ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


 අලින්ටයි ළමයින්ටයි නළියන්ටමයි හිත!

අලින්ටයි ළමයින්ටයි නළියන්ටමයි හිත!

කෝච්චියේ මගේ ඉස්සරහා සීට් එකේ ඉඳන් ඉන්නේ සුදු ජාතික පවුලක්. කොයි රටේ උන් වුණත් ප්‍රියමනාපයි. සුදු අම්මටත් සුදු තාත්තටත් මැද්දේ සුදු ම සුදු දුවක්. අවුරුදු 6-7කට වඩා නෑ. හරියට බෝනික්කියක් වගෙයි. තාත්ත‍ගේ එක් පැත්තකින් ඉන්න සුදු පුතා නම් ටිකක් දඟකාරයා. ගම්මිරිස් ඇටයක් තරමයි.

කෝච්චිය කොටුවෙන් ගමන අරඹන්න හූ හඬ දුන්නා. ඒත් සුදු පැටියා දාංගලේ පටන් අරන් තිබුණේ ඊට ගොඩක් ඉස්සෙල්ලා. මගේ විතරක් නෙමෙයි කෝච්චි පෙට්ටියේ වැඩිදෙනාගේ ඇස් යොමු වෙලා තිබුණේ පැංචා දිහාට. තාත්ත‍‍‍ගේ උරිස්සට උඩින් වරින් වර එබිකම් කරලා අම්මා සැ‍ර දානවා. ඒත් ඵලක් නෑ. දෙම‍‍ටගොඩ හරියේ දී පොඩි එකාට අම්මගෙන් සැර කම්මුල් පාරක් වැදුණේ ඒකයි. අක්කට මොකක් හරි කරන්න ඇති. මට 'අනේ අපොයි' කියලා හිතුණා. කොලුවා කම්මුල පොඩ්ඩක් අතගා ගත්තා. පාර ගහපු අම්මා දිහාත් කම්මුල් පාරට හේතුවුණු අක්ක දිහාත් දෙතුන් පාරක් ඔරවා බැලුවා. එච්චරයි. මෙන්න කැලණිය පහු කරන්නත් ඉස්සර දෙන්නා ආපහු යාළුයි. ඒත් යන්න ලැබු‍ණේ ටික දුරයි. ආයේ මොකක් නුමුත් වුණා. සුදු පැටියාගේ සුදු ම සුදු කන් දෙකෙන් එකක් බලන්න ඉන්නැද්දිම ජම්බු ගෙඩියක් වගේ රතු වුණා. හරියට අම්ම ගේ කේන්තියේ තරම කියන්නා වගෙයි. ඒත් සුදු පැංචට වගක් නෑ. අම්ම දිහා බලලා හයිහයියෙන් තොල් මැතිරුවා. අක්කා දිහා බලන් හිටියේ පුච්චලා දාන තරමේ බැල්මකින්. අවසානයේ මේ සටන නවත්වන්න අම්මා නවීන තාක්ෂණයේ පිහිට පැතුවා. රෝද තියෙන ලොකු බෑග් එකකින් එළියට ඇදලා ගත්තු 'ටැබ්' එකක් කොලුවා අත තිබ්බා. උගේ සන්තෝසෙ මහමෙරක් හම්බ වුණ ගානයි. දැඟලිලි ඔක්කොම අහවර වුණා. ටිකකින් අක්කත් මල්ලිට ආදරයෙන් ළංවෙන හැටි දුම්රිය නැවතුමෙන් බහින අතරේ මං දැක්කා.

'අලින්ටයි ළමයින්ටයි නළියන්ටමයි හිත' කියනවනේ. ඒක ලෝකේ කොයි කොදෙව්වක ඉපැදුණු පොඩි එකෙකුට වුණත් වලංගුයි. ඇයි පොඩි උන්ගේ දඟකාරකම් ඉදිරියේ අම්මලට යන කේන්තියේ තරම. ඒකටත් දේශසීමා මායිම් පෙරදිග අපරදිග බේද නෑ කියලා මං එදා ටක්කෙට ම දැන ගත්තා.

'ගෑනු කිව්වාම මහත්තයෝ කවුරුත් එකයි. සිංහලෙයි දෙමළෙයි අන්තර් ජාතිකෙයි කියලා ඒකේ වෙනසක් නෑ.' සුගත්්‍‍ගේ නාට්‍යයක තිබුණු දෙබසක් ගෙදර එන අත‍රේ මගේ මතකයට ආවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්