හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
බත් කන්න බය වෙන්නෙ මොකටද? ආසනික් කතාව ඔප්පුකර පෙන්වන්න

බත් කන්න බය වෙන්නෙ මොකටද? ආසනික් කතාව ඔප්පුකර පෙන්වන්න

ගොවියෝ වහ බීපු යුගය දැන් නිමා වෙලා හුඟාක් කල්. ඒක ඇත්තටම වාසනාවට කාරණයක්. මොකද ගොවියෝ කියන්නේ මේ රටේ සම්පතක්. ඒකේ කථා දෙකක් නැහැ. යුද්ධය නිමා වුණා. දැන් රට පුරාම වී වගා කෙරෙනවා. ඉස්සර අපි නැඟෙනහිර පළාතට යන කොට දැක්කේ වෙල් නියරවත් ඉතිරි නොවූ කුඹුරු. අපි වාකරේට වැලිකන්දට යනකොට දැක්කේ හිස් බිම් කඩවල්. මොකවත් නෙමෙයි අවුරුදු විසි ගණනක් පුරන් වෙච්ච කුඹුරු. ඒත් දැන් එහෙම යැ. බලන්ඩ එපැයැ උජාරුව. ගජරාමෙට ගොවියෝ කුඹුරු වගා කොරනවා. සමහර විට ඉස්සරහට අපිට බත සැපයීම අතින් ලෝකෙ හොඳ තැනකට එන්ඩ පුළුවන් වෙයි.

ඒත් ඔන්න දැන් රජරට පළාතේ වී වල ආසනික් තියෙනවාලු. එහෙම කියන්නේ අපේ රටේ උගත් බුද්ධිමත් පිරිසක්. ආසනික් හොයා ගෙන තියෙන්නේ භාවනාවෙන්ලු. අපි කවදාවත් භාවනාවට නිගා කරන්නේ නෑ. අධ්‍යාත්මික ශක්තිය අපි ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒත් සහල්වල ආසනික් තියෙනවා කියන විදිය ගැන අපට සැකයක් තියෙනවා.

තිරිඟු පිටිවලින් හදපු ආහාර තුන් වේලටම ගිලින්ඩ අපේ රටේ ඇත්තෝ පුරුදු වෙලා හිටියා. ඒත් පාන් පිටි ත්‍රස්තවාදයේ තරම අපේ ඇත්තෝ තේරුම් අරං තුන් වේලටම බත් කන්ඩ පටන් ගත්තා විතරයි. දැන් රජරට සහල් වල වල ආසනික් තියෙනවා කියනවා. ආසනික් ගැන හිතලා අපි තිරිඟු පිටිවලට මාරු වෙන්ඩ ගියොත් මොකද වෙන්නේ.

ගොවියාට දැන් වී වලට හොඳ මිලක් ලැබෙනවා. ගොවියාගේ අත මිට සරුයි. අපේ ඇත්තෝ බත් අත ඇරලා පාන් පිටි කෑම කන්ඩ ගියොත් මොකද වෙන්නේ. ආයෙත් ගොවියා අමාරුවේ වැටෙන්ඩ පුළුවන්.

කමක් නැහැ. වී වල ආසනික් තියෙනවා නම් ඔප්පු කරලා පෙන්වන්ඩ පුළුවන් වෙන්ඩ ඕනේ. ඒත් අයි.ටී.අයි. ආයතනය ඒ කියන්නේ කාර්මික තාක්ෂණික ආයතනය පසුගියදා පරීක්ෂණයක් කළා.

ඒ විද්‍යාත්මක ක්‍රමයට. විද්‍යාවට බොරු කරන්ඩ පුළුවන් ද? අද ලෝකේ දුවන්නේ විද්‍යාවත් එක්ක. එහෙව් විද්‍යාවෙන් ලැබෙන ප්‍රතිඵල බොරු ද? මොකද්ද ප්‍රතිඵලය අයි.ටී.අයි ආයතනය කියන්නේ සහල්වල ආසනික් නැහැ කියලා.

දැන් ඇත්තම කථා කරමු. ආණ්ඩුව මැදිහත් වෙලා පරීක්ෂණ දෙක තුනක් කළා. සහල්වල ආසනික් නැහැ කියලා ඔප්පු වුණා. ඒ හින්දා බය වෙන්ඩ දෙයක් නැහැ. සහල් බය නැතිව ආහාරයට ගන්ඩ.

තව අභියෝගයක් තියෙනවා. මොනවා හරි ඔප්පු කරන්ඩ තැනක් තියෙන්ඩ ඕනේ. එක්කෝ විද්‍යාගාරයක්, නැත්නම් උසාවියක්. පුළුවන්නම් යන්ඩ. හේතු ඵල එක්ක ප්‍රතිඵලය ඔප්පු කරලා පෙන්වන්ඩ. ඔප්පු කරන්ඩ බැරි දේවල් නොකියා ඉන්ඩ. අපට එහෙම ඉල්ලීමක් කාරුණිකව කරන්ඩ වෙනවා. ඒක උගත් බුද්ධිමත් මහත්වරු තේරුම් ගනිත්වා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා