ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සංවර්ධන නිලධාරිනියට වින කැටූ 51 හැවිරිදි FB මිතුරා

සංවර්ධන නිලධාරිනියට වින කැටූ 51 හැවිරිදි FB මිතුරා

ඇය පුදුමයට පත් කිරීමේ අරමුණින් මීට මාස හතරකට පමණ පෙර දිනක් ඇයගේ කාර්යාලය අසලට පැමිණි ඔහු ඇයගේ ප්‍රතිචාර ලැබෙන තුරු මඟ බලා සිටියේය. එහෙත් මුහුණු පොතේ දුටු රුව මීට වඩා හාත්පසින්ම වෙනස් එකක් විය. ඇය ඒ බව නොහඟවා ඔහු ප්‍රතික්ෂේප කරන්නට වූවාය. මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කටයුතුවල නිරත වන්නකු වූ ඔහු පනස් එක් හැවිරිදි විවාහක දෙදරු පියෙකි.

වෘත්තියෙන් සංවර්ධන නිලධාරිනියක වන ඇය උදෑසන නිවසේ සියලු කටයුතු නිමවා සුපුරුදු පරිදි රාජකාරියට පිටත් වූවාය. නිවෙසේ සිට ප්‍රධාන පාරට මඳ දුරක් ඇවිද යා යුතුය. වෙනදාට වඩා මඳක් ප්‍රමාද හෙයින් සේවයට වාර්තා කළ යුතු වේලාව පසු‍ වෙතැයි සිතූ ඇය අඩිය තවත් ඉක්මන් කළාය‍. පාපුවරුවේ එල්ලී අතිදුෂ්කර ගමනක නිරත වන මඟීන්ගෙන් ගහන බස් රථ කැස්බෑව මංසන්ධියේ නතර කොට තවත් කිහිප දෙනකු බස් රථය තුළට තල්ලු කරගති. සෙනඟ පිරී-ඉතිරී ගිය එවැනි බස් රථ දෙක-තුනක් යන තුරු බස්නැවතුමේ රැඳී සිටි ඕ කොළඹ බලා යන ඊළඟ බස්රියට කෙ‍සේ හෝ ගොඩ වීමේ අදිටනින් බලා සිටියාය. ඒ ඇසිල්ලෙන් පැමිණි ත්‍රිරෝද රියක් බස් නැවතුමේ සිටි ඇය ඉදිරියේ තිරිංග තද කළේය. ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ සිටි පුද්ගලයා ඇයට තර්ජනය කොට උල් පිහියක් දිගු කළේය. 'නැඟපන්!' ඇය ඔහුගේ හඬට අවනත විය. සිදු වන්නේ කුමක්දැයි ඇයට සිතාගැනීමට වත් කාලයක් ඉතිරි නොකොට ත්‍රිරෝද රිය පණ ගැන්වී වේගයෙන් ඉදිරියට ඇදී යන්නට විය. කිසිවක් සිතා ගත නොහී ඕ වෙව්ලන දෑත් එකතු කොට 'අනේ ඇයි මෙහෙම කරන්නේ...? මට යන්න දෙන්න' යි ආයාචනා කරන්නට වූවාය. ඔහු ඇයගේ කම්මුල් හරහා වැරෙන් පහරක් එල්ල කළේය.

පිළියන්දල කොළඹ පාරේ ඒ-මේ අත දිවෙන වාහන පෙළ අතරින් ත්‍රිරෝද රිය අතුරු පාරකට හැරවිණි. ‍යන-එන ඉසව්වක් හරි හැටි නොදත් ඇය බියෙන් තැති ගත්තාය. අතුරු මාර්ගයක් දිගේ පැමිණි ත්‍රිරෝද රථය පටු මාවතක කෙටි දුරක් ගමන් කළේය. එහි කෙළවරක වූ පාළු නිවෙසක නතර කෙරිණි. ක්ෂණයකින් එයින් බැසගත් ඔහු තවමත් ත්‍රිරෝද රියේ අසුනේ හිඳ සිටි ඇයට යළිත් වැරෙන් පහරක් එල්ල කළේය. එසැණේ පණ ගැන්වුණු ත්‍රිරෝද රිය වට ධූලී නංවමින් ඉගිළී ගියේය. ඔහු නිවෙසේ ඉදිරිපස දොරටුව හැර, ඇය ගෙතුළට තල්ලු කළේය. ඇය වැලපෙන්නට වූවාය.

ඇය‍ට පහරදෙමින් වධ හිංසාවන්ට ලක් කළ ඔහු නිවසේ ඇතුළු නිඳන කාමරයකට ඇය බිම දිගේ ඇඳගෙන ගියේය. ඉනික්බිති ඈ හැඳ සිටි සාරිය ඇතුළු ඇදුම් උනා දමා, ඒවා ඇය ඉදිරියේම පුලුස්සා දමන්නට විය. අමානුෂික ලෙස ඇයට අතවරට ලක් කළ ඒ කාමාතුරයා යළිත් වරක් පහර දෙන්නට විය. ඕ විලාප නැඟුවාය. එහෙත් ඇසෙන මානයේ කිසිවෙක් නොවූහ. ඇය බිම ඇදවැටුණාය. 'මට වැඳගෙන හිටපන් පැය දෙකක්,' කියූ ඔහු ජංගම දුරකතනය අතට ගෙන ඇගේ සැමියාගේ අංකයට ඇමැතුමක් ගත්තේය. ඔහුට පරුෂ වචන කියමින් බැණ වැදුණු හේ ජංගම දුරකතනය පසෙකට විසී කොට වියරුවෙන් මෙන් යළිත් ඇයට පහර දෙන්නට විය.

‍‍කාමාතුරයාගේ වධහිංසා තවදුරටත් ඉවසාගත නොහී ඕ සිහිසුන් වූවාය. ඒ ඇසිල්ලේ ඔහු නානකාමරය තුළට වැදුණේය. මඳ වේලාවකින් පියවි සිහිය ලබා ඇය දෙනෙත් හැර අවට බැලු‍වාය. කිසිවකු නොවූයෙන් පසෙකට විසි කොට‍ තිබු ජංගම දුරකතනය අහුලාගෙන, ස්වාමිපුරුෂයාට දුරකතන ඇමතුමක් ගත්තාය. එකවරම විසන්ධි වූ ඇගේ අංකයට යළි යළිත් ඇමතුම් ගැනීමට උත්සාහ කළත්, එය නිෂ්ඵල විය. ඇගේ සැමියාට ඇයගෙන් කිසිදු තොරතුරක් ලබාගත නොහැකිව රැයක්ද පහන් විය.

මේ අතරතුර බිරිය එළි වන තුරුත් නිවෙසට නොපැමි‍ණි තැන සැමියා පසුවදා උදෑසනින්ම පිළියන්දල පොලීසියේ පැමිණිල්ලක් කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය ඇය සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළේය. මුදල් පොලියට ලබා දෙන පුද්ගලයකු වූ සැකකරු උපක්‍රමශීලිව ඔහු කොටු කරගැනීමට පොලීසිය අවසානයේ සමත් විය. මුදල් පොලියට ලබාගන්නා පුද්ගලයකු ලෙස කථා කළ පොලිස් නිලධාරියකු යොදවමින් පොලිස් කණ්ඩායමක් අතුරුගිරිය ප්‍රදේශයේ ඔහුගේ නිවෙසට ඇතුළු වන විටත් ඇය අසාධ්‍ය තත්ත්වයේ පසු වූවාය.‍

පොලිස් පරීක්ෂණ අනුව හෙළිදරවු වූ තොරතුරුවලට අනුව ඇය කැස්බෑව ප්‍රදේශයේ 32 හැවිරිදි විවාහක කාන්තාවකි; එමෙන්ම දෙදරු මවකි. මීට මාස නවයකට පෙර මුහුණු පොතින් ලද මිතුරු ඇරියුමක් මඟින් ඇය ඔහුව අනුමත කර ප්‍රතිචාර පණිවිඩයක් යවා තිබිණි. කාලයක් ගත වෙද්දී අනෙත් මිතුරන් අබිබවා ඇයගේ හොඳම මිතුරකු බවට පත් වන්නට ඔහු සමත් විය. දිනපතා ආ-ගිය සියලු තොරතුරු මුහුණ පොතේ ජංගම පණිවිඩ ඔස්සේ හුවමාරු කරගැනීමට දෙදෙනාම හුරු වී සිටියහ. ජංගම දුරකතනය ඔස්සේ පණිවිඩ හුවමාරු කරගත්තද දෙදෙනා එතෙක් කිසි දිනක මුණගැසී නොතිබිණි. ඇය පුදුමයට පත් කිරීමේ අරමුණින් මීට මාස හතරකට පමණ පෙර දිනක් ඇයගේ කාර්යාලය අසලට පැමිණි ඔහු ඇයගේ ප්‍රතිචාර ලැබෙන තුරු මඟ බලා සිටියේය. එහෙත් මුහුණු පොතේ රූප රාමුවේ දුටු රුව මීට වඩා හාත්පසින්ම වෙනස් එකක් විය. ඇය ඒ බව නොහඟවා ඔහු ප්‍රතික්ෂේප කරන්නට විය. මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කටයුතුවල නිරත වන්නකු වූ ඔහු පනස් එක් හැවිරිදි ඔහු විවාහක දෙදරු පියෙකි. එහෙත් ඔහු ගත කළේ හුදෙකලා ජීවිතයකි. මුහුණු පොතින් හමු වූ මිතුරියත් සමඟ කුලුපග වූ ඔහුට ඇය පිළිබඳ සිතක් පහළ වුවත් ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ වෛරයට හේතු විය. කාර්යාලය අසලට පැමිණ ඇය හමු වීමට උත්සාහ දැරීම ඇයට හිරිහැරයක් බව කිහිප විටක් පැවසුවද ඔහු එය තුට්ටුවකට වත් මායිම් නොකළේය. ඉන් අනතුරුව ඇයගේ ස්වාමිපුරුෂයා ඔහුට දුරකතනයෙන් කරුණු පැහැදිලි කළ ද හෙතෙම ඔහුට ද පරුෂ වචනයෙන් බැණ වදින්නට විය. අවසානයේ ඔහු තමන්ගේ ඉලක්කය සපුරා ගත්තේ ඉහත කී ආකාරයටය. පිළියන්දල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිස සැණෙකින් ක්‍රියාත්මක වී ඇය සොයා මෙහෙයුම ක්‍රියාත්මක නොකරන්නට ඇයගේ ජීවිතය පවා පැවතියේ අවදානම් තත්ත්වයකය. ඇයට මරණ තර්ජනය කරමින් වියරුවෙන් හැසිරුණු එම පුද්ගලයාගේ අවසන් ඉලක්කය එය වූ බව ඉතා පැහැදිලිය පොලිසියට අනාවරණ වු තොරතුරුවලින් හෙළිදරව් විය.

පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන්, අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. නන්දසිරි, උ.පො.ප. ප්‍රභාත්, 86336 බණ්ඩාර, 83107 රත්නායක යන නිලධාහු පිරිසක් මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

තාක්ෂණික දියුණුවත් සමඟ සමාජ ජාලා වෙබ් අඩවි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්න‍ට විය. එහි ඉතා හොඳ ප්‍රතිඵලද ඇත. වෙසෙසින් මුහුණු පොතින් අපට බොහෝ කාලයක් හමු නොවූ මිතුරු-මිතුරියන් පිළිබඳව මෙන්ම බොහෝ වැදගත් තොරතුරුද ලබාගත හැකිය. ඒ අතර මෙවන් ඛේදවාචකද දුලබ නොවේ. මුහුණු පොතින් සිදු වූ පළමුවැනි ඛේදනීය සිදු වීමද මෙය නොවේ. මුහුණු පොතින් හමු වූ පෙම්වතුන් පෙම්වතියන් නිසා සියදිවි නසාගැනීම්, මෙන්ම ඝාතනද කොතෙක් නම් සිදු වී ඇත්ද? එහෙයින් මෙය පළමු සිදු වීම නොවන්නා සේම මෙය අවසාන සිදු වීමද නොවනු ඇත.

ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමඟ බොහෝ දේ අපට සොයාගත හැකි වන්නා සේම එය අවභාවිත කිරීමෙන් අපට අහිමි විය හැකි දේද බොහෝ බවට මෙය තවත් එක් නිදසුනක් පමණි. එහෙයින්ම අපට සුව-පහසුව සලසන මේ සියල්ල අප භාවිත කළ යුත්තේ තම සීමා මායිම් තුළ සිට බව මේ පුවත අපට කියා දෙන පාඩමයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්