ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»


රාමායනය නූර්තිය යළි කරළියට

රාමායනය නූර්තිය යළි කරළියට

‘රාමායනය’ නාටකයටත් රසපූර්ණ ගී කීපයක්ම

ඇතුළත් වෙනවා. මෙහි සම්පූර්ණ ගීත සංඛ්‍යාව

54ක් බව පැවසෙනවා. ‘අඹ දඹ නාරන් කෙසෙල් දෙල්’, ‘පායන මේ බැද්දේ තාරපති ද මේ’, ‘සීතා මා ශ්‍රියා ඉන්නේ කොහෙදෝ’, ‘බන්දා මා දෙත්දෝ පියා‍ෙණා්’ වැනි ගී ඊට නිදර්ශන. නව නිෂ්පාදනයට මෙයින් ගී 34ක් ඇතුළත් කර ගැනෙනවා. ඒ අතරට ඉහත ගී සියල්ල ඇතුළත්. මේ ගී කොයිතරම් ජනප්‍රිය ද කිවහොත් ෂෙල්ටන් පෙරේරා

ප්‍රමුඛ ගායකයන් පසු කලෙක පවා

මේ ගී ගායනා කළ බවට මතක ඇති. ජෝන් ද සිල්වාගේ ‘රාමායනය’ නූර්ති අභිනව නිෂ්පාදනයක් මේ මස 24, 25, 26 දිනවල මරදාන ටවර් රඟහලේ වේදිකාගත කෙරෙනවා. මෙවර එය නිෂ්පාදනය කරන්නේ ලයනල් ගුණතිලක. ඔහු නූර්ති නාට්‍ය හා විශේෂයෙන් නූර්ති ගී ගැන ප්‍රාමාණික අවබෝධයකින් යුතු නාට්‍ය කලා ශිල්පියෙක්.

සීමාසහිත පූර්වදිග ලංකා නෘත්‍ය සමාගම වෙනුවෙන් ජෝන් ද සිල්වා රාමායනය නාට්‍යය නිෂ්පාදනය කළේ 1886 දී. කොළඹ පුෂ්ප ශාලාවේ මෙය වේදිකාගත වූ අවස්ථාවේ ජෝන් ද සිල්වාගේ විරුද්ධවාදී පිරිසක් එම රංග ශාලාවට ගිනි තැබු බවත් පසුව මෙය ‘ගිනිගත් රාමායනය’ වූ බවත් මා අසා තිබෙනවා. මේ සිද්ධියට අදාළව ඔහු තවත් නාටකයක් රචනා කර නිෂ්පාදනය කළා. ඒ ‘ගිනි හටන හෙවත් පුෂ්ප ශාලාවට හනුමාගේ පැමිණීම.’ ‘රාමායනය’ නූර්තියේ නාට්‍ය පෙළ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ජෝන් ද සිල්වා නාට්‍ය කෘති එකතුව (ප්‍රථම භාගයට) ඇතුළත් වෙනවා.

ලංකාවට පැමිණි කේ. එම්. බලිවාලා ප්‍රමුඛ පාර්සි නාට්‍යකරුවන්ගේ ආභාසය ලබා සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර නිෂ්පාදනය කළ ‘රොලිනා’ නාට්‍යයත් සමඟ අපේ රටේ නූර්ති නාට්‍ය කලා සම්ප්‍රදාය ආරම්භ වෙනවා. එම නූර්ති යුගයේ බිහිවුණු විශිෂ්ටතම නාට්‍ය රචකයා, ගීත ප්‍රබන්ධකයා ලෙස හඳුන්වා දිය හැක්කේ ජෝන් ද සිල්වා.

ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රමුඛ සමස්ත නූර්ති නාටකවල ජනප්‍රියත්වයට බෙහෙවින්ම ඉවහල් වුණේ ගීත හා සංගීතයයි. විශේෂයෙන් විශ්වනාථ ලව්ජි වැනි ඉන්දීය සංගීතඥයන්ගේ ඉමිහිරි ගී තනු හේතුවෙන්. ඒ තාලවලට තමයි නූර්ති රචකයන් වචන දැම්මේ. මේවා හින්දුස්ථානි රාග තාල. ඒ නිසා ඒ ගී ලේසියෙන් බැහැර කරන්න බැහැ. ඒවා අදටත් ජනප්‍රිය මධුර මනෝහර ගී.

‘රාමායනය’ නාටකයටත් රසපූර්ණ ගී කීපයක්ම ඇතුළත් වෙනවා. මෙහි සම්පූර්ණ ගීත සංඛ්‍යාව 54ක් බව පැවසෙනවා. ‘අඹ දඹ නාරන් කෙසෙල් දෙල්’, ‘පායන මේ බැද්දේ තාරපති ද මේ’, ‘සීතා මා ශ්‍රියා ඉන්නේ කොහෙදෝ’, ‘බන්දා මා දෙත්දෝ පියා‍ෙණා්’ වැනි ගී ඊට නිදර්ශන. නව නිෂ්පාදනයට මෙයින් ගී 34ක් ඇතුළත් කර ගැනෙනවා. ඒ අතරට ඉහත ගී සියල්ල ඇතුළත්. මේ ගී කොයිතරම් ජනප්‍රිය ද කිවහොත් ෂෙල්ටන් පෙරේරා ප්‍රමුඛ ගායකයන් පසු කලෙක පවා මේ ගී ගායනා කළ බවට මතක ඇති.

එකල ටවර්හෝල් නාට්‍ය සඳහා උන්මාදනීය ප්‍රේක්ෂක පිරිසක් හිටියා. ඔවුන් ටවර් හෝල් නළු නිළියන්ට කොයිතරම් ආශක්ත වුණා ද කිවහොත් තමන් කැමැති නළු නිළියන් වේදිකාවට ආවම මුදල්, රත්තරන්, පට ලේන්සු, රන් මුදු වේදිකාවට විසි කළා ලක්ෂ්මි බායි මියයන තෙක්ම ඇගේ නළලේ තිබු කැළල එසේ කාසි පොදියක් වේදිකාවට විසි කරද්දි ඇතිවූ තුවාලයක ප්‍රතිඵලයක්.

ටවර්හෝල් යුගයේ අති දක්ෂ නළු නිළි පිරිසක් හිටියා. විශේෂයෙන් රොම්ලස් ද සිල්වා වගේ. රොම්ලස් මාස්ටර්ගේ රඟපෑම් අපේ මහා නළු ගාමිණි ෆොන්සේකා පවා අගය කර තිබෙනවා. ධර්මදාස කුරුප්පු ලියු ලිපියක සඳහන් වන ආකාරයට රොම්ලස් සිල්වා ගම්භීර, තේජවන්ත, දඩබ්බර චරිත ආදි ඕනෑම චරිතයක් තත්ත්වාකාරයෙන් රඟපෑමේ දක්ෂතාවයක් තිබු එසේම රාග තාල නොබිඳි ගී ගැයීමේ හැකියාවක් තිබු නළුවෙක්.

එකල සමහර නළුවන් ගැහැනු චරිත රඟපෑවා. සරලා බායි, ඇන්ඩෘ පෙරේරා, පර්සි පෙරේරා එසේ රඟපෑ තිදෙනෙක්. ඒ විතරක් ද? ඇතැම් නිළියන් පිරිමි චරිතත් රඟපා තිබෙනවා. ලක්ෂ්මි බායි, ඇනි බොතේජු, දේවි සකුන්තලා එබඳු නිළියන්.

සිනමාවේ ආක්‍රමණයන් සමඟ නූර්ති නාට්‍ය සම්ප්‍රදාය අභාවයට ගියා. 1930 දී විතර එතෙක් නාට්‍ය පෙන්වූ ටවර් රඟහල චිත්‍රපට පෙන්වන්න පටන්ගත්තා. වේදිකා නාට්‍යකරණය ජීවිකාව කරගත් බොහෝ ශිල්පීන්ට යන එන මං නැතිව ගියා. කොටින්ම ඔවුන් නන්නත්තාර වුණා. 1978 දී ටවර් රඟහල ජනසතු කරන අවස්ථාවේ පැරැණි ටවර්හෝල් නළු නිළියන් හිටියේ ඉතාම දුඃඛිත තත්ත්වයක. ආමර් වීදියේ හිටපු ලක්ෂ්මි බායි දැඩි ආර්ථික අහේනියකට මුහුණපා සිටියා. මරදානේ අභයසිංහාරාම පාරේ හිටපු සරලාබයි කුලියට ඇඳුම් මැහැව්වා. සුසිලා ජයසිංහ ගේ කුලියට දීලා කුස්සියේ පදිංචි වෙලා හිටියා. ඒ වගේම ඩබ්ලිව්. සිල්වෙස්ටර්, විමලා කාන්ති, සෝමා කාන්ති, ඊ. මාෂල් පෙරේරා, එම්. ජී. තුංගසේන යන නළු නිළියන් ද ගත කළේ අන්ත අසරණ ජීවිතයක්. මේ විස්තර මං දැනගත්තේ ඒ දවස්වල ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදි ඒ. ඩී. රන්ජිත් කුමාර ‘සරසවිය’ පත්‍රයේ මැද පිටුවට ලියු විශේෂාංග ලිපියකින්. රන්ජිත් මේ සියලු දෙනාම සොයා ගිහින් ඔවුන් එක්ක සාකච්ඡා කරලයි ඉහත ලිපිය ලිව්වේ.

ආර්. ප්‍රේමදාස අගමැතිතුමා ටවර් රඟහල ජනසතු කරලා පැරැණි කලාකරුවන්ට නිවාස ලබාදීලා, ඔවුන්ට මාසික දීමනාවක් දීලා, ප්‍රසංගවලට සහභාගි කරවගෙන කළේ අති විශාල සේවයක් බව කෘතඥතා පූර්වකව සඳහන් කරන්න ඕනැ. ඒ වගේම ‘සිරිසඟබෝ’, ‘ශ්‍රී වික්‍රම’ වැනි පැරැණි ටවර් හෝල් නාටක පුනර් නිෂ්පාදනය කරන්ට කටයුතු යෙදුවා. මේ පුනර් නිෂ්පාදන වැඩපිළිවෙළ මහාචාර්ය සරච්චන්ද්‍ර විවේචනය කළේ එලොවටත් නැති - මෙලොවටත් නැති වැඩක් විදියට. ඒ අනුව මෙවර ‘රාමායනයත්’ එලොව මෙලොව නැති වැඩක් වේවි ද?

 සුනිල් මිහිඳුකුල

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්