Hafele සැලසුම් මධ්‍යස්ථානය කොළඹ දී විවෘත වෙයි
Hafele
සැලසුම් මධ්‍යස්ථානය
කොළඹ දී විවෘත වෙයි
 ජර්මානු හාඩ්වෙයාර් තාක්ෂණ ක්ෂේත්‍රයේ අන්තර්ජාතික ප්‍රමුඛයා වන Hafele සිය
නවීනතම තාක්ෂණයෙන් යුතු විශාලතම සැලසුම් මධ්‍යස්ථානය කොළඹ නගරයේ විවෘත
කරන්නේ ගෝලීය පරිමාණයෙන් පිළිගැනීමට පාත්‍රව ඇති නවෝත්පාදක විසඳුම් හා
වාස්තු විද්‍යාත්මක සැලසුම් උපකරණ සහිත එම වර්ගයේ පළමු ප්‍රදර්ශනාගාරය
ශ්‍රී ලංකාව තුළ විවෘත කරමිනි. ඩුප්ලිකේෂන් පාරේ නන්දන ගාර්ඩ්න්ස්හි පිහිටා ඇති
මේ නවතම පරිශ්‍රය ගෘහ අභ්‍යන්තරය පිළිබඳ සජීවී සංකල්පය දේශීය
පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. මේ මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ Hafeleට හිමි
වනු ඇත්තේ දකුණු ආසියාව තුළ සිය සමාගමටම අයත් 7 වැනි සැලසුම්
මධ්‍යස්ථානයයි.
මේ මධ්‍යස්ථානය දියත් කිරීමත් සමඟ Hafele පළමු වරට සිය ICONIC පරාසයට අයත් ගෘහ
උපකරණ හා නාන කාමර නිෂ්පාදන ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළට ගෙන එන්නේ මුළුතැන්ගෙයට
සහ නාන කාමරයට අසිරියක් එක් කරමිනි.
ඉතාලිය, ස්වීඩනය, ජර්මනිය වෙතින් පැමිණෙන මේ සුපිරි අනර්ඝ නිෂ්පාදිත සන්නාම -
සම්ප්‍රදාය, තාක්ෂණය හා අසමසම ගුණයෙන් පිටුබලය ලැබ අනර්ඝතම අන්තර්ජාතික
නිෂ්පාදිත වෙළෙඳපොළ ජයගන්නා මූලික ශක්‍යතාවන්ගෙන් සමන්විතය. මේ ICONIC
සන්නාමයන්ගේ ක්‍රියාකාරිත්වය පාරිභෝගිකයින්ට අත්විඳිය හැක්කේ කොළඹ පිහිටි
නවතම සැලසුම් මධ්‍යස්ථානයෙහි දී පමණකි.
|