‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»

ලෝක ආර්ථික සමුළුව
සිවුවැනි කාර්මික විප්ලවයට මඟ

ලෝක ආර්ථික සමුළුව

ලෝක ප්‍රසිද්ධ සමාගම් 2500ක් එක්වෙයි

කොළඹ ආර්ථික සමුළුව අනාගත ශ්‍රී ලංකාවට ආර්ථික වාසි ගෙන දුන් සමුළුවකි. එම සමුළුව නිසා ශ්‍රී ලංකාව අන්තර්ජාතික ආයෝජකයන් අතර විශාල වශයෙන් ප්‍රචාරයට පත් විය.

එම සමුළුව නිමාවීමත් සමඟම, ශ්‍රී ලංකාවට තවත් ආර්ථික සමුළුවකට ඇරියුම් ලැබිණි. ලෝක ආර්ථික සමුළුව 2016 නමින් හැඳින්වෙන එකී සමුළුවට ශ්‍රී ලංකාව ඇරියුම් ලැබු ප්‍රථම අවස්ථාව මෙයයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන විෂයයෙහි ප්‍රමුඛතම ඇමැතිවරුන් දෙදෙනකු වන රවී කරුණානායක සහ මලික් සමරවික්‍රම ඇමැතිවරු ද එම සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරති.

ලෝක ආර්ථික සමුළුව 2016 හෙවත් ස්විස් ආර්ථික සමුළුව ඊයේ (23) ස්විට්සර්ලන්තයේ DAVOS හිදී නිමාවට පත් විය. ඇල්ප්ස් කඳුකරයේ නැ‍ඟෙනහිරට වන්නට පිහිටි, සුන්දර වටපිටාවක් සහිත DAVOS හි රැස්වීම් ශාලාවට ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන 2500ක නායකයෝ රැස්ව අනාගත ලෝක ආර්ථිකයේ හැඩරුව සකස් කිරීමේ උත්සාහයක නිරත වූහ.

ග්‍රාමීය ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවට ස්විස් ආර්ථික සමුළුව දිරවා ගත නොහැකි බර ආර්ථික වට්ටෝරුවක් සහිත කෑම වේලක්දැයි සැක කිරීමටත් කෙනෙකුට හැකියාව තිබේ.

වසර 45ට පෙර යුරෝපියන් මැනේජ්මන්ට් පෝරම් නමින් ආරම්භ වූ මේ සංවිධානය එදා අරඹන ලද්දේ යුරෝපීය ආර්ථික කළමනාකරණය වඩාත් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමත්, ඊට අයත් ගැටලු සඳහා පිළියම් සොයා විසඳුම් ඉදිරිපත් කිරීමත් සඳහාය. ස්විස් ‍රජය ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දුන්නේය. එසේම ඇමෙරිකානු ව්‍යාපාරික කළමනාකරණ විධි යුරෝපීය රටවලට හඳුන්වා දී, යුරෝපීය ආර්ථිකය ශක්තිමත් කිරීමත් එදා ක්‍රියාත්මක වූ අරමුණකි. එය සාර්ථක වූ අරමුණකි.

ජිනීවා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පීඨයේ මහාචාර්ය ක්ලාවුස් ෂුවබ්ගේ අදහසක් උඩ ඇරැඹි මේ සංවිධානයට යුරෝපිය රාජ්‍ය හවුලේ සම්පූර්ණ සහාය ද එදා ලැබිණි. අවශ්‍ය වියහියදම් දැරීමට යුරෝපිය, ඇමෙරිකානු සහ ජපාන සමාගම් ඉදිරිපත් විය. 1987 ඇතිවූ ලෝක දේශපාලන බල ගැටුම් සහ මත ගැටුම් කලාපීය ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම ව්‍යවසායකයනට සෙනසුරු අපලයක් වනු දුටු එම සංවිධානය එහි බලවසම යුරෝපයට සීමා නොකර එහි වපසරිය තවත් පුළුල් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව එය සමස්ත ලෝකයටම පොදු ආර්ථික සංවිධානයක් බවට පත් විය. එහි නම ද ඊට සරිලන පරිදි WORLD ECONOMIC FORUM යනුවෙන් වෙනස් කරන ලදී. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙකී ආර්ථික සංවිධානයට නිරීක්ෂණ මට්ටමේ පිළිගැනීමක් හිමිකර දුන්නේය.

එදා යුරෝපිය ආර්ථික පුනරුදය සඳහා පමණක් කටයුතු කළ එය අද ලෝක ප්‍රජාවගේම ආර්ථික සංවර්ධනය සඳහා ඇප උපකාර කිරීමයි. ඉන්දියාව පාකිස්ථානය මෙන්ම චීනය ද මෙවර සමුළුවට සහභාගි විය.

අරාබි - ඊශ්‍රායෙල් යුද ගැටුම් නිසා 1973, 1974 එම කලාපීය රටවල ව්‍යාපාරික ආයතන පවත්වාගෙන යෑම අසීරු විය. මේ ගැටලුවෙන් ජය ගැන්ම සඳහා මේ ආර්ථික සමුළුව කලාපයේ දේශපාලනඥයනට ද ඇරියුම් කෙළේය. මෙතෙක් ව්‍යාපාරිකයනට හා ආර්ථික ක්ෂේත්‍රයේ වෘත්තියවේදීනට පමණක් විවෘත ව තිබූ ස්විස් ආර්ථික සමුළුව දේශපාලනඥයනට විවෘත වූයේ ඒ අයුරිනි. දේශපාලනඥයනට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගත ගැටලු පහදා දීම ද, ඒවාට විසැඳුම් පෙන්වා දීමට ද සමුළුව ගත් පියවර නිසා ව්‍යාපාරික ආයතනයන්හි අඛණ්ඩ පැවැත්ම සහතික කර ගැනීමට ද අවස්ථාව ලැබිණි.

පීටර්ස්බර්ග් සමුළුව

පසමිතුරු දේශපාලනඥයන්ගේ දේශපාලන විරසකයන් ද බොහෝ විට ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි අඩාළ වීම් ඇති කරයි. මෙවැනි අවස්ථා දුරලීමට 1972 දී සමුළුවට අවස්ථාව හිමි විය. දකුණු අප්‍රිකාවේ සුදු ජාතික නායක එෆ්. ඩබ්ලිව්. ඩික්ලාක් සහ නෙල්සන් මැන්ඩේලා එකට එක්ව අතට අත දුන් අවස්ථාව 1972 ජනවාරි ආර්ථික සමුළුවේ දී සිදු විය. මේ සබඳතාව දකුණු අප්‍රිකාවේ දේශපාලන හා ආර්ථික මෙන්ම ව්‍යාපාරික ප්‍රගමනයට ද හේතු විය. එසේම ඊශ්‍රායල් - අරාබි ගැටුම් සමනය කර ජෙරිකෝ සම්මුතිය ඇති කිරීමේ දී සමුළුව මහත් දායකත්වයක් සැලසීය.

දේශපාලන අරමුණු නෑ

ස්විස් ආර්ථික සමුළුවේ සාර්ථකත්වය අනුව සිය ආර්ථිකයටත් එම සංකල්පය වැද්ද ගැනීමට රුසියාව පීටස්බර්ග් ලෝක ආර්ථික සමුළුව නමින් සමුළුවක් කැඳවීය. එහෙත් එයට එතරම් ව්‍යාපාරික සහායක් ලැබුණේ නැත. මෙවර ස්විස් ආර්ථික සමුළුවට රුසියාව ද නියෝජිත කණ්ඩායමක් සහභාගි කරවීය. එසේ කරන්නේ හුදෙක් එය දේශපාලන ටියුෂන් පන්තියක් නොවන නිසාය. රුසියාවටත් එයින් ප්‍රයෝජනයක් තිබෙන නිසාය.

ලෝක ආර්ථික සමුළුවේ කිසිදු දේශපාලන අරමුණක් නැත. ඇමෙරිකාවේ නිව්යෝක් සිටි නුවර මෙන්ම චීනයේ බෙයිජිං නුවර ද ශාඛා කාර්යාල පිහිටා තිබේ. චීනය සිය වත්මන් ආර්ථික ප්‍රතිපත්ති සැලැසුම් කිරීමේ දී මෙන්ම, ඒවා ක්‍රියාත්මක කිරීමේදී ද ලෝක ආර්ථික සමුළුවේ උපකාර ගත් අවස්ථා තිබේ. චීනයේ ශාඛා කාර්යාලය විවෘත කරන ලද්දේ 2006 දීය.

මේ සමුළුව නඩත්තු කිරීම සඳහා මූල්‍ය ආධාර සපයන්නේ එහි සාමාජිකත්වය දරන ව්‍යාපාරික සමාගම් 1000කට අධික ආයතනයයි. වාර්ෂිකව ඩොලර් බිලියන .5 මූල්‍ය ප්‍රතිපාදන සමුළුවට හිමි වේ. අනාගත ලෝකය පිළිබඳ ව්‍යාපාරික දැනුම ලබාගැනීම සඳහා තමන් යම් ආයෝජනයක් කළ යුතු යැයි පවසන එම සමාගම්, සමුළු සාකච්ඡා මඟින් නිසි පල ගැනීමට වගබලා ගනී.

ගෝලීයකරණයත් සමඟ ඊට එරෙහි මතවාද පැතිරුණු සමයේ ජී සෙවන්, ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක වෙළෙඳ සංවිධානය (WTO) වැනි ආයතනයන්ට මහජන විරෝධතා ගොනු කළ කණ්ඩායම් මෙම වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් සංවිධානයට ද විරෝධය පෑමට පටන් ගත්තේය.

ගෝලීයකරණය පරිසර විනාශය සහ දිළිඳුකම පතුරුවන්නක් යැයි චෝදනා කළ ඔවුහු මෙකී සමුළුව පැවැත්වෙද්දී, විරෝධතා සඳහා පෙරට පැමිණියහ. එවැන්නක් 2000 සැප්තැම්බරයේ ඔස්ට්‍රේලියාවේදී සිදු විය. ස්විට්සර්ලන්තයේදී පවත්වන ලද 2003 සමුළුවේ කටයුතුවලට ද විරෝධතාවන් එල්ල විය.

ලෝක ආර්ථික සමුළුව අගනා මාධ්‍ය මෙහෙව‍රකට ද දායක වන්නේ ඔවුන්ගේ ප්‍රකාශන මඟිනි. ලෝක බැංකු වාර්තා, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තා මෙන්ම, මෙම සමුළු වාර්තා ඉතා ප්‍රශස්ථ මට්ටමක පවතී. ඒවා සකස් කරනු ලබන්නේ ලොව ඉහළම මට්ටමේ වෘත්තිකයන් විසිනි. ඒවාට විෂය වන්නේ ව්‍යාපාරික ලොව නවතම නිර්නායකයන්ය. නැත්නම් නවතම ආකල්පයන්ය. විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාවට වැදගත් ප්‍රකාශන හා සමීක්ෂණ වාර්තා රාශියක් දැනට ප්‍රකාශිතව තිබේ.

ලෝක සංචාරක කර්මාන්තය පිළිබඳ 2007 වාර්තාව ලෝක සංචාරක කර්මාන්තයට අත්පොතකි. එසේ ම ජාතින් අතර වෙළෙඳාම දියුණු කිරීමට ඉවහල් වන වාර්තාවක් 2008 දී එළිදක්වා ඇත.

මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූයේ හතරවැනි කාර්මික විප්ලවය යන්නය. කාර්මික විප්ලවය යනු අතින් නිම කළ භාණ්ඩ යන්ත්‍ර සූත්‍රවලට පැවැරීමයි. ප්‍රධාන වශයෙන් මේ යුගය ඇරැඹුණේ 1760 දී පමණය. වසර 50ක් වන විට එය නොසිතූ තරම් වේගයෙන් ඉදිරියට ගොස් කර්මාන්ත ශාලා පහළ විය. වාෂ්ප යන්ත්‍ර ක්‍රියාත්මක වීම ප්‍රථම කාර්මික විප්ලවයයි.

බ්‍රිතාන්‍ය රෙදිපිළි කර්මාන්තය යාන්ත්‍රිකරණය වූ අතර දැවැන්ත වානේ කර්මාන්තයේ ආරම්භය බෙලිජියමයි. වන සතුන් හිලෑ කරගැනීම මිනිස් ශිෂ්ටාචාරයේ මුල් පියවර වශයෙන් වැදගත් වන්නා සේම, දෙවන වැදගත් පියවර වූයේ කාර්මික විප්ලවයය. මානව ශිෂ්ටාචාරයේ දෙවන කඩඉම එයයි.

දෙවන කාර්මික විප්ලවය පටන්ගත්තේ 1870 දී පමණය. එයට බලපෑවේ විදුලි බලයයි. ජල වාෂ්ප හා ගල් අඟුරු වෙනුවට විදුලි බලය පාවිච්චි කිරීම සමඟ වානේ පිරිපහදුව ද අලුත් වී නව සමාගම් පද්ධතියක් පහළ විය.

තුන්වන කාර්මික විප්ලවය ලෙස සැලකෙන්නේ ඉලෙක්ට්‍රොනික සහ සන්නිවේදන තාක්ෂණයේ යුගයයි. එමඟින් ලෝකය එකම ගම්මානයක් කිරීමට මඟ සැලසුණ බවට විශ්වාස කැරේ.

හතර වන කාර්මික විප්ලවය ලෙස සැලකෙන්නේ ඩිජිටල් තාක්ෂණය සහ නැනෝ තාක්ෂණය පිළිබඳ යුගයයි. පරිගණක ආශ්‍රිත නිර්මාණ ද මේ හතර වන කාර්මික විප්ලවයට අයත් යැයි තර්ක කරන්නෝ සිටිති. ඩිජිටල් මීඩියා, ඩිජිටල් කැමරා, ඩිජිටල්, පරිගණක ආදිය සමඟ ඩිජිටල් ඉකොනොමි දක්වා මේ කාර්මික විප්ලවය පුළුල් ව තිබේ.

1995 ද ඩිජිටල් ඉකොනොමි නම් කෘතිය පළ විය. ව්‍යාපාරික ලෝකය තුළ අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය විමසීම එම කෘතියේ සීමා මායිම වුවද, අනාගත ව්‍යාපාරික ලෝකය හැඩගැස්සීමට අන්තර්ජාලය උපයෝගී කරගත හැකි ආකාරය ද එහිලා විමසීමට ලක් විය.

මෙවර සමුළුවේ ප්‍රධාන මාතෘකාව වන්නේ අනාගත ව්‍යාපාරික ඥාන සම්භාරය විදහා පෑමයි.

දැනට ස්වාධීන ක්‍රියාකාරිත්වය සහිත රොබෝවරු නිෂ්පාදනයට හවුල්ව සිටිති. එසේ ම ස්වයං ධාවන ශක්තිය සහිත මෝටර් රථ නිපදවා තිබේ. කෘතිම බුද්ධිමය ඩ්‍රොන යුද කලාපයන්හි ප්‍රහාරයන්ට සම්බන්ධ වෙයි.

ස්වයං ධාවන මෝටර් රථ

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකට තාක්ෂණිකව මෝරා ඇති රටවල ක්‍රමවේද අවශ්‍ය වන්නේ ද යන්න එක්තරා ප්‍රශ්නයකි. ලෝක ආර්ථික සමුළුවට එරෙහිව හඬ නැඟුවන්ගේ එක් චෝදනාවක් වූයේ ද එයයි.

මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව එය වුවද, ශ්‍රී ලංකාව වැනි රටකට පවා වැදගත් වන තවත් මාතෘකා රාශියක් එහිදී සාකච්ඡාවට ගැනේ. ආරක්ෂාව, කාලගුණික වෙනස්කම්, ලෝක ආර්ථික වර්ධනය, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය, සහ ඒවායේ අනාගතය යන විෂයයන් ද එහිදී සාකච්ඡා විණි.

කරුණාරත්න අමරතුංග


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්