‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»

මාධ්‍යවේදී ලසන්ත ඝාතනය: මන්දගාමී පරීක්ෂණ දිගටම

මාධ්‍යවේදී ලසන්ත ඝාතනය: මන්දගාමී පරීක්ෂණ දිගටම

සන්ඩේ ලීඩර් පත්‍රයේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා සාහසික ලෙස ඝාතනය වී මේ වන විට වසර හතක් ගත වී තිබේ. ඔහු ඝාතනයට ලක් වූයේ 2009 ජනවාරි අට වැනිදාය.

එකල පැවැති මහින්ද රාජපක්ෂ රජය දැඩි ලෙස විවේචනයට ලක්කළ මාධ්‍යවේදියකු වූ ඔහු සිය නි‍ෙවසේ සිට සේවයට යන අතර තුර සිය කාර්යාලයට ළඟා වීමට මිනිත්තු කිහිපයකට පෙර ඝාතනයට ලක් වූයේ අධි ආරක්ෂිත කලාපයක් වූ රත්මලාන ප්‍රදේශයේදීය.

එහෙත් දීර්ඝ වසර හයකින් පසුව වුවද පොලීසිය මේ සාහසික අපරාධයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට සමත් වී නැත. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ ක්‍රියාවලිය පවා ඉදිරියට ඇදෙන්නේ සැකකරුවන් නොමැතිවය.

කෙසේ වෙතත් මෙය 'කවුරුන් විසින් සිදු කරන ලද්දක් ද' යන කරුණු පිළිබඳ බොහෝ කටකතා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ද මේ පිළිබඳ සැකපිට කිසිවකු අත්අඩංගුවට ගත නොහැකිවූ බව පිළිගත්තේය. එහෙත් ඒ සමඟම ඔහු පැවැසූයේ මේ පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට සිදු කෙරෙන බවය.

කෙසේ වෙතත් මේ වන විට පරීක්ෂණ කටයුතු වාචිකව නොවුවද ප්‍රායෝගිකව ඉදිරියට යා නොහැකිව අක්‍රියව පවතී. අන්තර්ජාතික වශයෙන් පැවැති රජය අපකීර්තියට පත් කළ මෙම සිද්ධියේ පරීක්ෂණ කටයුතු භාරව කටයුතු කෙළ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය.

මර්වින් සිල්වාගේ ප්‍රකාශ

මෙම ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා ප්‍රධානියකු සම්බන්ධ බවට කටකතා අඛණ්ඩවම පැතිරිණි. එහෙත් විමර්ශන නිලධාරීන් පවසන්නේ ඒ කටකතා සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හෝ හෝඩුවාවන් මෙතෙක් අනාවරණය වී නැති බවය.

2015 ජනවාරි මාසයේදී මෛත්‍රීපාල සිරිසේන රජය බලයට පත් වූ අවදියේ හිටපු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා මෙම ඝාතනය පිළිබඳ විවාදාපන්න ප්‍රකාශයක් කළේය. පසුගිය රාජපක්ෂ රෙජිමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඝාතනය ඇතුළු එකල සිදුවූ එවැනි පහරදීම් ගණනාවකට සම්බන්ධ බව ඔහු ප්‍රකාශ කළේය. මේ සතියේ ඒ පිළිබඳව සිල්වා මහතාගෙන් විමසූ විට ඔහු රහස් පොලීසිය වෙත පැවසූ කිසිවක් ප්‍රකාශ කිරීමට රිසි වූයේ නැත. සිල්වාගේ ප්‍රකාශය අනුව ලසන්තගේ සොහොයුරා වන ලාල් වික්‍රමතුංග ද 2015 මාර්තු මාසයේදී රහස් පොලීසිය වෙත ප්‍රකාශයක් කළේය.

“රහස් පොලීසිය සමඟ පවත්වන ලද හමුවෙන් අනතුරුව මගේ ප්‍රකාශය හිටපු ඇමැතිවරයා කළ ප්‍රකාශය හා සමඟ සසඳා බලා පරීක්ෂණ කටයුතු සතුටුදායක මට්ටමකින් සිදු කෙරෙනු ඇතැයි ලාල් වික්‍රමතුංග මහතා කීය. මාස නවයක් ගත වීත් එය ක්‍රියාවට නැංවුණු බවක් නොපෙනේ.

“පැවැති රජය මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර පිළිබඳ සාර්ථක පරීක්ෂණයක් සිදු නොකළ අතර 2015 ජනවාරි 8 වැනිදා මහ මැතිවරණයෙන් සති කිහිපයකට පසුව මම ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයෙහි නියෝජිතයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී මෙම පරීක්ෂණ කටයුතු වඩාත් කඩිනම් කරන මෙන් ඉල්ලා සිටියෙමි. එහෙත් කනගාටුවට කරුණ වන්නේ එම ඉල්ලීම ඉටු නොවීම“ යැයි මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ලසන්ත රුහුණගේ පැවැසීය.

කෙසේ වෙතත් රාජපක්ෂ පාලන සමයේදී පරීක්ෂණ කටයුතු ඇරැඹුණේ හොඳම හෝඩුවාවන් සමඟිනි. පවතින සාක්ෂි විමසීමට තරම් දුරට මෙම පරීක්ෂණ ඉදිරියට ගිය බව පොලීසිය පවසයි. පරීක්ෂණ එකතැන නතර වී තිබෙන්නේ තවදුරටත් නව හෝඩුවාවන් ඔස්සේ යන හැටි මඟක් නොවන හෙයිනි.

ලොග් පොත් නෑ

රහස් පොලීසියේ ආරම්භක පරීක්ෂණ කටයුතු ඇරැඹුණේ එවකට හිටපු පොලිස්පතිවරයා යටතේය. මෙම ප්‍රවීණ මාධ්‍යවේදියා ඝාතනය කෙරුණේ කෙසේ ද යන්න කරුණ මතය. පරීක්ෂණ කටයුතු ඇරැඹුණේ ඝාතනය සිදු කැරුණේ කෙසේ ද යන ක්‍රියාවලිය සොයා බැලීම සඳහාය. ලසන්තගේ මළ සිරුරෙහි උණ්ඩ හෝ පතරොම් දක්නට ලැබුණේ නැත. බයිනෙත්තුවක් වැනි අවියකින් ඔහුට වෙඩි තබන්නට ඇතැයි පරීක්ෂණවලට සම්බන්ධ වූ නිලධාරියෙක් කීවේය.

අනතුරුව ජංගම දුරකථන පණිවිඩ වෙත අවධානය යොමු කැරිණ. ලසන්ත ගමන් කළ මාර්ගය ඔස්සේ හුවමාරු වූ පණිවිඩ මෙහිදී සලකා බැලිණ. එහිදී ලසන්ත නිවෙසින් පිටත් වූ අවස්ථාවේ සිටම ඔහු ලුහුබැන්ද පුද්ගලයන් විසින් භාවිත කරන ලද දුරකථන පහක් පිළිබඳ අවධානය යොමු විය. මෙම දුරකථන පහම ක්‍රියාත්මක වී ඇත්තේ ලසන්ත එම තීරණාත්මක දිනයෙහි ගමන් කළ මඟ ඔස්සේ බව පරීක්ෂණවලින් හෙළි විය.

මෙම දුරකථන පහේම සිම් කාඩ්පත් මිලදී ගෙන තිබුණේ එක් පුද්ගලයකුගේ නමට ය. ඔහු නුවරඑළියේ ගරාජයක සේවය කළ අයෙකි. මෙම පරීක්ෂණයෙහි සිදු වූ එකම සහ වැදගත් ඉදිරි පියවර ලෙස සැලකිය හැක්කේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම පමණය. මෙම ගරාජ සේවකයා වැඩ කළ ගරාජයෙන් නිතර සේවය ලබාගත් බුද්ධි නිලධාරියකු ජේසුදාසන් හඳුනා ගත්තේය. හමුදාවට සම්බන්ධ පුද්ගලයකු ඇතුළු පිරිසක් සමඟ මධුවිත පානය කළ අවස්ථාවක සිය හැඳුනුම්පත නැතිවූ බව මේ පුද්ගලයා පොලීසියට පැවැසීය.

එහෙත් පරීක්ෂණ හිටිඅඩියේම නතර වූයේ එම පුද්ගලයා හදිසි හෘදයාබාධයක් වැලඳීමෙන් සිර මැදිරියේදීම මිය යාම නිසාය. 2012 ඔක්තෝබර් 13 වැනිදා සිදු වූ ඔහුගේ මරණයට හේතුව ඔහුගේ මොළයේ රුධිර නාලවල රුධිර කැටියක් සිරවීම බව ඔහුගේ මරණ පරීක්ෂණයෙන් පසු ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. ඔහුගේ පවුලේ ඥාතින් මේ පිළිබඳ ප්‍රශ්න කළමුත් ඔවුනට සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත.

ජේසුදාසන්ගේ සාක්ෂියට අනුව අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියකු ද පසුව නිදහස් කෙරිණ. පරීක්ෂණ තවදුරටත් ඇණහිටියේ දුරකථනවල සිම් කාඩ්පත් භාවිත කළ පුද්ගලයා ඒවා ඇතුළත් කර තිබුණේ අලුත්ම ජංගම දුරකථනවලට වීම නිසාය. ඒවා ක්‍රියාත්මක වී තිබුණේ 2009 ජනවාරි 08 වැනිදා දිනයේදී පමණක් වූ අතර පණිවිඩ හුවමාරු වී තිබුණේ එම පුද්ගලයන් පස්දෙනා අතර පමණි. වෙනත් කිසිදු දුරකථනයකට මෙම දුරකථනවලින් පණිවිඩ ලැබුණු හෝ නිකුත් කැරුණු බවක් දක්නට නොලැබිණි.

කල් ගත වෙත්ම උක්ත පරීක්ෂණයට සම්බන්ධව සිටි නිලධාරීන් වෙනත් කටයුතු සඳහා යොමු කරන ලද්දෙන් පරීක්ෂණ කටයුතු තවදුරටත් අඩාළ විය.

සියුම් සැලසුමක්

2015 දී ජනාධිපති සිරිසේන මහතා පරීක්ෂණ කටයුතු යළි පණ ගන්වන ලද අවස්ථාවේ එය භාර වූ නිලධාරීන්ට මින් පෙර එම පරීක්ෂණ මෙහෙයවූ නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගන්නට සිදු විය. එලෙස නව නිලධාරීන් විසින් ප්‍රශ්න කිරිමට බඳුන් කරන ලද නිලධාරීන් අතර හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ද වෙයි. ලසන්ත ගමන් කළ වාහනය පසුපස ගමන් ගත් වාහනවල අංක සඳහන් වූ ලොග් පොත් අස්ථානගත වූ ආකාරය සොයා බලන්නට ද නව නිලධාරීන්ට සිදුව තිබේ.

ප්‍රශ්න කරන ලද සෙසු නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි සහ රත්මලාන පොලිස් ස්ථානාධිපති මහේෂ් පෙරේරා ද වෙයි.

සාක්ෂි නැතිවාට අමතරව මෙම ඝාතනය ඉතා සියුම්ව සැලසුම් කර, මනාව සම්බන්ධීකරණය කොට ඇතැයි ද පොලීසිය පවසයි.

කුමන බාධක මැද වුවද පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති දොස්තර රාජිත සේනාරත්න පවසයි. මෙම පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යන මෙන් මාධ්‍ය ඇමැතිවරයා පොලීසියෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍ය වෙත කෙරෙන ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ නතර කිරීමට අවශ්‍යතාවක් නැතිමුත් ඇතැම් කොටස් එසේ කරන මෙන් රජයට බලපෑම් කරන බව ද ඇමැතිවරයා කීවේය.

රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව රජයේ කැපවීම පිළිබඳව පවසන කරුණු කෙසේ වුවත් මෙම පරීක්ෂණ කටයුතු අතරමඟ නතර වී තිබීම පිළිබඳ ජනතාව තුළ සැකයක් ඇති වී තිබේ. සිරිසේන රජයට ආරම්භයේ සිටම සහාය දුන් ඇතැමුන් තුළ පවා මේ පිළිබඳව ඇත්තේ සැකයකි.

“බලයෙන් පහවුණත් සිය නිල බලයෙන් සම්පූර්ණයෙන්ම ඈත් නොවන පුද්ගලයන් සිටින ශ්‍රී ලංකාව වැනි රටක ලසන්තගේ ඝාතනය වැනි අපරාධයක සුලමුල සාර්ථක ලෙස සොයා ගනු ඇතැයි විශ්වාස කළ නොහැකි“ යැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති නිර්මාල් රන්ජිත් දේවසිරි පවසයි. ඔහු සිරිසේන රජය පත් කිරීමට මූලිකව කටයුතු කළ පුද්ගලයෙකි.

රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ වදන් පුනරුච්චාරණය කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ද පරීක්ෂණ කටයුතු නොනවත්වා සිදු කරන බව පවසයි.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ සිදු කරන්නේ කෙසේදැයි මට හෙළි කළ නොහැකියි. එහෙත් පරීක්ෂණවල මන්දගාමී බවක් නැතැයි“ ඔහු කියයි.

එහෙත් මාධ්‍ය ක්‍රියාකාරිකයකු වූ රුහුණගේ එම කියමන හා එකඟ නොවෙයි.

පරීක්ෂණ කටයුතු ඉතාමත්ම ප්‍රමාද වෙමින් පවතී. මෙම ක්‍රියාවලියෙහි පැහැදිලි වෙනසක් සිදු වුවහොත් පමණක් මගේ සිත වෙනස් කර ගත හැකි යැයි ඔහු කීය.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්