ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»

මොකක්ද මේ ලෝක ආර්ථික සමුළුව?

මොකක්ද මේ ලෝක ආර්ථික සමුළුව?

දේශීය වෙළෙඳපොළින් ඔබ්බට විහිද යන ගෝලීය ආර්ථිකය ඉලක්ක කරගත් විධිමත් ආර්ථික ක්‍රමෝපායන් රටට ඇවැසි මොහොතක ශ්‍රී ලංකාව පසුවේ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වසර 2015 නොවැම්බර් මාසයේ දී ද, ඉකුත් වසරේ දී අවස්ථා තුනකදී එළැඹෙන වසර 2023 සහ වසර 2030 දී තම රට පත් කර ගත යුතු ආර්ථික, සාමාජික, දේශපාලනික ඉලක්ක පිළිබඳ පෙර දැක්ම ඉදිරිපත් කෙළේය.

වසර 2015 ජනවාරි මස 08 වැනිදා මෙරට සිදු වූ පෙරළියේ නිපුණ නායකත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් හා මඟ‍පෙන්වීම් ද සහිතව වසර 2023 සහ වසර 2030 ශ්‍රී ලංකාව ගොඩනැ‍ඟෙන තැන එම ප්‍රකාශවලින් පැහැදිලි කැරිණි.

‍ෙම් අන්දමට ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන සැලැසුම් පිළිබඳ නිරීක්ෂණය කිරීම හා විශේෂඥ උපදෙස් ලබාදීම සඳහා මෙරටේ සංචාරයක නිරත වන්නා’යි කොළොම්බියා විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සහ මහජන සම්බන්ධතා අංශයේ මහාචාර්ය ජෝසප් ඉයුජින් ස්ටිග්ලිට්ස් (JOSEPH EUGENE STIGLITZ) මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කොට ඇත. ඒ මෙ මස 17 වැනිදා සිට පුරා තෙදිනක් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර මුළු දුන් ලෝක ආර්ථික සමුළුව අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් ලැබී සපිරෙන 75 වසර 2023 වන විටත්, ඉන් ඔබ්බට වසර 07 තුළ එනම් වසර 2030 වනවිට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලැබිය හැකි රටක් බවට පත්වීමේ සැලැසුම් වඩාත් තාර්කික ලෙස ශ්‍රී ලංකාව සකස් කිරීමට සූදානමින් සිටින බව අගමැතිවරයා මෙහිදී අවධාරණය කොට ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මඟින් වර්තමාන අභියෝගයන්ට මුහුණ දෙමින් රට යළි ගොඩනැංවිම සඳහා ධනාත්මක පියවර රාශියක් ගනිමින් සිටින බවද අගමැතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ.

ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළු සැසිවාරය අතරතුර ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස වැඩි වශයෙන් අවධාරණය කළ කරුණු වනුයේ යටිතල පහසුකම්, මහා මාර්ග, දුම්රිය මාර්ග, වරාය, නාගරික සංවර්ධනය ආදි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා නව ආයෝජන, ආධාර, ණය සහ පහසුකම් සැපැයීමට කටයුතු කරන ලෙසය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ නියෝජිතයන්ට මේ ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමට අවස්ථාව උදාවූයේ ඉකුත් වසරේ පටන්ය.

ලෝක ආර්ථික සමුළුව යනු කුමක්ද? එය ආරම්භ ව‍ූයේ කවදා ද? එහි ඇති වැදගත්කම කුමක් ද? මීට සහභාගිවීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට අවස්ථාව ලැබුණේ කවදා සිටද? ඊට එක්වන ලෝක ප්‍රකට විද්වතුන්ගේ සේවය අප රටට ලබා ගැනීමේ වාසි මොනවාද? යන්න පිළිබඳ මේ ලිපියෙන් කතිකා කැරේ.

ලෝක ආර්ථික සංසදය යනු ස්විට්සර්ලන්තයේ ජිනිවා හි ස්ථාපිත කරනු ලැබූ ලාබ නොලබන පදනමකි. වසර 1971 දී එය අරඹනු ලැබ‍ුවේ ක්ලවුස් ස්කැවැබ් මහතා විසිනි. මේ වන විට ද එහි ප්‍රධානියා ඔහු. මෙම පදනම රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහයෝගීතාවය උදෙසා වන අන්තර්ජාතික ආයතනයක් ලෙස ස්විස් බලධාරින් පිළිගෙන තිබේ.

ව්‍යාපාර - දේශපාලන - අධ්‍යයන ක්ෂේත්‍රවල මෙන් ම වෙනත් විවිධ ක්ෂේත්‍රවල නායකයන්ගේ ද දායකත්වය ලබා ගනිමින් ලෝකයේ, ලෝකවාසී ජනතාවගේ තත්ත්වය නඟා සිටුවීම මෙහි ආදර්ශ පාඨයයි. එය කලාපීය, ගෝලීය හා කාර්මික න්‍යාය පත්‍රයක් ඔස්සේ දිග හැරී තිබේ.

ස්විට්සර්ලන්තයේ නැ‍ඟෙනහිර ඇල්ප්ස් කඳුකරය ආශ්‍රිත නිකේතනයේ වසරක් පාසා පැවැත්වෙන මේ සමුළුවට දේශපාලන නායකයන්, ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබලයන්, තෝරා ගත් බුද්ධිමතුන්, ජනමාධ්‍යවේදින්, සමාජ ක්‍රියාකාරින් ආදි වශයෙන් 2500කට වඩා වැඩි පිරිසක් එක්වනු ඇත.

මේ සා විශාල පුද්ගල සහභාගීත්වයක් සහිතව පැවැත්වෙන මේ සමුළුව 1971 දි පළමු වරට පැවැත්විණි. ඊට ස්ක්වැබ්ගේ ඇරියුමින් බටහිර යුරෝපා රටවල ව්‍යාපාර ප්‍රධානීහු 444 ක් එක්වූහ.

මේ සමුළුව සමස්තයක් ලෙස ගෝලීය යහපාලන හා ආර්ථික නවෝදය ප්‍රාර්ථනා කර යෝජනා කතා කරන වේදිකාවකි. මෙහි ඇති සුවිශේෂි වැදගත්කම එයයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකුට වසර 40කට පසුව මේ සමුළුවට සහභාගිවීමට ආරාධනා ලැබුණේ ‍ඉකුත් වසරේදීය. ඒ 2016 දි ශ්‍රී ලංකා අගමැතිවරයා ප්‍රමුඛ රජයේ නියෝජිත පිරිසක් මීට එක්වූහ. වසර 2016 ජනවාරි 23 වැනිදා සිට පුරා දෙදිනක් මෙය පැවැත්විණි. ඊට මුදල් ඇමැති රවි කරුණානායක, උපායමාර්ගික සංවර්ධන හා අන්තර්ජාතික වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

ප්‍රථම වතාවට මේ සමුළුවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු එක්වූ ඒ අවස්ථාවේදි රටට, ජනතාවට වඩාත් යහපත් හෙට දවසක් බිහි කිරීමට හැකි වැඩපිළිවෙළ ගණනාවක ආරම්භය සිදුවිය. ලොව පතළ කීර්තිමත් ආයෝජන, ව්‍යාපාර සමූහයන්වල ප්‍රධානීහු හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෝ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළහ. එය මෙරටට තම ඍජු විදේශ ආයෝජන කැඳවා ගැනීමට ඉවහල් වීය.

මේ අන්දමේ පළල් හා ගැඹුරු ජාත්‍යන්තර වේදිකාවකට එක්වූ ශ්‍රී ලංකාවට තම ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට ‍ලෝප්‍රකට බුද්ධිමතුන්ගේ සේවය ලබා ගැනීමට ඉඩ ලැබීම භාග්‍යයකි. ඒ අනුව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෝසප් ස්ටීග්ලිට්ස් මහතා වැන්නෝ හමුවීම ඉතා වැදගත්ය.

ශ්‍රී ලංකාව ඉකුත් වසරේ ජනවාරි 23 මේ සමුළුවට එක්වූයේ අහඹු ලෙස නොවේ. ඊට පෙර ජනවාරි 08 - 09 ශ්‍රී ලංකාවේ ආර්ථික සමුළුවක් පැවැත්වූහ. ඊට ලෝක ප්‍රකට බුද්ධිමත්හු එක් වූහ. ඒ අයගේ කතිකා මත ගොඩනැඟුණු සුබදායි සැලසුම් සමඟ අප රට ලෝක ආර්ථික සමුළුවට පසුගිය වසරේ එක් විය.

ශ්‍රී ලංකාව දියුණු කිරීමේ මඟ සකස් කර ගත යුත්තේ කෙසේදැයි ජාත්‍යන්තර අත්දැකීම්, දැනමුතුකම් මත තීරණය කිරීම වඩා වැදගත්ය. ඒ අනුව එදා මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස් මහතා ද නැවුම් අදහස් ගොන්නක් එක් කෙළේය.

රාජ්‍ය ව්‍යවසායන් වඩාත් විධිමත් හා කාර්යක්ෂම කළමනාකරණ ක්‍රමවේදයකට රැගෙන ඒම, නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය ව්‍යාපෘති ඇරඹීම වැනි දෑ සඳහා මේ නව අදහස් උදවු විය.

ඒ අනුව දැනට අඩිතාලම දමා ඇති ආර්ථික ජයග්‍රහණ රටට ලබාදීමේ වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීමට ලෝ ප්‍රකට බුද්ධිමතකු වන එම මහාචාර්යවරයා මෙරටට නැවත පැමිණීම අගය කළ යුතුය. ඒ මන්ද ඔහු මේ වන විට ලොව සිටින ‍ඉතා ම අත්දැකීම් බහුල ආර්ථික විශේෂඥයන් අතර ප්‍රමුඛයෙකු වන බැවිනි.

වසර 1943 පෙබරවාරි මස 09 වැනිදා උපත ලැබූ ජෝසප් ඉයුජින් ස්ටිග්ලිට්ස් මහතා කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. වසර 2001 දී නොබෙල් ත්‍යාගය දිනාගත් හෙතෙම 1979 දී ජෝන් බේග්ස් ක්ලාක් සම්මානයෙන් ද පිදුම් ලැබුවෙකි.

ලෝක බැංකුවේ ‍හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන මේ මහතා, එහි ප්‍රධාන ආර්ථික උපදේශකයෙකු ද වේ. ඇමෙරිකානු ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන ජෝසප් ස්ටිග්ලිට්ස් මහතා වැනි බුද්ධිමතෙකුට මේරටට පැමිණ, අප රටට තම දැනුම, අත්දැකීම් බෙදා හදා ගන්නට ඉඩ ලබාදීම වැදගත්ය. එය අපට නැඟී එන ආර්ථිකයේ අරුණාලෝකය ළං කර ගැනීමට විශාල රුකුලක් ද වනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්