‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»

ව්‍යවස්ථා බිල්ලෙක් මවන්නේ දේශපාලන අවස්ථාවාදය හින්දයි

ව්‍යවස්ථා බිල්ලෙක් මවන්නේ දේශපාලන අවස්ථාවාදය හින්දයි

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බවට කරුණු දක්වන විපක්ෂය රටේ සංවර්ධනය අඩාල වීම, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, අපරාධ බහුලවීම සහ ජීවන බර අධික වීම යනාදී වශයෙන් දිගු චෝදනා පත්‍රයක් ආණ්ඩුවට ඉදිරිපත් කරයි. එළඹෙන පළාත් පාලන මැතිවරණය මේ අදහස් සංවාදගත කිරීමේ අවස්ථාවක් හැටියට භාවිතයට ගන්නා බව ද කියති. ඒ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවක් මෙහි දැක්වේ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බටහිර වුවමනාවන් මත සම්පාදනය කෙරෙන්නක් බව විරුද්ධ පක්ෂයේ දේශපාලකයන් සහ ඔවුන්ගේ හිතවතුන් කරන චෝදනාවෙහි පදනම කුමක් ද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට ජනතාවට ප්‍රතිඥා දුන් නායකයන්ගේ රජයක් දැන් තිබෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙය ඉතා ම පැහැදිලිව සඳහන් වෙනවා. විධායක ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍ය මණ්ඩලයක් හා අගමැතිවරයෙකු පත් කරන බව. 2015 අගෝස්තු 17 පැවැති මහ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එජාප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් මෙය පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව එම මැතිවරණ දෙකේ දී ම ජනවරමක් ඉල්ලමින් ප්‍රතිඥා දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යි. ජනතාව බහුතර කැමැත්තෙන් එය අනුමත කළා. ඒ නිසා, කිසි ම බටහිර බලපෑමක් නෑ. මෙය මේ රටේ මහජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කිරීමේ අවංක උත්සාහයක් පමණයි. එය අමතක කර ගෝනි බිල්ලකු මවන්නේ දේශපාලන අවස්ථාවාදියෝ.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ න්‍යායාචාර්යවරයකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් වැනි උගතුන් පවා චෝදනා ඉදිරිපත් කරනවා නේද?

ජී.එල්. පීරිස් මහත්තයා කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයට පරස්පර විරෝධී අදහස් පළ කිරීම සම්බන්ධයෙන් අප කිසිවකු කලබල විය යුතු නැහැ. එතුමා කලකට පෙර චන්ද්‍රිකා මැතිනියගේ පාලන සමයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කළා. අද ඒ ගැන වගේ වගක් නෑ. මට හිතෙන හැටියට ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා අපේ රටේ ජනතා අවශ්‍යතා පිළිබඳව අබැටකවත් හැඟීමක් නැති ව තම ස්වාමියා වන මහින්ද රාජපක්ෂ මහතාගේ අණසකට කීකරුව ඔහුගේ ගෝලයකු ලෙස වහල් සේවයේ යෙදෙන බව පෙනෙනවා.

දෙව්දත් කිසි දිනෙක බුදු ගුණ අගය නොකරන බවටÓ අගමැති තුමා කළ ප්‍රකාශය අදාළ වන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස්ටයි. විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය අහෝසි කර පසුව ව්‍යවස්ථාවට අත තබන මෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ කවර අරමුණකින් ද?

ඒ දෙකම තිබෙන්නේ ව්‍යවස්ථාවේ බව ඔහු දන්නේ නෑ. ඔහු ඉක්මනින් අතීතය අමතක කර ඇති බව පෙනෙනවා. බලය ලබා ගැනීමේ දී තමා දුන් පොරොන්දුව ඔහු අමතක කළත් ජනතාවට අමතක නැහැ. විධායක ක්‍රමයේ පිහිටෙන් ‍බලය උරගා බැලූ ඔහු දැන් කටයුතු කරන්නේ අවස්ථාවාදීව යි. විධායක ක්‍රමය අහෝසි කිරීම හා නව මැතිවරණ ක්‍රමයක් බිහි කිරීම පිළිබඳ ක්‍රියාවලිය දැනට ම ආරම්භ කර තිබෙනවා. පාර්ල‍ිමේන්තුවේ බහුතර කැමැත්ත, ඊට ලැබී තිබෙනවා.

දිගු කලක් රාජ්‍ය නායකයා හැටියට කටයුතු කළ ඔහු විධායක ජනාධිපති ක්‍රමයෙන් රටට වූ හානිය ගැන හොඳින් ම දන්නවා. තමන්ට බලය අහිමි වූයේ ඇයි ද යන්නත් කල්පනා කළ යුතු කාලය ඇවිත්.

1978 ව්‍යවස්ථාව 19 වැනි වතාවටත් සංශෝධනය වුණා. එය කෙතරම් බරපතළ ද යත් ව්‍යවස්ථාවේ විශාල විකෘතියක් ඇති වී තිබෙනවා. ඊට විසඳුම 20 වැනි වතාවටත් Òපැච්Ó එකක් දැමීම බව ද ඔහු කියන්නේ? ඔහුට අවශ්‍යව ඇත්තේ නව ව්‍යවස්ථාව පිළිබඳ භීතියක් ඇති කර රජය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කර දේශපාලන වාසි ලබා ගැනීමයි. බොර දියේ මාළු බෑම යි.

නව ව්‍යවස්ථාව ර‍ෙට් ඒකීය භාවයටත් බුදු දහමේ ආරක්ෂාවටත් තර්ජනයක් වන බවට ඒකාබද්ධ විපක්ෂය සහ එහි මිතුරු පාර්ශ්ව නගන චෝදනාවට දෙන පිළිතුර කුමක් ද?

රටේ ඒකීයභාවයට තර්ජනයක් වන කිසිදු යෝජනාවක් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉදිරිපත් කර නෑ. ඒකීයභාවය ආරක්ෂා කරන බවයි ඔවුන් පැහැදිලිව ම ප්‍රකාශ කර ඇත්තේ. එය කළ හැක්කේ ජාතික එක්සත්කම තහවුරු කිරීමෙන් පමණයි. දෙමළ සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මඟින් ඔවුන් ද මෙය තහවුරු කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් නොබෙදුණු රටක් ගැන සඳහන් වෙනවා. එනිසා, ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ ඒකීය රටක් සංකල්පයේ ඉන්නවා. මෙය ඉතා හොඳ ලක්ෂණයක්. අනියත බියත් අවශ්‍ය නෑ. විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා මේ පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. බුදු දහමේ ආරක්ෂාවට තර්ජනයක් වීම යනු ව්‍යාජ ප්‍රචාරයක් පමණයි. මේ චෝදනා දෙක ම අවස්ථාවාදී දේශපාලකයන්ගේ නිර්මාණයක් පමණයි.

නිදහස ලැබීමේ දී ඉන්දියානු ව්‍යවස්ථාව සකස් කළ පරිදි රාජ්‍යය ආගමෙන් වෙන් කිරීම අනාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීම කෙරෙහි නව ව්‍යවස්ථා සම්පාදකයන් සැලකිල්ලට ගන්නවාද?

කිසිදු ආගමක් ඇදහීමේ අයිතියට නව ව්‍යවස්ථාව බාධා කරන්නේ නෑ. එය පුරවැසියාගේ අයිතියක්. දේශපාලන බලය සඳහා පහුගිය කාලයේ ආගමික කොටස් අතර වෛරය ඇති කිරීමට කටයුතු කළ ආකාරය අප දුටුවා. නමුත් නීත‍ියේ ආධිපත්‍යය, පුරවැසි අයිතිවාසිකම් තහවුරු කරන පරිසරයක එබඳු වෙනස්කොට සැලකීම් කරන්න බැහැ. කොටින් ම දැනට තිබෙන ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව කිසිසේත් ම වෙනස් කරන්නේ නැහැ.

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව එතෙක් පැවති සංවර්ධන වැඩ කටයුතු ඇනහිට ඇති බවට නැගෙන මැසිවිලි සාධාරණ ද?

කිසිදු ටෙන්ඩර් පටිපාටියකට යටත් නොවී කරන ලද බොහෝ සංවර්ධන කටයුතුවල විනිවිද බව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. පැවති ක්‍රමය ඒ හැටියට ම පවත්වා ගෙන යෑම මේ රජයේ පිළිවෙත නොවේ. මුල් අදියරේදී කිසියම් ප්‍රමාදයක් සිදුවනවා ඇති. නමුත් මේ වන විට මහා පරිමාණ හා සුළු පරිමාණ සංවර්ධිත වැඩ කටයුතු සියල්ල නැවත ආරම්භ කර තිබෙනවා. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ කටයුතු සිදු කෙරෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කළා. රටේ විවිධ ස්ථානවල ගුවන් තොටුපළ ඉදිකිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි රුපියල් ලක්ෂ 15 බැගින් ප්‍රතිපාදන වෙන් කරන ලද්දේ ඉතිහාසයේ පළමුවරටයි. කිසිම රජයක් එබඳු ප්‍රතිපාදන වෙන් කර නැහැ.

ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නගරයෙහි පැවැත්වුණ ලෝක ආර්ථික සමුළුව අපේ රටේ ආර්ථිකයට සාධනීය බලපෑමක් ඇති කරයිද?

ලංකාවේ රාජ්‍ය නායකයකු හට මේ සමුළුව සඳහා ආරාධනා ලැබුණේ පළමුවරටයි. මෙයින් ම පෙනෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය කෙරෙහි ජාත්‍යන්තරය තබා ඇති විශ්වාසය. ලොව ආර්ථික ක්ෂේත්‍රයෙහි ඉතා වැදගත් පුද්ගලයන් මේ සමුළුව නියෝජනය කරනවා. මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු වන බිල්ගේට්ස් ඉන් එක් අයෙක්. ප්‍රධාන පෙළේ ආයෝජකයන් ගණනාවක් මේ වන විට යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ලොව ආර්ථික ක්‍රියාදාමයේ වත්මන් දිශානතීන් අව‍බෝධ කර ගනිමින් අපේ රටේ ආර්ථිකයට වාසි සහගත වන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුවේ අභිලාෂයයි. ඒ සඳහා වන ඉදිරි දැක්මක් අපට තිබෙනවා. ආයෝජන ක්‍රියාත්මක කිරීමට නම් රට තුළ යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතුයි. රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් තහවුරු විය යුතුයි. එහි මුල් අඩිතාලම දමා අවසන්. මේ නිසා පසුගිය අවධියේ මෙන් ජාත්‍යන්තර වශයෙන් හ‍ුදෙකලා කිරීමක් හෝ අනවශ්‍ය බලපෑම් කිරීමක් නැහැ.

රටේ ආර්ථිකය සහ යහපාලනය කඩා වැටී ඇති බව කියමින් විපක්ෂයේ කණ්ඩායම් ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට තර්ජනයක් එල්ල කිරීමට සැරසෙනවා නේද?

ඔවුන්ට එවැනි හැකියාවක් නැහැ. එතන ඉන්නේ දේශපාලන වශයෙන් අනාථ වූ පිරිසක්. යුද්ධය ජයග්‍රහණය කිරීම යන කාරණය මත පමණක් පදනම්ව ඔවුන්ට තවදුරටත් ඉදිරියට යන්න බෑ.

යුද්ධයෙන් පසුව ජාතික ගැටලුව විසඳීම, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඔවුන් කිසිදු වැදගත් පියවරක් ගත්තේ නෑ. ජාතීන් අතර අසමගිය පැතිරවීම, නීතියේ ආධිපත්‍යය තමන් අතට ගැනීම හා මූලික අයිතිවාසිකම් නයාට අඳුකොළ මෙන් පෙනී යෑම ඔවුන්ගේ පාලනයේ ස්වභාවය වුණා. සංවර්ධනය මුවාවෙන් සිද්ධ වුණේ දූෂණය, වංචාව හා ගසාකෑමයි. එසේ පරාජිත වූ දේශපාලන කණ්ඩායම්වලට අනාගතයක් නෑ. ඒක ස්ථිරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්