 65 යන වසරවල මෙරට අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා 1973 වසරේ අප්‍රේල් මස 13 වැනිදා අභාවප්‍රාප්ත වන තුරුම රාජකීය සාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගයේ ප්‍රේක්ෂකයන් අතර නොවරදින චරිතයක් විය.

ඔහුගේ බාල සොහොයුරු රොබට් සේනානායක (1913 - 1986) මෙරට ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයකි. ඔහු වසර තුනක් (1930, 31 හා 32) සාන්ත තෝමස් විද්‍යාලීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවිය. 1956 වසරේ සිට 1976 දක්වා විසි වසරක් මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුව හෙබවූයේ ඔහුය. ඔහු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සැසිවාරයන් සඳහා සහභාගිවූයේ තමාගේ පෞද්ගලික වියදමෙනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්