‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

එම්.කේ.ඒ.ඩී.එස්. පඬුරු පාක්කුඩම්වලට යට නොවුණු අවංක දේශපාලනඥයෙක්

එම්.කේ.ඒ.ඩී.එස්. පඬුරු පාක්කුඩම්වලට යට නොවුණු අවංක දේශපාලනඥයෙක්

පරපුරක් පැවැතෙන්නේ මුතුන්මිත්තන් කළ කැපවීම් නිසාය. මේ කැපවීම් මතුපරපුරේ අභිමානය හා සංරක්ෂණය වෙනුවෙන් ඉතිරි වේ. රට දැය සමයට එවන් සේවයක් කළ පුද්ගලයෙක් පසු ගිය දා දැයෙන් සමුගත්තේය. පවතින රජයේ ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන කළ සේවය පිළිබඳ අපට අමතක කළ නොහැකිය. අතීතයේ එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතා හා බැඳුණ මතකය පිළිබඳ ඔහු සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නි‍යුතු, කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති හා විදේශ කටයුතු ඇමැතිතුමාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන තුසිත හල්ලොලුව මහතාගෙන් සිළුමිණ අපි කරුණු විමසුවෙමු.

'' එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා මට හමු වුණේ ක්‍රියාකාරී දේශපාලනයේදී. එතුමා ජනතාවගේ හිතවතකු ලෙස හඳුන්වන්න පුළුවන්. එතුමාගේ උපන්ගම ගම්පහ. ඉඩම් නිලධාරියෙක් ලෙස රාජ්‍යය සේවයට එකතු වුණා. ඊට පස්සේ පොලීසියට සම්බන්ධ වුණා. පොලොන්නරුවේ පොලීසියේ තමයි ඒ මහත්තයාට සේවය කිරීමට ලැබුණේ. උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ කාලයේ දී තමයි ගුණවර්ධන මහත්තයා දේශපාලනයට සම්බන්ධ වුණේ. මං පාසල් යන කාලයේ ඉඳලා මෙ තුමා ගැන අහලා තිබුණා. එ තුමාගේ පවිත්‍ර දේශපාලනය පිළිබඳ ඒ කාලයේ සිටම මම පැහැදීමකින් සිටියා.

වාමාංශිකයකු ලෙස ජනතා ප්‍රශ්න හඳුනාගෙන ජනතාවට සේවය කරන්න ගුණවර්ධන මහතා පැකිළුණේ නැහැ. 1989 ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වෙලා ගුණවර්ධන මහතා ජයග්‍රණය කළා. පාර්ලිමේන්තුවේදී පවා ජනතාව වෙනුවෙන් කතා කළා. ජනතාව අතර තිබුණ ප්‍රසාදයත් ගුණවර්ධන මහතාගේ කැපවීමත් දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට හැකියාව ලබලා දුන්නා. මේ නිසා 1994 තෙක් පාර්ලිමේන්තුවේ සිටීමේ අවස්ථාව එතුමාට ලැබුණා. ඒත් 1994 මහා මැතිවරණයේ දී එතුමා අනපේක්ෂිත පරාජයක් ලැබුවා. 2001 මහා මැතිවරණයෙන් නැවැතත් පාර්ලිමේන්තුවට යාමේ භාග්‍ය උදා වුණා. ඔහු සුවිශේෂී දේශපාලකයෙක්. කවදාවත් තමන්ගේ සුඛ විහරණය පිළිබඳ නොසිතූ ඇමැතිවරයකු ලෙස ගුණවර්ධන මහතා හඳුන්වා දෙන්න පුළුවන්. අඩුගානේ පයට සෙරෙප්පු දෙකක්වත් නොදාපු ඇමැතිවරයෙක් විදිහට තමයි ඔහුව හඳුන්වන්නේ. එතුමා පොළොවේ පය ගහලා හිටපු ඇමැතිවරයෙක්. චාම් ගතිපැවැතුම් නිසා තමයි බොහෝ ජනතාව ඔහු වටා රොක්වුණේ.

වර්තමාන ජනධිපතිතුමාගේ කාර්යයන් සඳහා ගුණවර්ධන අමාත්‍යවරයා සෙවණැල්ල මෙන් හිටියා. ඔහු රාජපක්ෂ පාලනයෙන් සිදුවන අයහපත් කටයුතු නිසා නොබියව එළියට බැහැපු ඇමැතිවරයෙක්. කවදාවත් මුදල්වලට තමන්ගේ ප්‍රතිපත්ති පවා නොදී ජනතාව වෙනුවෙන් සේවය කළ අයෙක් ලෙස ගුණවර්ධන මහතා මට හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මුළු ජනතාවම අනතුරේ සිටින වෙලාවක, ඇත්ත ඇතිසැටියෙන් කතා කරන්න කිසිවෙකු හිටියේ නැහැ.

ඒ සියලුම අභියෝග මැද තමන් ගැනවත් නොසිතා රට ගැන සිතූ එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මහතා නොබියව තමන්ගේ අදහස් ප්‍රකාශ කළා. අලුත් යුගයක් හදන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳගත්තා. කතා කරන්න පවා බිය වුණ දේශයක එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනගේ හඬ සිංහ නාදයක් වුණා.

මං කොල්ලකාරයෝ, ර‍ජ වුණ යුගයක මෛත්‍රි යුගයක් වෙනුවෙන් එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතා තම පක්ෂය රැකගන්න කැපවුණා. මේ ගැන අපි එතුමාට අපේ කෘතවේදීතාව දක්වන්න කැමැතියි. 2015 දී ඇති වූ විශාල විප්ලවයේ උරුමක්කරුවකු ලෙසත් හිමිකරුවකු ලෙසත් ගුණවර්ධන මහතා හඳුන්වන්න පුළුවන්.

එතුමා වර්තමානයේ දේශපාලනයේ සිටින මැති ඇමැතිවරුන්ට පවා ආදර්ශයට ගත හැකි චරිතයක්. එකවරක් ඔහු මැතිවරණය පරාද වෙලා යන්න වාහනයක්වත් තිබුණේ නැති වෙලාවේ වාහනයක් දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. ඒ කියන්නේගුණව‍ර්ධන මහත්තයා දේශපාලනයෙන් හම්බ කළේ නැහැ. කවදාවත් තමන්ගේ දරුවන් දේශපාලනයට ගෙන ඒමේ අදහසක් එතුමාට තිබුණේ නැහැ.

නිදහස් පක්ෂය අනතුරට පත්වෙමින් තිබුණ අවස්ථාවක නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කියලා අපි සංවිධානයක් හදාගත්තා. එහි කැඳවුම්කරු ලෙස ගුණවර්ධන මහතා කටයුතු කළා. එතුමාගේ චරිත ස්වභාවය මට හඳුනාගන්න ලැබුණේ එවැනි අවස්ථාවල. මට මතකයි දේශපාලන බලවතකුගෙන් ඒ මහතාට දුරකථන ඇමැතුමක් ලැබුණා. ඒ අවස්ථාවේ මමත් ළඟ හිටියා. එයින් ඇරයුම් කරලා තිබුණේ කතා කළ පුද්ගලයාගේ පක්ෂයට එක් වෙන්න කියලා. ඒ ගනුදෙනුව මුදලට සිදුවියයුතු ලෙස කියමින් ඇරයුම් කරලා තිබුණා. ඒත් ගුණවර්ධන මහත්තයා ඉතා අභීත ලෙස එය ප්‍රතික්ෂේප කළා. ඔහුට හොඳ පිට කොන්දක් තිබුණා. එතුමා හදිස්සියේ අප අතරින් වෙන් වුණත් අපිත් එක්ක ඉන්න ඕනේ යහපත් දේශපාලනඥයෙක්" කියලා මං හිතනවා

දේශපාලනයට එකතු වීමේ න්‍යායපත්‍රයක් නැත. සුදුසුකමක් නැත. වෙනත් කොන්දේසි නැත. එහෙත් ඉක්මනින් දේශපාලනයට පැමිණෙන්නෝ එසැණින් ම ඉවත්ව යති. එලෙසම රැ‍ඳෙන්නෝ ද සිටිති. මිය ගිය ද සිතේ රැඳෙන්නෝ සුළුතරයකි. එවැන්නෙක් ලෙස එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන අමාත්‍යවරයා අපට හඳුන්වා දිය හැකිය.

කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොලුව

සමඟ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්