ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»


නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

ඔබට වසවිසෙන් තොර ආහාර ගෙවත්තෙන්ම නිපදවාගත හැකිය. නැවුම් එළවළු පළතුරු මෙන්ම වසවිසවලින් තොර ආහාර ලබා ගැනීම, ඉඩමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අමතරව ඵලදායීව හා විනෝදාංශයක් ලෙස කාලය ගත කිරීම, අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීම සහ ශරීරයට ව්‍යායාම ලබාගැනීමට හැකිය. අමතර ආදයම් ඉපයීම හේතුවෙන් ආර්ථිකය ද දියුණුකර ගත හැකි වනු ඇත.

ඔබත් ඔබේ ගෙවත්තේ බෝග, පැළ, ගස්කොළන් සමඟ කතාකරමින් ඒවාට ආදරය කරමින් ගොවිතැනේ නියැළෙන්න. ඒ ආදරය පෙරළා පරිසරය වෙතින්, වගාව වෙතින් ඔබට ලැබෙනු ඇත.

උදාවෙමින් පවතින නිඟය හා එයින් උද්ගත විය හැකි ආහාර හිඟයට විසදුමක් ලෙස රත්තරන් වටිනා ගෙවතු වගාව ගැන පැහැදැළි කිරීම මෙම ලිපියේ අරමුණයි. පසට, ගස්වැල්වලට, ස්වාභාවික පරිසරයට ආදරය කරමින් රසායනික පොහොර භාවිතයෙන් තොරව සිදුකරන ස්වාභාවික ගොවිතැනට අනුකූලව ගෙවත්තක් නිර්මාණය කර ගැනීමට අප කාටත් හැකියාව ඇත.

ඇසට නොපෙනෙන ආධ්‍යාත්මික ශක්තියකින් හෙබි ගොවිතැන පිළිබඳ මීට පෙර ඔබ අසා තිබේද? ගස්වැල්, පස, සතාසිව්පාවා යනාදී සියලුම දෙනාට ආධ්‍යාත්මික ශක්තියක් පවතින බව ඔබ දන්නෙහි ද.

මේ විශ්වය තුළ හටගත් සියල්ලටම ඇසට නොපෙනෙන ආධ්‍යාත්මික ශරීරයක් ඇත. අප මහපොළොව ගහකොළ, සතාසිව්පාවන්ට ආදරය දක්වන තාක් ඔවුහු ද පෙරළා අපට ආදරය, කරුණාව දක්වති.

අප මේ පරිසරයට, ආදරය නොකරන්නේද, කරුණාව නොදක්වන්නේ ද එයම අපගේ විනාශය බවට පත් වනු නොරහසකි.

අප මේ කරුණු දක්වන්නේ කියුසෙයි ගෙවතු වගාව පදනම් කර ගෙනයි. එහි මූලික හරය වනුයේ පසට, ජීවියාට, ගහකොළවලට ආදරය, කරුණාව දැක්වීමයි. ගහ කොළ තම මිතුරන් බවට පත්කර ගැනීමයි, ආදරයෙන් කතා කිරීමයි. ආදරයෙන් සාත්තු කිරීමයි.

මෙකී ක්‍රම වේදයේ ප්‍රතිඵලයක් වශයෙන් පරිසරය අපට ආදරය දක්වනු ඇත. අප වෙත සරු අස්වනු ලබාදෙනු ඇත. අප ස්වාභාවික ආපදාවන්ගෙන් ආරක්ෂාකරනු ඇත. නියඟය, ගංවතුර, නාය යෑම් ආදී ස්වභාවික ආපදාවනට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බව ඔබට වැටහෙන්නේද?

අප ලංකා සෙකයි කියුසෙයි පදනම මඟින් මෙහෙයවා, අප සාමාජිකයන් විසින් විවිධ ප්‍ර දේශවල පවත්වා ගෙන යන ගෙවතු 2000ට වැඩි ප්‍රමාණයකින් ලද සාර්ථක ප්‍රතිඵල අති විශාලයි. අප කටාන ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ගොවිපළට හිමි කෙත අද වන විට රන් අස්වනු වලින් බබළයි. එම ප්‍රදේශයේම කෙත් යායවල් නියඟය නිසා දැනට බොහෝ සෙයින් විනාශ වී ඇත. එම ප්‍රදේශයේ කෙත් වතු විනාශවීම මෙන්ම රට පුරා ගැන හිතුවොත් විශාල කුඹුරු ප්‍රමාණයක් මෙවර වගාවෙන් අත් හැරී ඇත. මෙවැනි ස්වාභාවික විපත්වලට සාර්ථකව මුහුණ දීමට හැකියාව අප සතුවම ඇත. විශේෂයෙන්ම ගෙවත්ත මේ සඳහා පහසු විසඳුම් මාර්ගයක් බවට පත් කර ගත හැක.

අප ගොවිපළේ කෙත්යාය සශ්‍රීක වීමේ රහස වනුයේ අප ගහ කොළට , සතාසිව්පාවුන්ට, ඇතුළු ස්වාභාවික පරිසරයටම ආදරය, කරුණාව දක්වමින් ‍ෙළන්ගතුව, ඒ සමස්තය ගැනම අවබෝධයෙන් රැකගැනීමයි, වැඩකිරීමයි.

මිනිසා තුළ පවතින අඳුරු, අයහපත් සිතිවිලි, නරක වචන හා නපුරු ක්‍රියා ආධ්‍යාත්මික පරිසරයට එකතු වී භෞතික පරිසරයට පාරිසරික විපත් ලෙස මුදා හැරේ.

අප මනසින් මුදා හරින පාපි සිතුවිලි මේ විශ්වය වෙත එකතු වී අප වෙත ඒවා ක්‍රියාකරනුයේ මෙලෙස විපත් ලෙසය. නියඟය, ගංවතුර, නායයෑම් ආදී ස්වාභාවික විපත් ඇතිවන්නේ මෙකී මිනිස් ක්‍රියාකාරකම්වල අනිසි ප්‍රතිඵල විදහටය. ඔබ මේ පිළිබඳව හොඳින් සිතන්න. පරිසරය සුරැකිව තබා ගන්නේනම් අප ද එයින් රැකෙනු ඇත.

නියං රකුසාට බිලි වී ටිකෙන් ටික විනාශ වන වගාබිම් රැක ගැනීම සඳහා ඔබත් ස්වභාවික ගොවිතැනට අනුකූල ගෙවතු වගාක්‍රමය අනුගමනය කරන්න.

ගෙවතු වගාව සැලැසුම් සහගතව කළ හැකි නිසා භූමිය තුළින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකිවනු ඇත. කාබනික පොහොර ගෙවත්තෙන් නිපදවා ගැනීමෙන් පස සාරවත් කර ගත හැකි අතරම පරිසරය පිරිසුදුව තබා ගත හැකිය. ඔබගේ ගෙවතු වගාව පරිසරය සිසිල් කරයි, අලංකාරය ලබාදෙයි, ඔබගේ මානසික සුවය ද වර්ධනය කරයි.

ඔබට වස විසෙන් තොර ආහාර ගෙවත්තෙන්ම නිපදවා ගත හැකිය. නැවුම් එළවළු පළතුරු මෙන්ම වස විසවලින් තොර ආහාර ලබා ගැනීම, ඉඩමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අමතරව ඵලදායීව හා විනෝදාංශයක් ලෙස කාලය ගත කිරීම, අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම සහ ශරීරයට ව්‍යායාම ලබා ගැනීමට හැකිය. අමතර ආදයම් ඉපයීම හේතුවෙන් ආර්ථිකය ද දියුණු කර ගත හැකි වනු ඇත.

අඩු වියදමකින් සාර වගාවක් පවත්වා ගැනීම, සුළු උත්සාහය, වසර පුරා ආදායම, සමතුලිත ආහාර, පරිසර හිතකාමීත්වය. මෙවැනි වගා ක්‍රමයකින් ඔබට අත්කර දෙන වාසි අතර වෙයි.

ගෙවත්තක පස, හිරු එළිය, ඉඩ කඩ හා ජල මූලාශ්‍රය සීමිත ස්වභාවික සම්පත්ය. මේවා උපරිම නිෂ්පාදනයක් සඳහා දායක කර ගැනීම සම්පත් කළමනාකරණය යටතට වැටේ. ඒ යටතේ පස දිගු කාලීනව සාරවත් ලෙස පවත්වා ගැනීම සඳහා නිරන්තර ව අපේක්ෂා කිරීම සමඟ පෝෂණය කිරීමට මාර්ගද සැලසිය යුතුය.

පසෙහි පෝෂණය දිගු කාලීනව රඳවා ගැනීමට කාබනික පොහොර නිරන්තරව යෙදීම සිදු කළ යුතුය. එම නිසා අඩු ජල මූලාශ්‍රය ප්‍රමාණයකින් වැඩි භූමි ප්‍රමාණයක් වගාකර ගත හැකිවේ.

කියුසෙයි ස්වභාවික ගොවිතැන් ක්‍රමයේ අරමුණ පසට, පරිසරයට එහි ජීවත් වන ශාඛ සහ සතුන්ට ආදරය කරමින් සොබාදහමට අනුගතව ගොවිතැන් කිරීමයි. එම නිසා ඔබත් ඔබේ ගෙවත්තේ බෝග, පැළ, ගස්කොළන් සමඟ කතාකරමින් ඒවාට ආදරය කරමින් ගොවිතැනේ නියැ­‍ෙළන්න. ඒ ආදරය පෙරළා පරිසරය වෙතින්, වගාව වෙතින් ඔබට ලැබෙනු ඇත.

කිංස්ලි කාරියවසම්
ලංකා සෙකයි කියුසෙයි පදනම


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්