‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

මධ්‍යම පළාත් මන්ත්‍රී සවාරියේ කෝටි දෙකක මුදල් මගඩියක්

මධ්‍යම පළාත් මන්ත්‍රී සවාරියේ කෝටි දෙකක මුදල් මගඩියක්

රජයේ මුදල් රුපියල් කෝටි ගණනක් වැය කර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පසුගිය දා සිදු කළ සිංගප්පූරු සංචාරය ශ්‍රී ලංකාවට කළු පැල්ලම් එක්කළ බරපතළ අර්බුද රැසක් නිර්මාණය කළ එකක් බවට පත්ව තිබේ.

කණ්ඩායම් දෙකක් වශයෙන් මන්ත්‍රීවරුන් එම සංචාරයට දිවයිනෙන් පිටව ගොස් තිබෙන අතර සිංගප්පූරුවට යෑමට සහ ඒමට එක් මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් 39800,00ක මුදලක් වැය කැර ඇත.

මෙයට අමතරව පළාත් සභාවේ ඇමැතිවරයකුට ඇමෙරිකා ඩොලර් 2800ක් ද මන්ත්‍රීවරයකුට ඇමෙරිකා ඩොලර් 2300ක් ද ලබා දී තිබේ.

මේ සංචාරය සඳහා ඉකුත් 10 දා 29 දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන අතර ඔවුන් යළි මෙරටට පැමිණ ඇත්තේ 16 වැනි දිනය. මෙයට එක්වූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමේ සිටි එක් පළාත් සභා මන්ත්‍රිවරයකු ඩොලර් නෝට්ටු වශයෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් මෙරටින් සිංගප්පූරුවට රැගෙන ගොස් තිබීම මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.

ව්‍යාපාරික කටයුතුවල නිරත යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු හා සම්බන්ධ වී මෙම පළාත් සභා මන්ත්‍රීවරයා අදාළ මුදල් සිංගප්පූරුවට රැගෙන ගොස් තිබෙන අතර එකවර එතරම් විශාල මුදලක් තනි පුද්ගලයකුට ගෙන යා නොහැකි බැවින් මෙම මුදල් කටුනායක ගුවන් තොටුපොළේදී සංචාරයට සහභාගි වූ පළාත් සභා මන්ත්‍රීවරුන් අතර බෙදා දී තිබේ.

ඩොලර් 5000 බැගින් අදාළ මන්ත්‍රීවරයා කටුනායකදී මන්ත්‍රීවරුන් 21 දෙනකු අතර බෙදා දී තිබෙන අතර සිංගප්පූරුවට ගිය විගස එම මුදල් මන්ත්‍රීවරයා විසින් යළි එකතු කැර එරට සිටින ශ්‍රී ලංකික ව්‍යාපාරිකයකුට ලබා දී තිබේ.

එසේ යළි එකතු කැරගත් ලියුම් කවරවලින් දෙකක ඩොලර් 100 බැගින් වූ මුදල් අතුරුදන්ව ඇතත් සියලු ලියුම් කවර එකවර එකතු කර ගැනීම නිසා එය කවුරුන් කළේ ද යන්න සොයා ගැනීමට නොහැකි වී ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්