ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Hollywood

කිම්ගේ නිවෙස බින්ද හොරු අසුවෙයි

 

ඉසුරුමත් දිවියක් ගතකරන ලෝක ප්‍රකට නිරූපිකාවක වන කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවහනෙහි සිදුවූ දැවැන්ත මංකොල්ලය කාටත් අමතක නැහැ. වාර්තා වූ ආකාරයට එදා කිම්ගේ නිවසින් ඩොලර් මිලියන 11ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී තිබෙනවා.

පසුගිය සතියේ ප්‍රංශ පොලීසිය මේ මංකොල්ලයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් 17 දෙනකු අත්අඩංගුවට ගත්තා. එරට පොලිස් නිලධාරීන් පවසන්නේ අවුරුදු 23ත් 72ත් අතර වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ පැරිස් නුවර විවිධ ස්ථානවලදී උදෑසන 6ට පමණ බවයි. සැකකරුවන්ගේ අනන්‍යතාව මීට වඩා හෙළි කිරීම අපහසු බවත් ඔවුන් පැවසුවා.

කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවෙසින් මෙම ස්වර්ණාභරණ තොගය අතුරුදන් වූයේ පසුගිය ඔක්තෝබර් 3 දායි. කිම් තම නිවෙසෙහි සිටිද්දී එයට ඇතුළු වූ මංකොල්ලකරුවන් ඇයට පිස්තෝලයක් එල්ල කර නාන කාමරය තුළට දමා මේ මංකොල්ලය සිදුකර තිබුණා.

කැරී ෆිෂර් වෙනුවෙන් මිලියන ගණනක වන්දියක්

පසුගියදා ජීවිත සිනමාවෙන් සමුගත් කැරී ෆිෂර් වඩාත් ප්‍රකට ව සිටියේ ‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ රඟපෑ ප්‍රධාන නිළියක හැටියටයි. ඇය අවාසනාවන්ත ලෙස මියයන්නට පෙර අවසන් වතාවට රඟපෑවේ ද ‘ස්ටාර් වෝස්’: චිත්‍රපට මාලාවේ අටවැනි කොටසෙහියි. මෙය තිරගත වන්නට නියමිතව ඇත්තේ මේ වසරේ දෙසැම්බර් මාසයේදීයි. ඉන් පසුව ‘ස්ටාර් වෝස් - IX’ චිත්‍රපටයේ ද රඟපාන්නට මේ සුපිරි රංගන ශිල්පිනිය බලාපොරොත්තු වී සිටියා.

නමුත් ඇය හදිසියේ මියයාම නිසා එම චිත්‍රපට නිෂ්පාදනය කරන ඩිස්නි සමාගම මුහුණ දුන්නේ දැඩි දුෂ්කරතාවකටයි. කෙසේ වෙතත් ඩිස්නි සමාගම ලන්ඩනයේ ලොයිඩ් රක්ෂණ සමාගමේ රක්ෂණ ආවරණයක් ලබාගෙන තිබෙන නිසා කැරී අහිමි වීමෙන් ඇතිවූ පාඩුව වෙනුවෙන් ලොයිඩ් සමාගම ඔවුන් වෙත ඩොලර් මිලියන 50 ක වන්දියක් ගෙවා තිබෙනවා.

කැරී, ‘ස්ටාර් වෝස් - IX’ චිත්‍රපටයේ රඟපෑමට ගිවිසුම් අත්සන් කර තිබූ නිසයි, ඩිස්නි සමාගමට මෙම වන්දිය හිමි වූයේ. ‘ස්ටාර් වෝස් - IX’ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව තිබුණේ 2019 දීයි.

ගෝල්ඩන් ග්ලෝබ් වැඩිම සම්මාන ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටයට

මෙවර පැවැත්වුණු 74 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී වැඩිම සම්මාන දිනාගත්තේ ඩේමියන් චැසෙල් අධ්‍යක්ෂණය කළ ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටයයි. ගෝල්ඩන් ග්ලෝබ් උලෙළේදී හොඳම චිත්‍රපට දෙකකට සම්මාන පිරිනැමෙනවා. ඒ, හාස්‍යොත්පාදක හෝ සංගීතමය හොඳම චිත්‍රපටය සහ හොඳම නාට්‍යමය චලන චිත්‍රපටය වශයෙන්.

ඒ අනුව, 2016 වසරේ ‍හොඳම හාස්‍යෝත්පාදක හෝ සංගීතමය චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ ‘ලාලා ලෑන්ඩ්’ චිත්‍රපටයයි. එහි ප්‍රධාන නළුවා වූ රයන් ගොස්ලින් හොඳම හාස්‍යෝත්පාදක / සංගීතමය චිත්‍රපට නළුවා ලෙස සම්මාන දිනා ගත්තා. එම අංශයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන දිනුවේ ‘ලාලා ලෑන්ඩ්’ චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන්. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩේමියන් චැසෙල් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම උලෙළේ හොඳම නාට්‍යමය චලන චිත්‍රපටය වූයේ ‘මූන් ලයිට්’ චිත්‍රපටයයි. එම අංශයෙන් හොඳම නළුවා වූයේ සීසේ ඇෆ්ලෙක්. ඒ, ‘මැන්චෙස්ටර් බයි ද සී’ චිත්‍රපටයේ රඟපෑමෙන්.

මෙම සිනමා උලෙළේදී පිරිනැමෙන ගෞරවනීය සිසිල් බී. ඩිමෙල් සම්මානය දිනා ගත්තේ ප්‍රවීණ නිළි මෙරිල් ස්ට්‍රීප්.

ස්ටැලෝන්ගේ සපත්තු පුහුණුව

ප්‍රවීණ නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් තම දියණියන් තිදෙනා රෑ රැජන තරගයකට ඉදිරිපත් කරන්නට අවශ්‍ය වැඩ කටයුතු කරන බව මීට පෙර මෙහි සටහන් වුණා. දැන් ඔහුගේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ දියණියන් තිදෙනා ව ඒ වෙනුවෙන් පුහුණු කිරීමයි. මේ දිනවල, ස්ටැලෝන් දියණියන් තිදෙනා වන සොෆියා (20), සිස්ටින් (18) සහ ස්කාලට් (14) සහ ස්ටැලෝන් බිරිය වන ජෙනිෆර් ෆ්ලොවින් එකට එක්වී දිනකට පැය කිහිපයක්ම මේ පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. විශේෂයෙන්ම අඩි උස සපත්තු පැලඳගෙන වේදිකාවේ ඇවිදීමයි ඔවුන් පුහුණු වන්නෙ.

“තාත්තා අපිව අඩි උස සපත්තු දාගෙන ඇවිදින හැටි පුරුදු කරනවා. මම නම් කොයි වෙලාවකවත් වැටුණෙ නැහැ.” 14 වියැති ස්කාලට් පැවසුවා.

ස්ටැලෝන් තම දියණියන් තිදෙනාට මෙවැනි පුහුණුවීම් පමණක් නොවෙයි, රූපලාවණ්‍ය කටයුතුවලදීත් සහාය දක්වනවා. දියණියන්ගේ කේශ කලාපයන් හැඩ වැඩ කරන්නටත් ඔහු දැඩි උනන්දුවක් දක්වනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්