ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»

ආපසු හැරීමක් නැත

ආපසු හැරීමක් නැත

මෛත්‍රී පාලනයේ ඉදිරි තෙවසර තිරසර සංවර්ධනයක ඇරැඹුම ප්‍රකාශයට පත්කර මේ ගෙවී යන්නේ දෙවැනි සතියයි. ගෙවා දැමුවේ දෙවසරක කාලයකි. ගෙවා දැමිය යුතු කාලය අභියෝගාත්මකය. යහපාලන නදියට බැස දෙවසරක් තිස්සේ එගොඩ බලා පිහිනන සියල්ලට ඉදිරියේ කුමන බාධක අභියෝගවලට මුහුණදීමට සිදුවුවද, ඉදිරියම බලා පිහිනීම හැර ආපසු හැරීමක් නැත. මෙහිදී ලාංකේය ක්‍රීඩාවට ද අදාළ අතර ඒ නිසාම හැරීමක් නැත.

පසුගිය දා ක්‍රීඩා අමාත්‍යවරයා මෙරට ක්‍රීඩා සංගම් සියල්ල එක මිටකට ගෙන දෙහි කැපුවේ අපේක්ෂිත වැඩකොටස නිසි ආකාරයෙන් ඉටු කිරීමට සංගම් බලධාරින් අපොහොසත් වීම නිසාය. මෙරට ක්‍රීඩා සංගම් හැට ගණනක් පවතින බව ඇමැතිවරයාම පවසන අතර, එහිදී ඇමැතිවරයාගේ කියුම් කෙරුම් ගණන් ගන්නේ ඉන් දහයක් බවද පවසයි. සැබෑ තත්ත්වය මෙය නම් ඉදිරි තෙවසර සියල්ල කණපිට පෙරලීමට බලධාරින් ක්‍රියාකාරී විය යුතුය.

එක් දෙයකින් වහා සතුටට පත්ව ඊළඟ සිදුවීමෙන් ඒ සැණින් දුකට සංතාපයට පත්වන ජනතාවක් වෙසෙන රටක හෙට දවසේ ක්‍රීඩා ගමන්මඟ කෙසේ විය යුතුද යන්න සංවාදයක් ඇති විය යුතුය. එළැඹෙන්නේ නිලවරණ කාල සමයයි. මෙකී නිලවරණයේදී පසුගිය කාලයේ බයිලා කියූ සංගම් නිලධාරින් ගැන දැඩි තීන්දු තීරණ ගැනීමට බලධාරින් උනන්දු විය යුතුය. නිලවරණවලට ඉදිරිපත්වන්නන්ට ද ක්‍රීඩාව පිළිබඳ පැහැදිලි දැක්මක් තිබිය යුතුය. එළැඹෙන කාල සමය යනු ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයට කාර්ය බහුලම කාලවකවානුවකි.

මෙකී කාර්යයබහුල ක්‍රීඩා කාලවකවානුව කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීමට සමතුන් ඉදිරියට ගන්නා වැඩ පිළිවෙළකට මුල පිරිය යුතුය. එසේ නොමැතිව විසිල්කාරයන්ගෙන් පරිස්සම්වීමට වගබලා නොගතහොත්, අනාගතය මීට වඩා අසීරු වනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්