මනාලයෝ

අගනුවර ආසන්නයේ දැහැමි ජීවිතයක් ගෙවන මතින් තොර ආදායමැති, අයෙකු දහමට කැමැති, පැහැපත් ගුණගරුක කාන්තාවක් ඉක්මන් නිහඬ විවාහයට. දුරකථනය සමඟ ලියන්න.

G85722

අපගේ පුතණුවන් ඉලෙක්ට්‍රොනික් උපාධිය හිමි ඇමෙරිකාවේ කළමනාකාර තනතුරක් දරන අඩි 5' 9" ක් උස තලඑලලු, නිර්දෝෂී පක්ෂය ලෙස දික්කසාද වූ අයෙකි. 1969 දෙසැම්බර් උපත ලැබුවද ඔහුගේ උද්යෝගී සැනසිලි දායක ජීවනශෛලියත් ශිෂ්ඨ ආකල්පයත් නිසා ඔහුට අවුරුදු 35 ක පෙනුමක් ඇත. අපේ බලාපොරොත්තුව සමාජශීලී පි‍්‍රයමනාප අවුරුදු 35 පමණ වයසැති ඇමෙරිකාවේ පදිංචියට කැමති දියණියකි. වැඩි විස්තර [email protected] com මගින් ලැබෙන්න සලස්වන්න.

G85582

කළු., බොදු ගොවි 33, 5'11'' Marine Engineer විශ්වවිද්‍යාල කථිකාචාර්ය පුතුට 29 අඩු 5'3'' වැඩි උගත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. amarasekara50@ gmail.com. 034-2237807

G85494

කාරුණික ආරාධනාවයි. පිටරට වෙසෙන සිංහල බොදු ගොවි ඉතා වැදගත් දෙමාපියෝ සුදු පැහැති රූමත් චරිතවත් දියණියක් තමන්ගේ 21 හැවිරිදි 5' 10" කඩවසම් මනා හැදුමකින් යුතු පුතුට සොයති. ඔහු වෛද්‍ය පාඨමාලාව විශ්වවිද්‍යාලයේ හදාරයි. සමාජ වෙනස්කම් හා ආර්ථික තත්ත්ව නොසලකයි. මූලික හැඳුනුමකින් පසු විවාහය අපේක්‍ෂා කරති. විමසන්න. email: hds4la@ yahoo.com

G85566

පිළියන්දල, 1978 මාර්තු උපන්, බොදු ගොවි උස 5' 8", කොළඹ ප්‍රධාන පාසැලක උගත්, දුසිරිතෙන් තොර, කොළඹ ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක සාමාන්‍යාධිකාරී තනතුරක් දරන, අලෙවිකරණ පිළිබඳ උපාධිධාරී, තලෙළු, කඩවසම්, සාමාන්‍ය සිරුරක් හිමි, අගනුවර වටිනා ඉඩමක් හා මෝටර් රථයක් හිමි, පියා ඉන්දියානු දෙමළ කේරළ ජාතික (මියගිය), මව සිංහල බොදු ගොවි (ගම්පහ), එකම වැඩිමල් සොහොයුරිය විවාහ වී වෙනම පදිංචිවී ඇත. උගත්, රූමත්, චරිතවත්, ගුණගරුක දියණියක් මව සොයයි. සියලු විස්තර සමඟ විමසන්න. 033-5715327.

G85760

බස්නාහිර බොදු ගොවි 1969 උපාධිධාරී 5' 6" යුරෝපයේ රැකියාවැති ලංකාවට පැමිණීමට නියමිත නිවසක් හිමි පුතුට සහකාරියක් සොයයි. දික්කසාද වී ඇත. දරුවන් මව භාරයේය.

G85746

1969 උපන් බොදු ගොවි ජා-ඇල පදිංචි දික්කසාද වූ කඩවසම්, ලාබාල පෙනුමැති අධ්‍යාපනික හා වෘත්තීයමය වශයෙන් මනා සුදුසුකම්ලත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවන, ඔස්ට්‍රේලියාවේ ස්ථීර පුරවැසිභාවය හිමි. රු. මිලියන 40 ක දේපළ උරුම වන, දැනට ආචාර්ය උපාධියකට සූදානම් වෙමින් සිටින පළමු විවාහයෙන් අවු. 11 ක ඔස්ට්‍රේලියාවේ ජීවත්වන පිරිමි දරුවකු සිටින පුතුට උසස් සුදුසුකම් සහිත, රූමත් තරුණ, විශේෂයෙන්ම සම තත්වයේ පසුවන දියණියක මව සොයයි. වෘෂභ ලග්න, මා නැකත, සම්පූර්ණ විස්තර සහ කේන්දර පිටපත සමග පිළිතුරු එවන්න. [email protected]

G85545

මනාලියෝ

අපගේ දුවණිය 5' 3" මනා පෙනුමෙන් යුතු කාරුණික හදවතක් ඇති ඇමෙරිකාවේ උපාධි ලබා එහි ප්‍රසිද්ධ රෝහලක සේවයේ නිරත වන, නිර්දෝෂි පාර්ශවයක් ලෙස දික්කසාද වී අවුරුදු 8 ක වාසනාවන්ත පුතෙක් සමග ජීවත් වේ. ඇය 1971 නොවැම්බර් උපත ලැබුවත් අවු 30 ක පෙනුමකින් යුතුය. ඇමෙරිකාවේ සහ ලංකාවේ ඇය සතු දේපළ ඇත. අපේ බලාපොරොත්තුව ආචාරශීලී නිහතමානී ඇමෙරිකාවේ පදිංචියට කැමති සත්පුරුෂයෙකි. වැඩි විස්තර [email protected] මගින් ලැබෙන්න සලස්වන්න.

B85583

අවු. 26 මනා පෙනුමැති 5' 3" පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක ආචාර්ය වෛද්‍ය උපාධිය අවසන් වසර ඉගෙනුම ලබන මනා හැදියාවක් ඇති චරිතවත්, විනීත දියණියට සිංහල/ බොදු දෙමාපියන් අවු. 30 ට නොවැඩි සරල ගති පැවතුම් ඇති, ගුණයහපත්, වෛද්‍ය / ඉංජිනේරු රැකියාවකින් යුතු, මනා පෙනුමැති පුතෙකු සොයයි. පවුලේ විස්තරද කේන්ද්‍ර කොපියද සහිතව විමසන්න. prophoroscope123@ gmail.com (ඊ-මේල් මගින් පමණක් පිළිතුරු සපයන්න.)

B85555

කොළඹට නුදුරු බොදු සලාගම වැදගත් දෙමාපියන් තම පැහැපත් රූමත් ඉතා ලාබාල පෙනුමැති 1978 සැප්තැම්බර් 5' 7" පශ්චාත් උපාධිධාරි කොළඹ උසස් අර්ධ රාජ්‍ය ආයතනයක ඉතා ඉහළ රැකියාවැති දියණියට සුදුසු සහකරුවකු සොයයි. කේන්දරය සමග ඊමේල්/තැපැල් මගින්. [email protected]

B85796

පානදුර බොදු ගොවි 1986, 5' 3" උස, BSC (IIT) පරිගණක උපාධිය සහ MBA සමත් විධායක රැකියාවක නියුතු පැහැපත්, ආගමට ලැදි දියණියට උගත් විධායක රැකියාවැති ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. ඇයට පරිගණක ඉංජිනේරු සහ උපාධිධාරී විවාහක වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකි. අප පදිංචි දෙමහල් නිවස සහ තැන්පතු ඇය සතුය. කටක ලග්න අනුර නැකත, ශනි මංගල යෝගයට ගැළපෙන කේන්ද්‍රය සමඟ පවුලේ සියලු විස්තර සහ දුරකථන අංකය එවන්න. [email protected]

B85808

බොදු රජයේ ස්ථිර රැකියාව, දේපළැති උපාධිධාරි දියණිය අවු. 39, 5' 3" උගත් ස්ථිර රැකියාවැති ගුණගරුක අවු. 43 අඩු සහකරුවෙකු මව සොයයි. පාපී නොවන කේන්ද්‍රයකි. කේන්ද්‍රය හා පවුලේ විස්තර එවන්න. email: [email protected]

B85754

බොදු, සිංහල අවු. 50 වැන්දඹු වයස නොපෙනෙන අවු. 24 ක පුතකු සිටින මාගේ මිතුරියට වැදගත් සහකරුවකු සොයයි. devinsamarakoon@ gmail.com 

B85572

මගේ වැඩිමහල් දියණිය පැහැපත් වයස 45 වුවද 35 පෙනුම ඇති උස 5'8" කොළඹ උසස් බාලිකා පාසලක නේවාසික උසස් පෙල දක්වා උගත් අවිවාහක මානසික රෝගයකට ප්‍රතිකාරගෙන සුවය ලබා සිටින කොළඹට නුදුරු මහල් නිවසක් හිමි ඇයට එහි පදිංචියට කැමති ස්ථිර ආදායමක් ඇති සහකරුවෙකු මව සොයයි. කුලය ආගම විශේෂ නැත. කේන්දර විශ්වාස නොකරමි. මගේ දියණියට ගැලපෙන සහකරු ඔබ කියා සිතනවානම් පිලිතුරු බලාපොරොත්තු වෙමි. [email protected]

B85789

 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්