‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»

'කලා පොළ'මේ 31දා කොළඹ දී

'කලා පොළ'මේ 31දා කොළඹ දී

ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිල, 'කලා පොළ' ආනන්ද කුමාර ස්වාමි මාවතේ දී එළඹෙන මේ 31 වැනිදා ඉරු දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව සමඟින් ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ එදින උදෑසන 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිතය.

ගෙවී ගිය වසර 22 තුළ දී මෙන් මෙවර ද කලා පොළ සඳහා දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනතාවගේ නෙත් සිත් වර්ණවත් කරමින් පැරීසියේ මොන්මාතර් වැනි පෞරාණික යුරෝපා අග නගරයන් හි පැවැත්වෙන එළිමහන් ගිම්හාන කලා පොළවල්වල ආභාසය ලබා ගනිමින් පැවැත්වෙන කලා පොළ කොළඹ සංස්කෘතික දිනපොතෙහි මඟ නොහැරිය යුතු ඉසව්වක් බවට අද වන විට පත්ව තිබේ.

කලා පොළ 2016 සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝර්ජ් කීට් පදනමේ සභාපති සෙඩ්රික් ද සිල්වා මහතා, “මෙය හුදෙක් ප්‍රදර්ශනයකට පමණක් සීමා වී නැහැ. එය කලාකරුවන් හට ආදායම් ඉපයීම සඳහා අවස්ථාවක් ද හිමිකර දී තිබෙනවා.

පසුගිය දශක දෙක පුරාවට කලා පොළ සාර්ථක කර ගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහය විසින් ලබාදෙන ලද මිල කළ නොහැකි අනුග්‍රහය වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය ද මේ අවස්ථාවේ මා පුදකර සිටිනවා”යැයි සිල්වා මහතා මෙහිදී කියා සිටියේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්