‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»

ඉසුරු ඉංජිනියරින් වර්ක්ස් රිදී සහ ලෝකඩ සම්මාන

ඉසුරු ඉංජිනියරින් වර්ක්ස් රිදී සහ ලෝකඩ සම්මාන

ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ඉසුරු ඉංජීනියරින් වර්ක්ස් පෞද්ගලික සමාගම සමත්විය. එහිදී ජාතික මට්ටමේ මධ්‍යම පරිමාණ අංශයේ හොඳම ව්‍යාවසායකයාට හිමි ලෝකඩ සම්මානය සහ සබරගමුව පළාතේ මධ්‍යම පරිමාණ අංශයේ හොඳම ව්‍යවසායකයාට හිමි රිදී සම්මානය දිනාගැනීමට ඉසුරු ඉංජිනියරින් වර්ක්ස් පෞද්ගලික සමාගම සමත්විය. පසුගිය වසරේදීද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා සම්මාන ප්‍රදානෝත්සවයේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට ඉසුරු ඉංජීනියරින් වර්ක්ස් පෞද්ගලික සමාගම සමත්විය.

“අපි සෑම විටම නවොත්පාදනයට මූලිකත්වය දෙමින් ඉදිරියට යන ව්‍යාපාරයක්. පාරිභෝගිකයන්ට උසස් නිෂ්පාදන ලබාදීම තමයි අපේ ප්‍රමුඛ අරමුණ. එසේම අපි ලැබු මේ ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ ප්‍රතිඵලයක් බව අනිවාර්යයෙන්ම සඳහන් යුතුය.” සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඉසුරු ඉංජිනියරින් වර්ක්ස් පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක උපුල් ආනන්ද මහතා එලෙස පැවසුවේය.

දශක දෙකකට ආසන්න කාලයක් පුරා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ ව්‍යාපාරයක් ලෙස වැජඹෙන ඉසුරු ඉංජිනියරින් වර්ක්ස් පෞද්ගලික සමාගම තේ කර්මාන්තයට අදාළ යන්ත්‍ර නිෂ්පාදනය කරන සහ අලුත්වැඩියා කරන ප්‍රධාන සමාගමකි.

පිටරටවලින් ශ්‍රී ලංකාවට ආනයනය කරන යන්ත්‍ර සූත්‍ර පවා මෙරටදී නිෂ්පාදනය කිරීමේ හැකියාව ඉසුරු ඉංජිනියරින් වර්ක්ස් පෞද්ගලික සමාගම සතුවේ.

පිටරටවලට ඇදීයන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ඉතිරිකර ගැනීමට ඉසුරු ඉංජිනියරින් වර්ක්ස් පෞද්ගලික සමාගමෙන් ලැබෙන්නේ සුවිශාල දායකත්වයකි. තම ආයතනය සතු උසස් ඉංජිනේරු තාක්ෂණය, විශේෂඥ දැනුම සහ පළපුරුද්ද මගින් ඉසුරු ඉංජිනියරින් වර්ක්ස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නගා සිටුවීමට ප්‍රමුඛ මෙහෙවරක් සිදුකරයි.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්