‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»

හොල්සිම් ලංකා සමාගමට දෙවැනි වරටත් විශිෂ්ට ජයක්

හොල්සිම් ලංකා සමාගමට දෙවැනි වරටත් විශිෂ්ට ජයක්

හොල්සිම් මානව සම්පත් කළමනාකාර කණ්ඩායම නියෝජනය කළ තුෂාර බාලසූරිය, ලෙස්ලි ගුණසේකර, රොෂිකා පෙරේරා, මලියදේව රණසිංහ සහ ශිරාන් පෙරේරා කුසලානය අතැතිව.

ලෆාජ් හොල්සිම් සමූහයේ සාමාජිකයකු වන හොල්සිම් (ලංකා) සමාගම, පිරිස් කළමනාකරණ අධ්‍යාපන ආයතනය මඟින් සංවිධානය කළ 'Great HR Quiz' තරගාවලියේ දී අඛණ්ඩව දෙවන වරටත් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තේය. මෙම තරගාවලියේදී හොල්සිම් මානව සම්පත් කළමනාකාර කණ්ඩායම ඉදිකිරීම් හා ඉක්මනින් අලෙවි වන භාණ්ඩ කාණ්ඩය යටතේ තරග කළ අතර මෙම කාණ්ඩයේ විශිෂ්ටයන් බවට පත්වීමට ඔවුන්ට මෙම වර්ෂයේ ද හැකියාව ලැබිණි.

හොල්සිම් මානව සම්පත් කළමනාකාර කණ්ඩායම නියෝජනය කරමින් රොෂිකා පෙරේරා, තුෂාර බාලසූරිය, ලෙස්ලි ගුණසේකර, මලියදේව රණසිංහ සහ ශිරාන් පෙරේරා ආදීහු එම තරගාවලියට දායක වූහ. මෙවර තරගාවලිය පුරා තියුණු තරගකාරිත්වයක් පැවැති අතර හොල්සිම් මානව සම්පත් කළමනාකරණ කණ්ඩායම සතු දැඩි කැපවීම හා උනන්දුව හේතුවෙන් මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකියාව ලැබිණි.

මේ තරගය මානව සම්පත් කළමනාකරණයේ සංකල්ප හා ප්‍රතිපත්ති පිළිබඳ මානව සම්පත් වෘත්තිකයන් හා වෙනත් කළමනාකරුවන් සතු දැනුම හා අවබෝධය විමසා බලන තරගාවලියකි. පිරිස් කළමනාකරණ අධ්‍යාපන ආයතනය මඟින් මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. අඛණ්ඩුව දෙවන වරටත් පැවැති මේ තරගාවලියේ අවසන් වටයේ තරග පසුගිය නොවැම්බර් 13 වනදා ගලදාරි හෝටලයේදී පැවැත්විණි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්