‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

.


Astrology - සතියේ කල දසාව

ශ. ව. 1937 ක්වූ මකර රවි 10 භාග දුරුතු මස පස­ළො­ස්වක තිථිය ලත් ජන­වාරි 24 වැනි ඉරිදා සිට 30 වැනි ශනිදා දක්වා...
හරිප්‍රිය ගුණසේකර

උසස් අධ්‍යා­ප­නයේ නිරත අයට යහ­පත්ය. අති­රේක ආදා­යම් මාර්ග කෙරෙහි අව­ධා­න­යක් යොමු වෙයි. ආර්ථි­කයේ ප්‍රග­ති­යක් ඇති කර ගත හැකිය. වාහ­න­යක් හෝ ඉඩ­මක් මිලදී ගැනීම පිළි­බ­ඳව තිබූ සිහි­නය සැබෑ වෙයි. ඥාති­ය­කු­ගෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍යා­ධාර ලබා ගැනී­මට හැකි වෙයි. ප්‍රේම සම්බ­න්ධතා පව­ත්වන අය අතර මත­භේද හට ගනු ඇත. ආහා­ර­පාන ගැනී­මේදී කල්ප­නා­කාරී විය යුතුය. සෙම් රෝග, පාද ආබාධ හා හෘද­යා­බාධ ඇති අය ප්‍රවේ­ශම් වන්න. අවි­වා­හක අයට මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි. 

ජය අංකය - 07
සුබ දවස -  සිකු­රාදා

විවාහ අපේක්ෂා ඉටු වේ. ජීවි­ත­යට සම්බ­න්ධව මෙතෙක් විසඳා ගැනී­මට නොහැකි වූ ප්‍රශ්න­යක් සතු­ටු­දා­යක අන්ද­මින් විසඳා ගැනී­මට හැකි වෙයි. විරුද්ධ බල­වේග සම­ථ­ය­කට පත්කර ගැනී­මට අව­කාශ ලැබෙයි. ආග­මික කට­යු­තු­වල නිරත දුර බැහැර වන්දනා ගමන් යෙදේ. පෙම් සබ­ඳතා වර්ධ­නය වෙයි. තරග විභාග ජය­ග්‍ර­හණ ලබා ගත හැකි ය. ආදා­යම් ලැබීම අතින් යහ­පත්ය.

ජය අංකය - 01
සුබ දවස -  බදාදා

රැකි­යාවේ කලක සිට තිබූ අඩු­පා­ඩු­වක් සම්පූර්ණ කර ගත හැකිය. නිවාස ප්‍රශ්න විසඳා ගත හැකිය. නිවෙ­සක් මිලදී ගැනී­මට හෝ නව නිවෙ­සක් ගොඩ­නැ­ඟී­මට බලා­පො­රොත්තු වන අයට යහ­පත් ප්‍රති­ඵල ලබා ගත හැකි සති­යකි. කාර්යාල පරි­ස­රය සාම­කාමී අයු­රින් පවත්වා ගත හැකි වෙයි. ගෙදර දොර කට­යුතු සාමාන්‍ය පරිදි කර­ගෙන යෑමට හැකි වෙයි. ක්‍රීඩා තර­ග­ව­ලින් විශිෂ්ට ජය­ග්‍ර­හණ හිමි වෙයි.

ජය අංකය - 09
සුබ දවස -  ඉරිදා

ආදා­යම් ලැබීම අතින් යහ­පත්ය. සුළු ව්‍යාපා­ර­වල නිරත අයට ඒවා වඩාත් පුළුල් අයු­රින් නව මුහු­ණු­ව­ර­කින් ඇරැ­ඹිය හැකිය. විවාහ යෝජ­නා­වක් පිළි­බඳ එක­ඟ­තා­වට පැමි­ණී­මට අව­ස්ථාව උදා වෙයි. පදිංචි ස්ථානයේ තාව­කා­ලික වෙන­සක් සිදු­වී­මට ඉඩ ඇත. උසස් අධ්‍යා­ප­නයේ නිරත අයට යහ­පත්ය.

ජය අංකය - 02
සුබ දවස - සෙන­සු­රාදා

ආර­ක්ෂක අංශ­ව­ලට සම්බන්ධ රාජ­කා­රි­වල නිරත අයට විවේ­කය අඩු වීමට ඉඩ ඇත. විය හිය­දම් අධික වීම නිසා අතේ මුදල් රැඳීම අඩු වෙයි. එහෙ­යින් ඒ පිළි­බඳ වැඩි අව­ධා­න­ය­කින් යුතුව කට­යුතු කළ යුතුය. හදිසි අන­තු­රු­ව­ලට මුහුණ දීමට ඉඩ ඇති හෙයින් ගමන් බිම­න්වල දී කල්ප­නා­කා­රීව කට­යුතු කළ යුතුය. අධ්‍යා­පන කට­යු­තු­වල

ජය අංකය - 03
සුබ දවස - සෙන­සු­රාදා

විදේශ රැකියා හෝ විදේශ ගමන් ගැන අපේක්ෂා ඉටු වේ. සේවා කට­යු­තු­වල අව­හි­රතා මතු­විය හැක. විශේ­ෂ­යෙන් තර්ක විත­ර්ක­ව­ලට පැට­ලී­මෙන් වැළ­කිය යුතුය. ගැටලු සාකච්ඡා මාර්ග­යෙන් විසඳා ගැනීම යහ­පත්ය. තරග විභා­ග­ව­ලින් විශිෂ්ට ජය­ග්‍ර­හණ හිමි වනු ඇත.

ජය අංකය - 08
සුබ දවස -  සිකු­රාදා

කාර්මික ක්ෂේත්‍රයේ කට­යු­තු­ව­ලට මෙන්ම කෘෂි කර්මා­න්ත­යට අදා­ළව කට­යුතු කරන අයට යහ­පත්ය. ස්ථාන­ගත උරු­ම­යන් පිළි­බ­ඳව විස­ඳු­මක් ලබා ගැනී­මට හැකි වෙයි. සමා­ජයේ ප්‍රධාන තැන් හිමි­කර ගැනී­මට හැකි වෙයි. සෙම් රෝග, පාද ආබාධ, මූත්‍රා ආබාධ හා හෘද­යා­බාධ ඇති අය වහා වෛද්‍ය ප්‍රති­කාර ලබා ගත යුතුය.

ජය අංකය - 08
සුබ දවස - බ්‍රහ­ස්ප­තින්දා

නව රැකියා පිළි­බඳ තිබූ බලා­පො­රොත්තු සාර්ථක වෙයි. සම්මුඛ පරී­ක්ෂණ ආදි­යෙන් ජය­ග්‍ර­හණ අත්කර ගත හැකි වේ. කෘෂි කාර්මික කට­යු­තු­වල නිරත අයට පාඩු සිදු විය හැකිය. කෙටි ගමන් බිමන් අධික වෙයි. අවි­වා­හක අයට මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි. ආදා­යම් ලැබීම අතින් යහ­පත්ය.

ජය අංකය - 04
සුබ දවස -  ඉරිදා

කාල­යක් කර­ගෙන ආ රැකි­යා­වෙන් ඉවත් වී වෙනත් රැකි­යා­ව­කට යෑමට හෝ තම ව්‍යාපාර කට­යු­ත්තක් ගොඩ­නැ­ඟීමේ කාර්ය­ය­කට පිවි­සිය හැක. වෛද්‍ය හෝ ගුරු වෘත්තියේ යෙදෙන අයට රැකි­යා­වෙන් පරි­බා­හිර කට­යු­තු­ව­ලට යොමු වීමට අව­කාශ ලැබේ. අව­ධා­න­යෙන් හා බුද්ධි­මත්ව කට­යුතු කළ යුතුය. පෙම් සබ­ඳතා වර්ධ­නය වෙයි.

ජය අංකය - 06
සුබ දවස -  බදාදා

මේ සතියේ මිශ්‍ර ඵල ගෙන දෙයි. පවුලේ සතුට හා සමා­දා­නය වර්ධ­නය වෙයි. නව රැකියා පිළි­බඳ තිබූ බලා­පො­රොත්තු සාර්ථක වෙයි. මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි. විදේශ රැකියා බලා­පො­රොත්තු වූ අයගේ අර­මුණ ඉටු­වන ලකුණු පහළ වෙයි. ආදා­යම් ලැබීම අතින් යහ­පත්ය.

ජය අංකය - 09
සුබ දවස -  බ්‍රහ­ස්ප­­තින්දා

අනුන්ගේ සතුට වෙනු­වෙන් වැඩි කාල­යක් ගත කිරී­මට සිදු වනු ඇත. පෙම් සබ­ඳතා වර්ධ­නය වෙයි. කෙටි ගමන් බිමන් අධික වෙයි. අධි­කව මුදල් වැය වන සති­යකි. උසස් අධ්‍යා­ප­නයේ නිරත අයට යහ­පත්ය. තරග විභා­ග­ව­ලින් ජය­ග්‍ර­හණ ලැබෙයි. රැකියා පිළි­බඳ තිබූ බලා­පො­රොත්තු සාර්ථක වෙයි.

ජය අංකය - 09
සුබ දවස -  සිකු­රාදා

ගෙදර දොර කට­යුතු සාමාන්‍ය පරිදි කර­ගෙන යෑමට හැකි වෙයි. හදිසි ධන ලාභ­ව­ලට ඉඩ ඇත. ප්‍රේම සම්බ­න්ධතා පව­ත්වන අය අතර මත­භේද හට ගනු ඇත. සමාජ සේවා­වල නිරත අයට යහ­පත්ය. කල්ප­නා­වෙන් හා ඉව­සි­ලි­ව­න්තව කට­යුතු කළ යුතු සති­යකි. වාහන අපේ­ක්ෂා­වෙන් සිටින අයගේ ප්‍රාර්ථ­නය ඉටු විය හැකියි.

ජය අංකය - 09
සුබ දවස -  සිකු­රාදා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්