‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පොත් පුවත්

බොදු මග අනුව යන පවුල් දිවියේ සැනසුම
 

කර්තෘ - කපිල අභයවංස

මිල - රු. 250

ප්‍රකාශනය - ශ්‍රීදේවි ප්‍රින්ටර්ස්

සාමාන්‍ය ජන ජීවිතයට බුදු දහම උපයෝගී කරගන්නා ආකාරය සරල ලෙස විග්‍රහ කිරීමට බුදු දහම හා බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික මහාචාර්යවරයකු වන කපිල අභයවංස සමත් වී තිබේ.

පවුල්වල සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය සබඳතා මනාව පවත්වා ගැනීමෙන් ජීවිතයේ සතුට සැනසුම උදාකර ගත හැකි ආකාරය මෙහි මැනවින් විස්තර කර තිබේ. වැඳුම් පිදුම් පැවැත්වීම ම බෞද්ධකමයැයි සිතා සිටින අපේ පාරම්පරික බෞද්ධයන්ට ඉන් ඔබ්බට ගොස් නියම බෞද්ධකම තමන්ට වැඩදායි කරගෙන එයින් සැනසුමක් අත්කරගන්නා ආකාරය පැහැදිලි කිරීම මේ කෘතියේ අරමුණයි.

ඇතුළුවත
 

කර්තෘ - චන්දන රුවන් කුමාර

මිල - රු. 500

ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

ශ්‍රී ලාංකේය කලා කෙත අස්වැද්දූ කලාකරුවන් අතරින් තෝරාගත් පිරිසක් ගැන ගවේෂණය කොට ලියන ලද නිර්මාණාත්මක රචනා එකතුවකි. මෙහි සඳහන් කලාකරුවන්ගේ දිවි සැරිය මෙන් ම නිර්මාණ භාවිතය පිළිබඳව ද බොහෝ කරුණු අඩංගු ය.

කලාකරුවන් 28 දෙනකුගේ තොරතුරු ඇතුළත් මෙය ශාස්ත්‍ර ගවේෂීන්ට වටිනා තොරතුරු ඇතුළත් ග්‍රන්ථයකි.

අඹ උයන හා තිත්ත කරවිල වැල
 

කර්තෘ - රංගනා මධුභාෂිණී පෙරේරා

මිල - රු. 100

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

කුඩා දරුවන්ට යහපත් අයහපත් මිතුරු ඇසුරේ බලපෑම පහදා දෙන්නට ලියූ ළමා පොතකි. උපාලි වීරවර්ධන විසින් නිර්මාණය කරන ලද වෛවර්ණ සිතුවම් කෘතියට අලංකාරයක් එක්කර ඇත.

පිය හසර
 

කර්තෘ - විජයසිරි මිහිඳුකුලසූරිය

මිල - රු. 450

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

වැවේගම ඇම්. ඩබ්ලිව්. විලියම් සිඤ්ඤෝ නම් සිය පියාගේ අනුහත් වන උපන් දිනය කේන්ද්‍ර කරගනිමින් පුතා විසින් ලියන ලද අපදානයකි. බොහෝ විට චරිත කතා ප්‍රකට පුද්ගලයන් කේන්ද්‍ර කරගනිමින් ලියැවුණ ද මේ ලේඛකයා සිය ජීවිතයේ වීරයා වන තමන්ගේ තාත්තා ගැන මෙසේ ලිවීම වත්මන් පරපුරට ද ආදර්ශයක් ගෙන එන්නකි.

මේ කතුවරයා තම පියාගේ චරිතය ඉවහල් කරගනිමින් සමාජ සංස්කෘතික නිරූපණයක නිමග්න වීම සමඟින් ම වේගවත් දිවි පෙවෙතක් ගත කරන පුද්ගලයන්ට තමන් ගැන ආවර්ජනයක නිමග්න වීමට අපූරු කැඩපතක් ද මේ මඟින් විවර වී තිබේ.

අයියනායක දෙවියන්ගේ දේශීය සම්භවය
 

කර්තෘ - කපුරු බණ්ඩාර ජයතිලක

මිල - රු. 480

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවල බෙහෙවින් මුල් බැසගත් ජන ඇදැහිල්ලක් වන අයියනායක දෙවියන්ගේ සම්භවය පිළිබඳ ව සිදු කෙරුණු පර්යේෂණයක ප්‍රතිඵලයකි. ලක්දිව දේව ඇදැහිලි ගැන තොරතුරු රැසක් ද මෙයින් අනාවරණය කෙරේ. කතුවරයාගේ දර්ශනපති උපාධි නිබන්ධනයේ සංස්කරණයකි.

සිහිනයක් නොවූ සෙනෙහස
 

කර්තෘ - ධර්මසේන එදිරිසිංහ

මිල - රු. 350

ප්‍රකාශනය - ඈපා පොත්හල

මේ නවකතාව පාසල් සමයත්, යොවුන් වියත්, ආදරයේ සෙනෙහසින් ආඪ්‍ය ව ගත කළ තරුණියන් දෙදෙනකු සහ තරුණයකුගේ සිත්හි හටගත් ආදරණීය සිතිවිලි සමුදායක් මෙසේ නවකතාවකට ගොනු වී තිබේ. වරුණි, සාරංගි හා සමීර වටා ගෙතෙන මේ නවකතාව නොනවත්වා කියවාගෙන යා හැකි ආකර්ෂණීය බස් වහරකින් රචනා වී තිබේ.

යුග දෙකක මිනිස්සු

(විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා)

අනුවාදක - බොබී ජී. බොතේජු

මිල - රු. 250

ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

දීර්ඝ කාලයක් තිස්සේ විදේශීය සාහිත්‍යයන්හි රස සිංහල පාඨකයන් වෙත සමීප කරවන පරිවර්තකයා මේ කෙටිකතා සංග්‍රහය මඟින් විදේශීය විද්‍යා ප්‍රබන්ධ 10ක් ගෙන එයි. ඇතැම් කතාවක මුල් ලේඛකයා කවර රටක ද යන්න තබා ලේඛක නාමය වත් දක්වා නොතිබීම මහත් අඩුවකි.

සමන්මල් පියලි
 

කර්තෘ - චන්ද්‍රා මාලනී ද සිල්වා

මිල - රු. 250

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.

බොහෝ කලක සිට පුවත්පත් කවි සඟරා ආදියට නිර්මාණ සපයන කිවිඳිය මේ ග්‍රන්ථයට විවිධ තේමාවන් ඔස්සේ පබැඳුණු පැඳි නිමැවුම් 90ක් අන්තර්ගත කරයි. තමන් ජීවත් වන සමාජය කෙරෙහි නිරන්තර අවධානය ඇයගේ කව් චින්තාවන් පුබුදු කර ඇති සැටි පෙනෙන්නට තිබේ.

ඓතිහාසික ආගමික සාහිත්‍යාගත පුවතකින් වුව ඇය කිසියම් සමාජ සන්තාපයන් මතු කර ගැනීමට උත්සාහ දරා තිබේ.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 26

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 26, ග්‍රන්ථය ජනවාරි මස 23 පුන් පොහෝදා උදේ 10.00ට පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ දී ජනගත විණි.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද 'විස්තරාර්ථ ධම්ම පදය - 26 ග්‍රන්ථයෙන් බ්‍රාහ්මණ වර්ගයට අදාළ ගාථා හතළිස් එකක් පිළිබඳ ව විස්තර කෙරේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්