ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

විදෙස් විත්ති විචාරය

විදෙස් විත්ති විචාරය

45 රජ දැක්මට

මේ විදෙස් සටහන පළවන විට ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා­ෙව් 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී වැඩ භාරගෙන අවසන් ය. විවිධ බාධක මැද ලොව ප්‍රබලතම රාජ්‍යයේ නායක පුටුවට පැමිණි ට්‍රම්ප් අද සිට තමා මෙතෙක් ලබාදුන් පෙරළිකාර පොරොන්දු ක්‍රියාවට නැංවිමේ භාරදුර කාර්යයට උරදෙයි. එය පහසු කටයුත්තක් නොවන බවට සාක්ෂි ට්‍රම්ප්ගේ ජනාධිපති සංක්‍රාන්ති කාලසීමාවේදිම දක්නට ලැබිණ. ප්‍රධානම ගැටලුව වන්නේ රට තුළ හටගෙන ඇති දේශපාලනික හා වර්ගවාදිමය බෙදිම අවසන් කිරිමයි. දිවුරුම් දීමට පෙරාතුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ වොෂිංටනයේ පැවති සංදර්ශනයකදී කෙටි දේශනයක් කළ ට්‍රම්ප් මුලික වශයෙන් කියා සිටියේ අමෙරිකාවෙහි එක්සත් බව සුරැකීමට තමා කැපවන බවයි. ඔහු එහිදි වැඩිපුර අවධානය යොමු කළේ එක්සත් බව ගැන ජනතාව තුළ යම් හැඟිමක් ඇති කිරීමටයි. එය තමාගේ පාලනයේ මුලික අදහසක් වන බව වටහා දීමටයි.

19 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේ එනම් ට්‍රම්ප් දිවුරුම් දිමට පෙරදින වොෂිංටනයේ ගැටුමක් හටගත්තේය. ට්‍රම්ප් විරෝධිහු දිවුරුම් දීමේ උත්සවය සඳහා පැමිණ සිටි ට්‍රම්ප් ආධාරකරුවන්ට පහරදුන්හ දෙපාර්ශ්වය අතර ගැටුම වැළැක්විම සදහා පොලිසිය එක් වීථියක් වසා දමා කලහකාරීන්ට රසායනික මිශ්‍ර ජලය විද ඔවුන් පලවා හැරීමට පියවර ගත්හ. ට්‍රම්ප් විරෝධීහු සිකුරාදා පැවති දිවුරුම් දීමේ උළෙලට පෙරාතුවද විරෝධතා දැක්වුහ. දිවුරුම් දිමේ උළෙලෙන් පසුව ද කාන්තා සංවිධාන විරෝධතාවක් පැවැත්විණ. ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙද්දී අමෙරිකාවෙහි මුල්පෙළේ විරෝධතා පැවති අවස්ථාවක් වශයෙන් ඉතිහාසයට එක්ව ඇත්තේ 1973 වසරයි. හිටපු ජනාධිපති රිචඩ් නික්සන් දෙවැනි වර දිවුරුම් දෙන අවස්ථාවේ වියට්නාම් යුද්ධයෙන් රට අගාධයට ඇදවැටෙමින් ජනතා අප්‍රසාදය ඉස්මතු වෙමින් තිබුණු යුගයකි. නික්සන් පළමු ධුර කාලය තුළ යුද්ධය අවසන් කිරිම සමිබන්ධයෙන් ලබාදුන් බොරු පොරොන්දු ජනතා විරෝධයට පාත්‍ර විය. එහෙත් පුදුමයකට මෙන් එය ජනාධිපතිවරණයේදි ඉස්මතු නොවුණත් ඔහු දිවරුම් දෙන අවස්ථාව වනවිට විරෝධය උතුරා යන තත්ත්වයක් උදාවිය. ඒ වෙනුවට ජනතාව නික්සන්ට ප්‍රතිචාර දැක්වුයේ ඔහුගේ දිවුරුම් දීම හා සමගාමිව විරෝධතා පැවැත්විම තුළිනි. ලක්ෂයකට අධික විරෝධතාකරුවෝ එදා නික්සන්ගේ දිවුරුම් දීමේ උත්සවය අඩාල කිරිමට උත්සාහ දැරුහ. නික්සන්ට දෙවැනි වර ජනාධිපති පදවිය දැරිය හැකි වුයේ වසරක කාලයක් පමණි. වෝටර්ගේට් අපවාදාත්මක සිද්ධිය මුල්කර ගනිමින් 1974දි ජනාධිපති පදවියෙන් ඉවත්වයාමට නික්සන්ට සිදුවිය.

එදා රිචඩ් නික්සන් මුහුණ පෑ තත්ත්වය හා අද ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පවතින අභියෝගාත්මක තත්ත්වය එකිනෙකට වෙනස් සිද්ධින් දෙකකි. එහෙත් පොදු සාධකය වන්නේ 1973 න් පසු ජනාධිපතිවරයෙකු දිවුරුම් දිමේ අවස්ථාවක විරෝධතා ව්‍යාපාර ඉස්මතු විමයි. ඊට අමතරව දේශපාලන ලෝකයෙන් එල්ල වන විරෝධය නොසලකා හළ නොහැක. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය තුළ පැවති මතබේද සමනය කරගැනිමට ට්‍රම්ප් සමත් වුවත් ප්‍රතිවාදි ඩිමොක්‍රැටික් පක්ෂයෙන් එල්ල වන අභියෝගය ප්‍රචාරාත්මක වශයෙන් හෝ තීරණාත්මකය. ඉතිහාසයේ මුල්වරට ඩිමොක්‍රැටික් පාක්ෂික සෙනෙට් හා කොංග්‍රස් සභිකයෝ 50 ක් පමණ දිවුරුම් දීමේ උත්සවය වර්ජනය කළහ. සිවිල් අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරියෙකු වන ජෝන් ලුවිස් ට්‍රම්ප් සමග ඇතිකරගත් ගැටුම ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට හේතුපාදක වී තිබේ. ට්‍රම්ප් නීත්‍යානුකූල ජනාධිපතිවරයෙකු නොවන බව ජෝන් ලුවිස් සෙනෙට් සභිකයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරිම මතබේද වල උග්‍රතම තත්ත්වයයි. ජෝන් ලුවිස් යනු අමෙරිකාවෙහි කළු ජාතිකයන් අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් නායකයෙකි. ඔහු 1960 දශකයේ සිටම සිවිල් අයිතිවාසිකමි පිළිබද ක්‍රියාකාරියෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලු අයෙකි.

ඔහුට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වු වාග් ප්‍රහාරද බරපතළය. ට්විටර් පණිවුඩයක් මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ලුවිස් යනු කයිවාරුකාරයෙකු මිස වැඩක් කරන අයෙකු නොවන බවයි. ඩිමොක්‍රටික් වර්ජනය උත්සන්න වුයේ මේ මතබේද වඩාත් උග්‍ර වෙමින් පවතින අවස්ථාවකයි. එය දේශපාලන බෙදීමක් මෙන්ම අමෙරිකාවෙහි සුදු කළු බෙදිමක්ද සංකේතවත් කරයි. මෙය ට්‍රම්ප් ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවන අභියෝගයක් මෙන්ම විසඳාලිය යුතු ගැටලුවක්ද වේ. ට්‍රම්ප්ට විරෝධය එල්ල වන්නේ අමෙරිකාවෙහි අභ්‍යන්තරයෙන්ම පමණක් නොවේ.

බටහිර බලකදවුර තුළ මුල සිටම පැවති ට්‍රම්ප් විරෝධයය. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ෙඩ්විඩ් කැමරන් එදා අමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාරය පැවති සමයේ කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නෙකු අමෙරිකාවෙහි ජනාධිපති වුවහොත් එය මුළු ලෝකයටම තර්ජනයක් වන බවයි. ට්‍රම්ප් ජයග්‍රහණය කිරිමෙන් පසුව රාජ්‍යතාන්ත්‍රික ලෝකය බලාපොරොත්තු වුයේ මේ මතබේද සමනය විය හැකි බවයි. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන අවස්ථාව දක්වාම මේ මත ෙබ්ද පැවතිම ඔහුගේ ඉදිරි රාජ්‍ය පාලන කටයුතු සදහා එල්ල විය හැකි බරපතළ අභියෝගයක් වේ. මේ අභියෝග හමුවේ සිහිපත් කළ යුතු ගැටලු සහගත තත්ත්වයක් වන්නේ ඉවත්ව යන ඔබාමා පාලනය ට්‍රම්ප්ගේ එළඹෙන පාලනයට එල්ල කර තිබු අභියෝගයයි. ඒ රුසියානු හැකර්වරු ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්කරවිම සඳහා හිලරි ක්ලින්ටන්ට එරෙහිව සයිබර් යුද්ධයක් දියත් කළේය. යන චෝදනාව හා එෆ් බී අයි හෙවත් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් පරික්ෂණ කාර්යාංශයේ ප්‍රධානි ෙජ්ම්ස් කොමේ ජනාධිපතිවරණ සමයේදි හිලරි ක්ලින්ටන් ගේ විද්යුත් තැපැල් අවභාවිත චෝදනා ඉස්මතු කරමින් ට්‍රම්ප්ට හිතවාදි ව්‍යාපාරයක් ගෙනගියේදැයි සිදුකෙරෙන පරික්ෂණයයි. මේ කරුණු දෙකම ට්‍රම්ප්ගේ ජනාධිපතිපදවියෙහි වලංගුභාවයට එල්ල කරන බරපතළ අභියෝග සේ සැලකිය හැකිය. මේ අනුව බලන කල අමෙරිකාවෙහි 45 වැනි ජනාධිපතිවරයා හමුවේ ඇත්තේ රෝසමල් යහනාවක් බඳු මාවතක් නොවෙ. කටු කොහොලින් පිරුණු මගකි. ඔහු බලයට පත්කළ අමෙරිකාවෙහි තීරණාත්මක නිහඬ ජනකොටස මේ අභියෝග හමුවේ තම නායකයා වෙනුවෙන් දිගටම පෙනී සිටිත්ද? මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔහු මුහුණ දෙන ඇතුළත් ගිනි පිටත් ගිනි යන තත්ත්වයට යම් සහනදායි පිළිතුරක් සපයනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අභියෝගාත්මක චරිතයකි. අමෙරිකාවෙහි සාම්ප්‍රදායික දේශපාලනික මුහුණුවර කණපිට හැරවු අයෙකි. ඒ ඔහු සාම්ප්‍රදායික දේශපාලන ලෝකයෙන් බැහැරව ව්‍යාපාරික ලෝකය තුළින් ජනාධිපති පදවියට පිවිසි අයෙක් හා බොහෝ ප්‍රශ්න දෙස නව මුහුණුවරකින් බලන අයෙකු වීම නිසයි. රුසියාව දෙස සංහිඳියාත්මක ලෙස බැලීම හා සංක්‍රමණික ප්‍රශ්න හා චීනය සම්බන්ධයෙන් දැඩි මුහුණුවරක පසුවිම ඔහුගේ එකිනෙකට වෙනස් ප්‍රතිපත්තිවලට කදිම උදාහරණ වේ. ඔහුගේ කාර්යමණ්ඩලයද දේශපාලනිකවශයෙන් බොහෝ දුරට ආධුනිකයෝ වෙති. මේ නිසා අමෙරිකාවෙහි අලුතෙන් බිහිවූ පාලනය ගන්නා ගමන්මග සමස්ත ලෝකයටම නව අත්දැකීමකි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්