‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

 අපි කිසිම කණ්ඩායමකට අඩුවට ලංසු තියන්නේ නෑ

අපි කිසිම කණ්ඩායමකට අඩුවට ලංසු තියන්නේ නෑ

ෆාසීල් මරීජා

මහනුවර රග්බි නායක

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර අවසන් වූයේ ප්‍රසාද ලකුණු පුවරුවේ මහනුවර කණ්ඩායම පෙරමුණ ගනිමිනි.

මෙවර මහනුවර කණ්ඩායම රග්බි පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා හිටපු සත් සාමාජික රග්බි නායක ෆාසිල් මරීජාගේ නායකත්වය යටතේය. 2010 දී මහනුවර කණ්ඩායමේ නායකත්වය දැරූ මරීජා ඊට පසු නැවත එහි නායකත්වය බාර ගත්තේ මේ තරග වාරයේදීය. මේ මරිජා හා කතාබහකට අප වෙන් කළ ඉඩකඩයි.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර මහනුවර ජයග්‍රාහිව අවසන් කරනවා. මොකද හිතෙන්නේ?

අපේ සැලසුම වුණෙත් පළමු අදියරේ උපරිම තරග ගණනක් දිනාගෙන දෙවැනි අදියරට යන්නයි.

අපේ බලාපොරොත්තු ඉෂ්ඨ වුණා. පළමු අදියරේ තරග හතම දිනාගෙන අපිට දෙවැනි වටයට එන්න පුළුවන් වුණා. දෙවැනි වටයේ පළවැනි තරගයත් අපිට ලෙහෙසියෙන්ම දිනා ගන්න පුළුවන් වුණා.

මේ තරගාවලියට එන කොට මොන වගේ සැලසුමක් ද තිබ්බේ?

මේ ලීග් තරගාවලිය හොඳට ඉවර කර ගන්න තමයි හැම කෙනකුටම ඕනා වෙලා තිබුණේ. අපි හැම තරගයක්ම හොඳට ඉවර කරගන්න තමයි සැලසුම් කළේ. කිසිම කණ්ඩායමකට අඩුවට ලංසු තිබ්බේ නෑ.

එහෙම හිතලා හැම තරගයක්ම උපරිමයෙන්ම ක්‍රීඩා කරන්න තමයි ටීම් එකටම ඕනා වුණේ. අපේ සැලසුම සාර්ථක වුණා. මුල් අදියරේ අපිට තරග හතම දිනා ගන්න පුළුවන් වුණෙත් ඒ නිසා කියලා හිතනවා.

ඒ වගේ අපේ සැලසුම තියෙන්නේ මේ තරගවාරයේ ලීග් තරගාවලියත්, නොකවුට් තරගාවලියත්, සත් සාමාජික තරගාවලියත් යන ත්‍රිත්ව ශූරතාම මහනුවරට ගෙන යන්නයි.

මුල් අදියරේ මහනුවරට තර්ජනයක් වුණේ මොන තරගද?

අපි සැලසුම් කළේ හොඳටම මේ අදියර අවසන් කරනවා කියලා. මුල් අදියරේ හැව්ලොක්ස් හා සී. ආර්. තරග දෙක තමයි තරගකාරී වුණේ. අනිත් තරග නම් අපි හිතපු තරම් තරගයක් තිබුණේ නෑ. ඒ නිසා අපිට වැඩි බරක් දාන්නේ නැතුව ඒවා දිනා ගන්න පුළුවන් වුණා.

ඔබට කණ්ඩායම ගැන මොන වගේ තක්සේරුවක්ද තියෙන්නේ?

අපිට හොඳ බැලන්ස් ටීම් එකක් ඉන්නවා. අලුත් හතර දෙනෙක් මේ තරගවාරයේ අපිට එකතු වුණා. ඉතිරි අය ගිය අවුරුද්දෙත් ටීම් එකේ හිටපු පළපුරුදු ක්‍රීඩකයෝ.

ගිය අවුරුද්දෙත් රග්බි ලීග් ශූරතාව මහනුවර දිනා ගත්තා. ඒ ජයග්‍රාහි මානසිකත්වයෙන් ම තමයි තරගාවලියට ආවේ.

කණ්ඩායමට එක් වූ නවකයන් ගැන ඔබට මොනවද හිතෙන්නේ?

මේ හතර දෙනාම කොළඹ. ඔවුන්ට ක්‍රීඩාව ගැන ලොකු කැක්කුමක් ආසාවක් තියෙනවා කියලා හිතෙනවා. ඔවුන් මේ සඳහා හුඟක් මහන්සි වෙනවා. ඒක අපිට ලොකු ශක්තියක්.

ඔබ අවුරුදු හයකට පස්සේ තමයි නැවතත් නායකත්වය බාර ගත්තේ?

ඔව්. 2010 තමයි මම අන්තිමේට මහනුවර ටීම් එකට නායකත්වය දුන්නේ. ඊට පස්සේ පහුගිය කාලයේ ටීම් එකට ක්‍රීඩා කළා. මේ අවුරුද්දේ ආයෙත් නායකත්වය බාර ගත්තා.

ඔබ පසුගියදා ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි නායකත්වයෙන් ඉවත් වෙනවා. නවකයකුට තැනක් දෙන්න ඕනා කියලා හිතුවද?

ඔව්, මම අවුරුදු කිහිපයක් ශ්‍රී ලංකා සත් සාමාජික ටීම් එකේ නායකයා වුණා. දක්ෂතා තියෙන නවකයන් බිහි වනකොට ඔවුන්ට අපි තැන දෙන්න ඕනා. එහෙම හිතලා තමයි නායකත්වයෙන් ඉවත් වුණේ. ඒ වගේම තව තරගවාර 3 - 4 ක් ක්‍රීඩා කරලා බලනවා මගේ තත්ත්වය කොහොමද කියලා.

ඊට පස්සේ සත් සාමාජික රග්බි ගැනත් තීරණයක් ගන්නවද?

ඔව්, දැන් අලුත් ක්‍රීඩකයන් හුඟක් එනවා. ඔවුන්ට තැනක් හදලා දෙන්න ඕනා. අපි මේවයේ පැල්බැඳගෙන ඉඳලා හරියන්නේ නෑ.

ඔබ රග්බි ක්‍රීඩාව පටන් ගත්තේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන්. රග්බිවලට විශේෂ ඇල්මක් ඇති වුණේ කොහොමද?

මගේ ඥාතීන් හුඟක් දෙනෙක් රග්බි ක්‍රීඩාවත් එක්ක ජීවත් වෙච්ච අය. මේ ආභාෂයත් එක්කම වෙන්න ඇති මටත් රග්බි ගැන උණක් ඇති වෙන්නේ. පවුලෙන් ආපු දෙයක් විදියටම රග්බි මගේ ලේවල කාවැදිලා තියෙනවා කියලා හිතනවා. මල්ලිත් රග්බි වලට සම්බන්ධ වෙලා හිටියා.

දැන් ඔබේ සහෝදරයා රග්බිවලින් ඉවත් වෙලාද?

ඔව්, දණහිසේ ඇති වෙච්ච ආබාධයක් නිසා දැන් තරග කරන්නේ නෑ.

කොහොමද ඔබේ අලුත් පවුල් ජීවිතය?

වරදක් නෑ, හොඳින් ගෙවෙනවා. මම කොහොමත් වැඩිදුර හිතන්නේ නැති, එන ඕනම විදියකට මුහුණ දෙන්න කැමැති කෙනෙක්. හැම වෙලාවෙම ජීවිතය හෙට දවස හොඳ විදියකට දකින්න, බලන්න තමයි මම පුරුදු වෙලා ඉන්නේ. වෙනසක් නැතුව ජීවිතය ගෙවිලා යනවා. යසාරා ගෙනුත් ඒකට හොඳ සහායක් ලැබෙනවා.

යසාරා සහ ඔබේ විවාහය යෝජනාවක්ද? ප්‍රේම සම්බන්ධයක්ද?

ප්‍රේම සම්බන්ධයක් උඩ තමයි අපි බැන්දේ.

ඔබේ පවුලේ තොරතුරු?

අම්මයි, මායි, මල්ලියි. මම පොඩි කාලේම තාත්තා නැති වෙලා තියෙනවා. එතකොට මට අවුරුදු හයක් විතර ඇති. තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා මගෙයි - මල්ලිගෙයි ජීවිත ගොඩ දාන්න අම්මා ලොකු කට්ටක් කෑවා.

තාත්තා නැතිවෙලා තියෙන්නේ හදිසියේද?

තාත්තා පොලිසියේ වැඩ කරලා තියෙන්නේ. අම්පාරේ වැඩ කරන කොට LTTE ප්‍රහාරයකින් තමයි නැතිවෙලා තියෙන්නේ.

ඔබේ ජීවිතයේ පරමාදර්ශී චරිතය කවුද?

නවසීලන්තයේ ඩැනියෙල් කාටර්.

මොකක්ද විශේෂත්වය?

මම ක්‍රීඩා කරන ස්ථානයේ ක්‍රීඩා කරන ලෝකේ හොඳම ක්‍රීඩකයා. පොඩි කාලේ ඉඳලාම මේ ස්ථානයේ ක්‍රීඩා කරන්න තමයි ගොඩක් ආසා.

ඔබ වඩාත් හැඟීම්බරව ක්‍රීඩා කරන අවස්ථා තියෙනවද?

ඔව්. මම ශ්‍රී ලංකා කණ්ඩායමට සහ මම නුවරට නුවරදී සෙල්ලම් කරන හැම වෙලාවකදිම මම හුඟක් හැගීම්බරයි.

අනාගත බලාපොරොත්තු?

තවත් අවුරුදු තුනක් විතර ක්‍රීඩා කරන්න බලනවා. ඊට පස්සේ රග්බි පුහුණුකරුවකු වෙන්න ආසාවක් තියෙනවා. ඒ වගේම ශරීර සෞඛ්‍යය ගැන බලලා හෙට දවස සැලසුම් කරනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්