ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මෙරට පළමු ෆීල්ඩ් මාෂල් අතින් සම්මාන ලැබූ පළමු විදේශිකයා

මෙරට පළමු ෆීල්ඩ් මාෂල් අතින් සම්මාන ලැබූ පළමු විදේශිකයා

මාලදිවයින කියන්නේ දූපත් රාශියකින් සැදුම්ලත් රාජ්‍යයක්. ශ්‍රී ලංකාව වගේ නෙමෙයි. ආරක්ෂක හමුදාව අතින් බැලුවොත් මාලදිවයින අපේ රටට බොහොම දුරකින් ඉන්න රටක්. මේ රටේ වැසියන් අතර අපේ ආරක්ෂක හමුදාවට තියෙන්නෙ පුදුමාකාර ගෞරවයක්. අපේ හමුදා නිලධාරීන්ගේ පින්තුර එකතු කරන එකත් එහේ සමහර අයගේ විනෝදාංශයක්. තිස් අවුරුදු යුද්ධය අවසන් වූවාට පස්සේ ඒ ගෞරවය තවත් වැඩි වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ජාති ආගම් කුල මල මේ කිසි දෙයක් නොතකා සැමටම පිහිට වෙච්ච හැටි දැකල. අවසන් සටනේදි නන්දිකඩාල් කළපුව හරහා ආපු අසරණ වූ දෙමළ ජනතාවට පිහිට වෙච්ච හැටි දැකල මේ අය ශ්‍රී ලංකා හමුදාවට ගොඩක් ස්තුති කළා.

මුහයිමින් මජීඩ් හමුදාවට බැදුණේ ශ්‍රී ලංකාවෙ හමුදා විරුවන් වගේ ලොකු විරුවෙක් වෙන්න හිතාගෙන. එයා මාලදිවයින් යුද හමුදාවේ වසරක් සේවය කරද්දී ලංකාවේ යුද හමුදා පුහුණවකට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. එයාට මුළු ලෝකයක් දිනුවා වගේ දැනුණා. පවුලේ සියලු දෙනාම ඒ ගැන උදම් ඇනුවා. සතුටු වුණා. අපේ හමුදා විරුවන්ගේ පින්තුර එකතු කරපු අය ගොඩක් සතුටු වුණේ මීට පස්සේ ඒ වගේ වීරයෙක් වෙන්න තමන්ගේ සහෝදරයට, ඥාතියාට, හිතවතාට අවස්ථාවක් ලැබෙන බව දැනගත්තහම.

මජීඩ් පදිංචි වෙලා හිටියේ මාලදිවයිනේ ‘දිවෙහි‘ දූපතේ.

මජීඩ්ට මෙරටට එන්න ශිෂ්‍යත්වයක් ලැබිල කියල දැනගත්තහම පාසලේ යාළුවො වගේම දන්න-අඳුනන අය හැමෝම ඇවිත් සුබ පැතුවා. දිවෙහි දූපතේ විතරක් නෙමෙයි, අනෙක් දූපත්වලටත් මේ ආරංචිය පැතිරිලා ගියා. මජීඩ්ටත් පුදුම සතුටක් දැනුණේ. හරියට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. ඒත් පොඩි බයකුත් ඇති වුණා. ලෝකෙන්ම දරුණු ගරිල්ලා ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙච්ච එල්ටීටීඊ සංවිධානය සහමුලින් පරාජය කරපු හමුදාවක් එක්ක කරට කර පුරුදු පුහුණු වෙන එක ලේසි පහසු දෙයක් නෙමෙයි කියලත් හිතුණා.

මජීඩ් ලංකාවට ආවේ 2012 අවුරුද්දේ අන්තිම භාගයේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් යුද හමුදා කෙඩෙට් නිලධාරියකු ලෙස ඔහු හැදෑරුවා. වසර තුනකට පස්සේ දියතලාවේ අවුරුද්දක පුහුණුවකටත් ඔහු යොමු වුණා. අවුරුදු 4ක් ඇතළත මජීඩ් කොයිතරම් දේවල් ඉගෙන ගත්තද?

‘ශ්‍රී ලංකාවේ හමුදා පුහුණුවකට එන්න ලැබීම ලොකු සතුටක් වුණත් මට ලොකු බයක් තිබුණා මේ රටේ හමුදාවේ දක්ෂකම් ගැන ආරංචි වෙච්චහම. මම ඇවිත් පුහුණුව හොඳින් නිම කළා. මට ඒ සේරම පහසුවෙන් කරන්න ලැබුණේ මේ රටේ යාළුවො නිසයි. කිසිම වෙලාවක මට විදේශිකයෙක් විදිහට සැලකුවේ නැහැ. තමන්ගේ පන්තියේ ඉන්න යාළුවෙක් විදිහට තමයි මට සැලකිලි ලැබුණේ. එයාලගෙන් මට ලැබුණු ලොකුම තෑග්ග තමයි සිංහල හොඳට පුළුවන් වුණු-එක.

ඒ වගේම ලංකාව කියන්නේ පුදුම වාසනාවන්ත රටක්. පරිසරය ගහකොළ වගේ ස්වභාව සෞන්දර්යය වගේම ආගන්තුක සත්කාරය අතිනුත් ලෝකයේ ඉහළම තත්ත්වයකයි ලංකාවේ අය ඉන්නේ. මම හිටපු අවුරුදු 4ට මම ඒ සේරම පුරුදු දැනගත්තා. මේ වගේ රටකට ඇවිත් පුහුණුවක් ලබලා උපාධියක් ගන්න ලැබුණු-එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.

මම කෙඩේට් නිලධාරියෙක් ලෙස දැන් පත්වීම් ලබා අවසානයි. මට දැන් කනගාටුවෙන් වුණත් ලංකාව දාල යන්න වෙනවා. ඒ මගේ මවු රටට සේවය කරන්න වෙන නිසයි. ඒත් මගේ උපාධි ප්‍රදානෝත්සවයට මම තව අවුරුද්දකින් ලංකාවට එනවා. දියතලාවෙ තිබුණ මගේ විසිර යෑමේ පෙළපාළියට මගේ අම්මා, මගේ අයියා, සහෝදරියන් දෙන්න වගේම අයියගේ නෝනත් ආවා. අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා තාත්තට එන්න බැරි වුණා. ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුණේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා. ඒ තමයි ලංකාවේ පළමු වතාවට ෆීල්ඩ් මාර්ෂල්වරයෙක් විසිරයෑමේ පෙළපාළියකට සහභාගි වුණු අවස්ථාව. ලංකාවේ ෆීල්ඩ් මාර්ෂල්වරයෙක් අතින් විසිර යෑමේ පෙළපාළියේදී සම්මාන උපහාර ලබපු පළමුවැනි විදේශිකයා වීමේ භාග්‍යය මට ලැබුණා. ඒ සතුටත් අරගෙනයි මම ලංකාවෙන් යන්නේ. ආයිත් එන්නෙත් ඒ සතුටත් අරගෙනයි.‘

මජීඩ්ගේ වැඩිමල් සහෝදරයා වන මුම්ජිඩ් පවසන්නේ ලාංකික ජනතාව ආගමික සහජීවනය ඉතා ඉහළින් සලකන බවයි.

“ඒක ලොකු සතුටක්. ලෝකෙ සියලු දෙනාටම මේ විදිහට ඉන්න පුළුවන් නම් ඒකම ඇති ලෝකයේ සියලු රටවල් දියුණු වෙන්න වගේම එකමුතුකමින් ලෝකය ජය ගන්න. සමගිය සහයෝගය වගේ ගුණධර්ම සෑම ආගමකටම පොදු දේවල්. ඒ තත්ත්වය ලංකාවේ සියලු දෙනා අතර දකින්න පුළුවන් වාසනාවන්ත ගුණයක් ලෙස මම දකිනවා. මගේ සහෝදරයා හොඳම විදේශීය කෙඩෙට් නිලධාරියා වීම ගැන ලොකු සතුටක් දැනෙනවා. මම දන්න තරමින් ෆීල්ඩ් මාර්ෂල් තනතුර තියෙන්නේ ලෝකේ රටවල් දෙක-තුනක විතරයි. ඒ අතින් ලංකාවේ පළමු ෆීල්ඩ් මාර්ෂල්වරයා අතින් මගේ සහෝදරයා රන් අසිපත ලබා ගැනීම ලෝකෙන්ම ලැබූ ජයග්‍රහණයක් ලෙසින් මම දකිනවා.“

මජීඩ්ගේ මව වන මවුමිනා හසන් මහත්මිය පැවසුවේද තම පුතාගේ නම ලෝක ඉතිහාසයේ ලියවුණු දිනයක් ලෙස තමන් විසිර යෑමේ පෙළපාළිය දකින බවයි.

“ලංකා ඉතිහාසයේත් මාලදිවයින් ඉතිහාසයේත් ඒ නම කවදාවත් නොමැකෙන දෙයක් වෙන බව මම දන්නවා. මගේ ලොකු පුතාත් එයාගෙ නෝනත්, දුවල දෙන්නත් ලංකාවට ආවේ මල්ලිගේ විසිර යෑමේ පෙළපාළියට සහභාගි වෙන්නයි. අපි දැකපු අලංකාරම උත්සවයයි ඒ. සතුටත් එක්කම මට ලොකු දුකක් දැනෙන්නේ තාත්තට එන්න බැරි වුණ එකටයි. එයා අද හිටියා නම් අපිටත් වඩා එයා සතුටු වෙනවා. අපි කවදාවත් හිතුවේ නැහැ අපේ පුතා හොඳම ශිෂ්‍යයා වෙයි කියලා. ඒ එක්කම ලංකාවෙන් එයාට ලැබුණු කීර්තිමත් නාමය එයාගෙත් අපිට විතරක් නෙමෙයි, අපේ රටටත් ලොකු වාසනාවක්.“

ලංකා ඉතිහාසයේ ෆීල්ඩ් මාර්ෂල්වරයකු සහභාගි වූ ප්‍රථම හමුදා විසිර යෑමේ පෙළපාළිය අපට පමණක් නොව, විදේශීය ජනයාටද ඒ අයුරින් වාසනාව ගෙන දුන් බව අපට පැහැදිලියි. අප මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුත්තේ විදේශීය ජාතීන් අගයන අපේ ගුණධර්ම වෙතටයි. සාමය, සහජීවනය, එකමුතුකම ඇත් නම් ලෝකයම දිනාගැන්මට අපට හැකියාව තිබෙන බව අපට මෙයින් පැහැදිලි වෙනවා. හමුදාවෙන් උපාධිය ලබාගන්නට මජීඩ්ට වසර හතරක් ගෙවුණත් මජීඩ්ගෙ මවටත් සහෝදර සහෝදරියන්ටත් ලංකාවේ ජනතාවගේ ගුණධර්ම වටහාගන්නට ගියේ දින කිහිපයක් පමණක් බව මෙයින් පැහැදිලි වෙනවා. අප සියලු දෙනාම එක්ව කළ යුත්තේ ඒ ගුණධර්ම වැඩීමට කටයුතු යෙදීමයි.

ශ්‍රී ලංකාව කියන ලෝක සිතියමේ පුංචි තිත ලෝකයේම නම රැකගන්නේ එවිට බව අප සිතාගත යුතුයි. මජීඩ් වැනි තවත් අය අප රට ගැන කිතු ගොස පතුරවන්නේ එසේ වුව හොත් පමණක් බවත් අප දැනගත යුතු වනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්