හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»

වාස්තු දෝෂ නසන පුදුම පිරමීඩය

වාස්තු දෝෂ නසන පුදුම පිරමීඩය

ක්වොන්ටම් ලෝකයේ සැරිසරන අද කාලයේ විද්‍යාඥයින්ට අදෘශ්‍යමාන බලවේග සැබෑවක් මිස හොල්මන් ලෙස නොපෙනෙයි. මෙතෙක් පියවි ඇසින් නොදුටු රූප ස්කන්ධ අද ඔවුහු අධි තාක්ෂණික මෙවලම් ආධාරයෙන් දකිති. පසුගිය දිනෙක මට එවැනි තරුණ ශ්‍රී ලාංකික විද්‍යාඥයකු හමුවිණි. ප්‍රියන්ත දයාරත්න නම් වූ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරියෙකි. තවදුරටත් හෙතෙම වාස්තු විද්‍යාඥයෙකි. ප්‍රියන්ත මා හමුවට ආයේ තැනින් තැන ගෙන යා හැකි රූපවාහිනී ඇන්ටෙනාවක් බඳු අපූරු මෙවලමක් ද සමඟය.

ඔහු එය හඳුන්වා දුන්නේ විශ්වශක්ති සංවේදකය (Energy Indicator) යනුවෙනි. එමඟින් පිරික්සා බැලෙන්නේ අන්තරීක්ෂ ශක්තිය හෙවත් විශ්ව ශක්තියේ ක්‍රියාකාරිත්වයයි. මේ විශ්ව ශක්තිය සැබැවින්ම දුටු කෙනෙක් නැත. එහෙත් ප්‍රියන්ත රැගෙන ආ මෙවලම ක්‍රියාත්මක වන්නේ විශ්ව ශක්තියේ ස්වරූපය අනුවය. ඔහු සඳහන් කරන පරිදි වාස්තු විද්‍යාවේ පදනම විශ්ව ශක්තියයි. යම් ගොඩනැඟිල්ලක අභ්‍යන්තරයේ නිසි ලෙස විශ්ව ශක්තිය ගලා යෑම හා ක්‍රියාත්මක වීම සිදු නොවන්නේ නම් එය වාස්තු දෝෂයකි. ඒ වාස්තු දෝෂය පෙරළා ඒ ගොඩනැඟිල්ලේ ජීවත්වන පුද්ගලයන්ට ද අනර්ථකාරී බලපෑම් ඇති කරවයි.

”කිසියම් තැනකට මේ උපකරණය අරගෙන ගියාම එතන වාස්තු දෝෂයක් තිබෙනවා නම් මේක ආපස්සට කරකැවෙනවා. වාස්තු දෝෂයක් නැතිනම් එය හැමවිටම ඉදිරියට නැවෙනවා.”

මෙසේ කී ප්‍රියන්ත කිහිප විටක් එය ක්‍රියාකරන ආකාරය පෙන්වා දුන්නේය.

”මම තවත් දෙයක් කියන්න ඕනේ. වාස්තුª දෝෂ හඳුනාගන්නවා වගේම ඉතාම සුළු ප්‍රතිකර්මවලින් ඒ දෝෂ මඟහරවන්නත් පුළුවන්.. බිත්ති කඩාගෙන උළුවහු දොර ජනේල ගලව ගලවා වාස්තු විද්‍යාව වදයක් කරගන්න ඕනේ නෑ..”

ප්‍රියන්ත තවදුරටත් එසේ පවසන්නේය.

”ගොඩනැඟිල්ලක අභ්‍යන්තරයේ විතරක් නෙවෙයි.

ඇතුළත භාණ්ඩ තබා තිබෙන ආකාරය අනුවත් වාස්තු දෝෂ හට ගන්න පුළුවන්. බිත්ති දෙකක් අතර මුල්ලක් එන ආකාරයට පුටු මේස යනාදිය තැබීම නිසාත් විශ්ව ශක්තිය ගලා යෑමට බාධා ඇතිවෙනවා.

නමුත් මේවා ඉතා පහසුවෙන් නිවැරැදි කරගන්න පුළුවන් බව අවධාරණය කරන්නත් කැමැතියි..””

ප්‍රියන්ත දයාරත්න මෙසේ අදහස් පළකරනුයේ වාස්තු විද්‍යාව කෙරෙහි කිසියම් සුබවාදී ආකල්පයක් ජනිත කරවමිනි.

මූලික වශයෙන් ගොඩනැඟිල්ලක වාස්තු දෝෂ යනුවෙන් අදහස් කරන්නේ මොනවාද? මතු පළවන්නේ ඒ පිළිබඳ කෙටි විස්තරයකි. ගොඩනැඟිල්ල පිහිටි ඉඩමේ ඊශාන දිසාව පීඩාවට පත්වීම නිසා ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකිය.

ඊශාන දිසාවේ වැසිකිළි වල, අප ජලය රැස්වන වළ, කුණු කසළ රැස්කිරීම හා ගිනි දැල්වීම යනාදිය පවතින්නේ නම් එමඟින් ඊශාන දිසාව පීඩාවට පත්වෙයි. පීඩාවට පත්වීම යනුවෙන් අදහස් කැරෙන්නේ අන්තරීක්ෂ ශක්තියට බාධා පැමිණවීම හෝ විශ්ව ශක්තිය නිසි ලෙස ගලා නොඒමයි. ප්‍රියන්ත දයාරත්න මහතා සම්ප්‍රදායක වාස්තු විද්‍යාවේ සිද්ධාන්ත උපුටා දක්වමින් තවදුරටත් පවසන පරිදි නිවසේ මුළුතැන්ගෙය, වැසිකිළිය, තරප්පු පෙළ, ප්‍රධාන නිදන කාමරය යනාදිය ඊසාන දිසාවේ පිහිටා තිබීම ද අනර්ථකාරීය. ඊශාන දිසාවේ මිදුලට ඉඩ තබා නොතිබීම, එම දිසාව අනෙක් දිසාවන්ට වඩා උසින් පිහිටීම සහ රූස්ස ගස් පැවතීම යනාදියත් ඊශාන දිසාව පීඩනයට පත්වීමේ හේතූන්ය. මේ පීඩාකාරී තත්ත්වය හේතු කොටගෙන නිවසේ නිතර ගැටුම්කාරී වාතාවරණයක් පැවතීම, සැමියා හා බිරිඳ අතර අන්‍යොන්‍ය අවබෝධය පළුදුවීම සහ ළමයින් ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණවීම ආදී අහිතකර ප්‍රතිඵල හට ගත හැකි බැව් සඳහන් වෙයි.

ගිනිකොන දිසාවේ ළිඳ, ජල ටැංකි, දිය ඇලි යනාදිය පිහිටා තිබීම, එම දිසාව අනෙක් දිසාවන්ට වඩා උසින් පැවතීම නිසා අහිතකර තත්ත්වයන් හටගනී. මෙහි ප්‍රතිඵලය වන්නේ වාසනාවට හා ලැබීම් පක්ෂයට බාධා ගෙනදීමය. මුළුතැන් ගෙය ගිනිකොන දිසාවේ පිහිටා තිබීම ඉතා ප්‍රශස්ත බවත් සඳහන් වෙයි.

ගිනිකොන දිසාව පීඩාවට පත්වීමේ අහිතකර ප්‍රතිඵල ලෙස සඳහන් වන්නේ ගිනි අනතුරු හටගැනීමේ ඉඩකඩ ඉහළ යෑම, ගර්භාෂගත රෝග මතුවීම, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ මතුවීම සහ මානසික නොසන්සුන්තා පෙන්නුම් කිරිමය.

නිරිත දිග දිසාව පීඩාවට පත්වන්නේ ඊශාන දිසාවට වඩා වැඩි ඉඩක් නිරිත දිගට වෙන්ව තිබීම, නිවසට ඇතුළුවන ප්‍රධාන දොරටුව නිරිත දෙසින් පිහිටීම, වැසිකිළිය, ළිඳ, වැසිකිළි හා අපජලය රැෙඳන වළවල් තිබීම, නිරිත දිග දිසාව පහත්ව තිබීම යන හේතූන් නිසාය. මෙහි අනර්තකාරී ප්‍රතිඵල ලෙස සඳහන් වන්නේ අධික ණය බර, වියදම් අධිකවීම, මානසික සාමය හා සහනය දුරුවීම පවුලේ ප්‍රශ්න මතුවීම හා අර්ශස් යනාදී රෝගවලට ගොදුරුවීම බැව් පැවසෙයි.

නිවසට විශ්ව ශක්තිය ගලා එන වයඹ දිසාව පීඩාවට පත්වීම හේතුකොටගෙන නීති ප්‍රශ්න මතුවීම, කාන්තා හා ළමා රෝග හට ගැනීම, නිවසක හිමිකාරත්වයට ප්‍රශ්න මතුවීම, යනාදියයි. වයඹ දිග දිසාව පීඩාවට පත්වන හේතු ලෙස දැක්වෙන්නේ එම දිශාව අනිත් දිසාවන්ට වඩා උස්ව පිහිටීම, නිවසේ ප්‍රධාන දොරටුව යොදා තිබීම, සහ වයඹ දිසාවේ රූස්ස ගස් රෝපණය කිරීම යනාදියයි.

ඕනෑම නිවසක හෝ ගොඩනැඟිල්ලක මැද බ්‍රහ්මස්ථලය යනුවෙන් හැඳින්වෙයි. එම ප්‍රදේශයේ උල් කණු යනාදිය සිටුවා තැබීම, නිරතුරුව පෑගීමට ලක්වීම සහ බ‍්‍රහ්මත්ථලය මත අධික බර භාණ්ඩ තබා තිබීම යනාදිය අනර්ථකාරීය.

එහි ප්‍රතිවිපාක වන්නේ හෘද රෝග මතුවීම, හෘදය හා පපු ප්‍රදේශය ආශ්‍රිත රෝගාබාධ පෙන්නුම් කිරීමය.

මීටත් අමතරව නිවසේ ජනේල, උළුවහු ආදිය නිසි ලෙස ස්ථානගත නොකිරීම, ගෘහභාණ්ඩ අක්‍රමවත්ව තැබීම, කැඩුණු බිඳුණු දේ නිවසේ ගොඩ ගසා ගෙන සිටීම, නිවස අපිරිසිදු තත්ත්වයෙන් පැවතීම, යනාදිය නිසාද බරපතළ වාස්තු දෝෂ හටගත හැකි බව ප්‍රියන්ත දයාරත්න මහතා පෙන්වා දෙයි.

වාස්තු දෝෂ සම්බන්ධයෙන් පවතින මත ගෙන හැර දක්වන ඔහු ඒවා දුරු කැර ගැනීමට යෝජනා කරන ප්‍රතිකර්ම ඉතා වැදගත් වෙයි. ඒ අනුව වාස්තු දෝෂ නිවැරැදි කැර ගැනීම සඳහා අධික වියදමක් දරමින් නිවසේ මහා කලබලයක් ඇති කැර ගත යුතු නැත. කිසිසේත්ම තනා නිම කළ නිවසේ දොර, උළුවහු, ජනේල යනාදිය කඩා ඉවත් කරමින් ඒවා නැවත නැවත පිළිසකර කිරීම ද අවශ්‍ය නොවේ. ඒ වෙනුවට පිරමීඩ සංකේත හා වර්ණ යොදා ගැනීම මඟින් වාස්තු දෝෂ මඟ හරවා ගත හැකි බැව් ඔහු අවධාරණය කරයි.

”වාස්තු දෝෂ ඉවත් කිරීමටත්, විශ්ව ශක්තිය හොඳින් ලබාගැනීමටත් යොදා ගත හැකි සරලම උපක්‍රමය වන්නේ පිරමීඩයක් තනා එය නිසි ලෙස ස්ථානගත කිරීමයි.”

ප්‍රියන්ත දයාරත්න මහතා පවසන පරිදි පිරමීඩයක් තනා ගන්නේ මෙසේය.

පිරමීඩයට ත්‍රිකෝණාකාර පැති හතරකි. එහි පතුල සම චතුරශ්‍රයක් ලෙස පිහිටිය යුතුය. සෙන්ටිමීටර් 10ක් උස පිරමීඩයක් තනාගැනීම සඳහා ත්‍රිකෝණවල පතුලේ දිග සෙ.මී. 15.7ක්ද, එහි දාරවල දිග සෙ.මි. 14.9ක් ද වන පරිදි ගත යුතුය.

එසේ සකසා ගත් ත්‍රිකෝණ හතර නිසි ලෙස සකසා ගෙන ඒවා ඇලවීමෙන් පිරමීඩයක් නිර්මාණය කැර ගත හැකිය. මේ සඳහා යකඩ හැර අනෙක් ඕනෑම අමුද්‍රව්‍යයක් යොදාගත හැකි බවත් දයාරත්න මහතා පවසයි. වාස්තු දෝෂයක් පවතින බැව් හඳුනාගත් විට එකී ස්ථානයේ මේ කුඩා පිරමීඩය තැබිය හැකිය. එය ස්ථානගත කළ යුත්තේ පිරමීඩයේ කොන් හතර ඊශාන, ගිනිකොන, වයඹ හා නිරිත යන අනු දිශාවන් දෙසටත් පැති හතර උතුර, දකුණ, නැෙඟනහිර, බස්නාහිර යන ප්‍රධාන දිසාවන් දෙසටත් යොමු වන පරිදිය.

පිරමීඩ, මිනිස් ඉතිහාසයේ මෙතෙක් නොවිසඳුන අභිරහස් රැසක් කැටි කර ගත් අපූර්ව නිර්මාණයකි. ප්‍රියන්ත දයාරත්න මහතා පෙන්වා දෙන පරිදි පිරමීඩයක ක්‍රියාකාරීත්වය අපටම අත්දැකීමෙන් වටහා ගැනීමට අවස්ථාව තිබේ.

කිරි වීදුරුවක් පිරමීඩයක් ඇතුළත තැබුවහොත් එය රසවත්ව මිදෙන බවත්, පිහිය, වැනි මුවහත ඇති උපකරණයක් එතුළ තැබුවහොත් එය මනාව, මුවහත් වන බවත්, මේ පිරමීඩය සෞඛ්‍යාරක්ෂක කටයුතු සඳහා යොදාගත හැකි බවත් ප්‍රියන්ත දයාරත්න මහතා පවසයි.

ඔහු අපෙන් සමුගෙන යෑමට පෙර ඉතා වැදගත් ප්‍රකාශයක් කෙළේය.

”වාස්තු දෝෂ තිබෙන බවත් ඒවා නිසා අනර්ථකාරී ප්‍රතිඵල ලැබෙන බවත් ඇත්ත. ඒ වුණත් කෙනෙක් වැර වෑයමෙන් උනන්දුවෙන් වෙහෙස නොබලා ක්‍රියා කරනවා නම් ජීවිතයේ ඕනෑම ගැටලුවක් ජයගන්න පුළුවන්. වාස්තු දෝෂ වැර වීරියෙන් දුරු කර ගන්න පුළුවන්. ඒත් ඔහුට ස්වභාවධර්මයෙන් නොමිලේ ලැබෙන ශක්තිය නම් නොලැබී යනවා. ඒ නිසා පමණට වඩා වෙහෙසීමට සිදු වෙනවා. ඒ මිස වාස්තු දෝෂ මත සියල්ල තීරණය වනවා යැයි සිතීම වැරදියි.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා