‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»

මධ්‍යම පළාතේ හොඳම ව්‍යවසායකයාට හිමි රිදී සම්මානය දිනයි

මධ්‍යම පළාතේ හොඳම ව්‍යවසායකයාට හිමි රිදී සම්මානය දිනයි

ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට පබා එක්සලන්ට් කොස්මෙටික්ස් ආයතනය සමත්විය. එහිදී ජාතික මට්ටමේ මධ්‍යම පරිමාණ අංශයේ හොඳම ව්‍යාවසායකයාට හිමි කුසලතා සම්මානය සහ මධ්‍යම පළාතේ මධ්‍යම පරිමාණ අංශයේ හොඳම ව්‍යවසායකයාට හිමි රිදී සම්මානය දිනාගැනීමට පබා එක්සලන්ට් කොස්මෙටික්ස් ආයතනය සමත්විය. පසුගිය වසරේදීද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා සම්මාන ප්‍රදානෝත්සවයේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට පබා එක්සලන්ට් කොස්මෙටික්ස් ආයතනය සමත්විය.

'අපි සෑමවිටම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන, නවීන තාක්ෂණයට අනුකූලව භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ප්‍රතිඵල ලෙස මේ සම්මාන හැදින්විය හැකියි. නවොත්පාදනයට මූලිකත්වය දෙමින් ඉදිරියට යන ව්‍යාපාරයක් ලෙස පාරිභෝගිකයන්ට උසස් නිෂ්පාදන ලබාදීම තමයි අපේ ප්‍රමුඛ අරමුණ.' සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පබා එක්සලන්ට් කොස්මෙටික්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක පාලිත බංඩාර අලහකෝන් මහතා එලෙස පැවසුවේය.

2001 වසරේදී ආරම්භ කරන ලද පබා එක්සලන්ට් කොස්මෙටික්ස් ආයතනය දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සකසන ස්වාභාවික රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. නයිට් ක්‍රීම්, ඩේ ක්‍රීම්, ෆුට් ක්‍රීම්, බොඩි ලෝෂන්, බොඩි මිල්ක්, සබන්, සුවඳ විලවුන්, ෆේස් ෆැක්, ෆේස් ස්ක්‍රබ්, ෆේස් වොෂ්, හෙයා ඔයිල් ආදී ආයුර්වේදීය නිෂ්පාදන රැසක් මේ අතර වේ. www.paba.lk වෙබ් අඩවිය ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

පබා එක්සලන්ට් කොස්මෙටික්ස් ආයතනය ගුණත්මකභාවයෙන් යුත් උසස් තත්ත්වයේ රූපලාවණ්‍ය නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට නිකුත් කරන ආයතනයක් ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර විශ්වාසනීය නාමයක් දිනාගැනීමට සමත්වී සිටී.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්