|
||
සිංහරාජ වනාන්තරය රැකගනිමු1988 ඔක්තෝබර් 21 දින ලෝක උරුමයක් ලෙස
ප්‍රකාශයට පත්ව ඇති සිංහරාජ වැසි
වනාන්තරය හෙක්ටයාර් 11184ක වර්ග
ප්‍රමාණයකින් යුක්ත ය. අදින් වසර මිලියන
15කට පෙර දක්වා වූ ඈත ඉතිහාසයකට හිමිකම්
කියන සිංහරාජ වනාන්තරය ලංකාවේ දකුණු හා
සබරගමු යන පළාත්වලටත් ගාල්ල, මාතර,
රත්නපුර යන දිස්ත්‍රික්කවලටත් අයත් වෙයි. අතීතයේ සිට ම මිනිසාගේ අකාරුණික
බලපෑම්වලට ලක්වන සිංහරාජයේ අනවසර වන
විනාශය අදටත් පැවතීම කනගාටුදායක ය.
වටිනා ශාක හා සත්ත්ව ප්‍රජාව අහිමි වී
අවසානයේ මුඩු බිමක් පමණක් ඉතිරිවීම මෙහි
අවසාන ප්‍රතිඵලය වනු ඇත. අවන්ති මෝක්ෂා විජේවර්ධන හේන් ගොවියාගේදහසක් දුක් විඳ හේන කෙටුවේ ඩී.එම්.කේ.පී.ටී. දිසානායක
පොඩි සාධුපොඩි කාලේ මිතුරො එක්ක හිරුදිනි කුමාරි විජේතිලක
මා ගිය දුම්රිය ගමනගාල්ලේ සිට මාතලේට දුම්රියෙන් ගියේ
සතුටින්ය. මුහුද බලමින් කොළඹ පසු කළා. කොළඹ
දුම්රියපළ ඉතා විශාලයි. රඹුක්කන පසු කළ
විට උමං යටින් ගියේ හරිම බයෙන්. තිසර දහම් දිසානායක වැස්ස වහිනවාවැස්ස වහිනවා සචිත්ත දිල්ෂාන් කුමාර, දිනක උදාවහිරු කුමරා අඳුර මකා දමා ලස්සන දවසක මෙහෙවර ආරම්භ කරයි. කිචි බිචි නදින් ගීත ගයන කුරුලු කිරිලියෝ මිනිසුන් අවදි කරති. රැයෙහි නිදාගත් මිනිස්සු අවදිවී යුහුසුලුව තම තමන්ගේ වැඩෙහි යෙදෙති. පාළුවට ගොස් තිබූ මහා මාර්ග ටිකින් ටික වාහනවලින් පිරෙන්නට පටන් ගනියි. පුංචි දරු දැරියෝ සුදු ඇඳුමින් සැරසී පාසල කරා ඇදෙති. පුංචි මල් කැකුළු හිරුට සිනාසෙන්නාක් මෙන් පෙති විහිදමින් විකසිත වෙයි. මී මැසි සමනලයින් විගසින් පියාඹා යන්නේ මල්වල රොන් උරා බීමටයි. තණ පත් මත වැටුණු පිනි බිඳු හිරු රැස් වැටී දියමන්ති මෙන් දිලිසෙයි. උදෑසන හමන සිසිල් සුළඟ ගත සිත ප්‍රබෝධවත් කරයි. රැය ගෙවී පහන් වී ප්‍රබෝධවත් දිනක් උදාවෙයි. ජේ. සීමානි ශශිප්රභා
ජයලත් වැඩිහිටියන්ට සලකමුශ්රී ලාංකික ජනතාව සිංහල සංස්කෘතිය හා ජාතිය සුරක්ෂිත කරන අභිමානවත් ගෞරවනීය ජාතියකි. ඉතා පෞරාණික ප්‍රෞඪ ඉතිහාසයේ පටන් සාරධර්මවලින් පිරිපුන්, අගනා ගුණධර්මයන්ගෙන් පෝෂණය වූ අපගේ ලක්වැසියෝ වැඩිහිටියන්ට සැලකීම මූලික කොට ගත්හ. රන්, මිණි, මුතු, රිදී වලට වඩා අපගේ වැඩිහිටියෝ වටිනාකමින් අගතැන්පත් වෙති. අප යහමඟ යවන, අපට ඔවදන් ලබාදෙන, සමාජ
අභියෝගවලින් අපව ආරක්ෂා කරන, අපට වඩා එක්
දිනකින් හෝ වැඩිමහලු වූවන් අපි
වැඩිහිටියන් ලෙස සලකමු. පුංචි මල් කැකුළු
වැනි කුඩා දරුවන් නිවසේ වැඩිහිටියන්
තුළින් පෝෂණය වන අතර ඔවුහු සිප්සතර
හැදෑරීමට ගුරුගෙදරට යති. එතැන් පටන්
ඔවුහු නිෙවසේ වැඩිහිටියන්ට මෙන් ම
ගුරුවරුන්ට ද සැලකීමට, ගෞරව කිරීමට
පුරුදු වෙති. ඉහත කියමනෙහි ආකාරයට අනුන්ට ඔවදන් දීමට පෙර තමා එම ඔවදන්හි පිහිටා සිටිය යුතුය. එහෙත් වර්තමාන සමාජයේ සමහර වැඩිහිටියෝ තමා වැරැදි කරමින් අන් අයට යහ මඟ යෑමට උපදෙස් දෙති. අප එවැනි වැඩිහිටියන් ආදර්ශයට ගන්නේ කෙසේද? එහෙත් මෙම සමාජයේම අපව යහමඟට යොමු කරන වැඩිහිටි පිරිසක් ද වෙති. අපව යහමඟට ගන්නා මෙවැනි වැඩිහිටියන්ව අප පිදිය යුත්තේ සැදැහැ සිතින් නොවේ ද? එම නිසා එවැනි වැඩිහිටියන්ට නිතරම ගෞරවයෙන් සැලකීමට අප සැම අද පටන් පුරුදු වෙමු. උත්පලා අංජලී සෙනෙවිරත්න දහම් පාසලඋදෙන් පිබිද තරුෂි නවෝද්‍යා රණසිංහගේ
දක්ෂ දරුවෝ පබසරාගේ ගිරවා සහ ගොවියා
පබසරා කුමාරි තිඹිරියාගම ඉගෙනීමෙහි මෙන්ම නිර්මාණකරණයේ ද දක්ෂය. ජයවර්ධනපුර ධර්මපාල මහා විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පබසරාගේ අලුත්ම පොත ගිරවා සහ ගොවියා කතන්දර පොතයි. මාල ගිරවකු හා ගොවියකු අතර ඇතිවන සංවාදය තුළින් සත්ත්ව කරුණාව මනුස්සකම, ගහකොළ පරිසරය ගැන ද පබසරා කුමාරි දියණිය කතාබහ කරන්නීය. ඉතාමත් සරල බස් වහරින් යුතුව නිර්මාණය කර ඇති මේ කතා පිංච කුඩා දරුවන්ගේ සිත් ඇද ගනු නොඅනුමානය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |