ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»

තකතීරුව

පසුගියදාක අපි “සුනාමිය” සැමරුවෙමු. අපට සුනාමියක් ආ වග බොහෝ දෙනාට මතක් වුණේ එදා රෑ රූපවාහිනී ප්‍රවෘත්ති බලන විට බව අවංක ඇත්තය!

කඩේකට ප්ලේන්ටියක් බොන්ට ගිය කල පත්තරයක් තිබ්බොත් බලනවා ඇර, දිනපතා පත්තර “ඇරං බලන” සිරිතක් ඇත්තේම නැති තරම්ය. යහළුවන් මිත්‍රයන් මුණ ගැහුණත් රටේ තොටේ දේවලට වඩා කතා කරන්ට දේවල් ඉහටත් උඩිං ය.

හැන්දෑවේ ගෙදරට විත් ඇඟපත සෝදාගෙන තේකක් නැත්තං අඩියක් ගසමින් ප්‍රවෘත්ති ඩිංගක් අහන්නේ, කොහේ කොතැන කවුරු කාට කපා කොටා වෙඩි තබා, මරා ඇත්ද, අරුං මුං සමඟ, මුං අරුං සමඟ බැණ ගන්නේ කෙසේ ද? අද දවසේ ඇක්සිඩන්ට් එක උණේ කොහේද? කීයක් මැරිලා ද? ආදී දේවල් ටිකක් දැන ගැනීමටය.

එහෙවු වෙලාවක “සුනාමි සැමරුම ද?” කවුරු කවුරුත් දකින්නට ඇත. තැන් තැන්වල කෙරුණ සුනාමි සැමරුම්, පැරෑලියේ දුම්රිය බිලිවූ තැනට දුම්රියකින් ගිය ඉන් ජීවිත අහිමි වූවන්ගේ ඥාතින්ගේ දුක් කඳුළු දකින්නට ඇත. “අනේ අපොයි ඇත්තට මෙහෙම දෙයක් වුණානේ” කියන එවිට සිහිපත් වන්නට ඇත.

ෂුවර් එකටම ඔය සිතුවිල්ල ආයෙ එන්නේ ඊළඟ අවුරුද්දෙ ඔය දවසටම, පෙර කී විදිහට රූපවාහිනි බැලුහොත්ය! අපි එහෙමය!

සුනාමි ආ වෙලාවේ රටම ඒ කම්පාවෙන් මුසපත් ව සිටින වෙලාවේ, සුනාමියට ශාප කරන මොහොතේ තකතීරුවාට සිතුණේ වෙන දෙයක්ය.

ඔහු එය කවියකට නඟා පත්තරේකට යැවුවේය. පත්තරේ එය පළ විය.

ඒ මෙහෙමය:

සුනාමී නමාමී
අක්මුල් සිඳගත් ජාතියක
පය හැපි හැපි මුතු මැණික්
තිරුවාණාම ඇහිදු ජාතියක
වැව් පිළිම දාගැබ් තැනූ ඉතිහාසය
ඔප වඩමින්
පානුයි පරිප්පුයි කන ජාතියක
වියළි දණ්ඩක් වුවද පැළවෙන මහ පොළව
මුඩු බිමක් කොටගත් ජාතියක
සද්ධර්ම ආලෝක වැස්සේ
තෙමි-තෙමී
කණමැදිරි එළි සෙවූ ජාතියක
ගෙදරින් ගෙදරට වැඩ සිටි
බුදුවරුන්
අනාචාරේ යැවූ ජාතියක
ඉර හඳ උලා කමින්
පන්සිල් ගත් ජාතියක
අල්ලා කෙහෙවල්ලෙන්
අකුණු සර, දෙසවනට පිරිනැමූ
සුනාමී
නමාමී...,

තකතිරුවාට එදා හිතුණේ එහෙමය.

ස්වභාව ධර්මයේ හැටි ගැන තකතිරුවා කොහේ හෝ කියවා ඇති “කියමනක්” මෙය ඔහුගේ ඔළුවට ගේන්නට හේතු වන්නට ඇත. එය මෙසේයි!

“ඔබ ස්වභාව ධර්මය කෙනිත්තුවොත්, ඇය ඔබට ටොක්කක් අනිනු ඇත, ඔබ ස්වභාව ධර්මයට ටොක්කක් ඇන්නොත් ඇය ඔබගේ කන පලනු ඇත, ඔබ ඇයගේ කන පැළුවොත්, ඇය ඔබට උස්සා පොළොවේ ගසනු ඇත!”

කොහේ හෝ රටක කියමනක් වන මෙහි මාර ඇත්තක් ඇත.

ස්වභාවය මිනිසාට ඉඩ දේ.

තමාගේ දේවල් රිසි අයුරින් වෙනස් කර ගනිමින් ඒවා පරිහානිය කරන්නට ඉඩ දේ.

ඒ ස්වභාවයේ නියමයන්ට අනුකූල ව ය.

ඒවාට පටහැනි ව ස්වභාවයට එරෙහි ව, මිනිසා දිගින් දිගට ම කටයුතු කරයි නම්, ඇය දඬුවම් දේ. ගංවතුර, නාය යෑම්, නියඟය මෙවන් දඬුවම් බව තකතීරුවාගේ අදහසයි.

ගුරුවරයකු හෝ වැඩිහිටියකු අපට දඬුවම් දෙන්නේ අප හදා ගන්නට ය. දඬුවම් ලද පසු නැවත ඒ වරද නොකරන්නට අප සිත් හැඩ ගැසේ.

එහෙත් අපේ රට එහෙම නොවේ ය. සුනාමියට පසු පරිසර විරෝධී ක්‍රියාවල වැඩියක් මිස අඩුවක් නැත්තේ ස්වාභාවික හෝ එවන් මහ පරිමාණ ව්‍යසනයක් යනු මිනිසකුට, රටකට හෝ ඕනෑම ප්‍රපංචයකට හොඳ හැරවුම් ලක්ෂයකි. ජපානයේ හිරෝෂිමා නාගසාකි ‍බෝම්බය විශාල විනාශයක් වන විට ඇය උන්නේ ඉතාමත් පහළ තැනක ය.

එහෙත් සිදුවූ විනාශයේ ආශිර්වාදයක් කරගත් ජපන්නු කෙටිකාලීන ව නැඟී ආවේ ජාත්‍යන්තර මහ බලවතුන්ට ද අභියෝගයක් එල්ල කරමිනි.

නමුත් අප කළේ කුමක් ද? හොඳ ම නිදර්ශනයක් එදා ප්‍රවෘත්ති බැලු අය දකින්නට ඇත. විදේශාධාර යටතේ හැදුණු සුනාමි ගම්මානයක් වල් බිහිව ඇත්තේ “නඩු” හන්දා ය.

ඒ විතරක් නොවේ, “පැරෑලියේ ඛේදවාචකය වූ තැන ඇඹරී ගිය කෝච්චි පිළි පෙරළුණු දුම්රිය පෙට්ටි කොළඹට ගෙනවුත් ගොඩ කරනු ලැබී ය. ඒ දර්ශනය ඒ ඒ අයුරින්ම සංරක්ෂණය කළානම් එය ආර්ථික උල්පතක් කර ගත හැකි ව තිබිණ. තකතීරුවාගේ තකතීරු මොළයට හිතෙන හැටිය ඒ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්