කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
DFCC නව ශාඛාව හිඟුරක්ගොඩ

DFCC නව ශාඛාව හිඟුරක්ගොඩ

DFCC තම නවතම ශාඛාව 2016 ජනවාරි 20 වැනි දින හිඟුරක්ගොඩ ඩී.එස් සේනානායක මාවතේ අංක 88 දරණ ස්ථානයේ විවෘත කරනු ලැබීය.

මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ප්‍රනාන්දු මහතා සහ බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතාද ඇතුළුව බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාව සහභාගීවූහ.

මෙම නවතම බැංකු ශාඛාව මගින් ව්‍යෘපෘති මූල්‍ය පහසුකම්, ව්‍යාපාරික බැංකු සේවා සහ පුද්ගලික බැංකු සේවාද ඇතුළුව සියලුම බැංකු සේවා ප්‍රදේශයේ ව්‍යාපාරික සහ සාමාන්‍ය කරුවන්ට ඉතාම ඉක්මනින් සහ කාර්යක්ෂමව සපයනු ඇත.

ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ නගරය පිහිටා ඇති අතර වී වගාව හා වී වගාව ආශ්‍රීත කර්මාන්තයන්ට ප්‍රසිද්ධියක් උසුලයි.

හිඟුරක්ගොඩ විවෘත කරන ලද මෙම නව ශාඛාව සියලුම වාණිජ බැංකු සේවා සපයනු ලබන ශාඛාවක් වන අතර මෙමගින් ව්‍යාපෘති ණය, ප්‍රාග්ධන ණය, වගකීම් පත් සහ බැඳූම්කර, ඉතිරි කිරීමේ ගිණුම්, ජංගම ගිණුම්, පෞද්ගලික ණය, නිවාස ණය, අධ්‍යාපනික ණය, වාහන කල්බදු පහසුකම්, රන් භාණ්ඩ උකස් තැබීමේ ණය, ව්‍යාපාරික ණය, විදේශ මුල්‍ය ගනුදෙනු පහසුකම් මෙන්ම වෙස්ටර්න් යුනියන් හරහා මුදල් යැවීමේ පහසුකමද ලබා දෙනු ඇත.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට ආරක්ෂාකාරීව සහ විශ්වාසදායක ලෙස මුදල් ප්‍රේෂණය කිරීම සඳහා හඳූන්වා දුන් ලංකා මනී ට්‍රාන්ස්ෆ්ර් සේවාවද මෙහිදී ලබා ගත හැකිය. එමෙන්ම බැංකුව නවතම තාක්ෂණය යොදා ගනිමින් ඔන් ලයින් බැංකු සේවා සහ පැය 24 පුරාම ක්‍රියාත්මක වන දුරකථන සහාය සේවාවද ලබාදෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]