ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»

මැච් එකට තාම ග්‍ර‍වුන්ඩ් එක ලෑස්ති නෑ

මැච් එකට තාම ග්‍ර‍වුන්ඩ් එක ලෑස්ති නෑ

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

නුදුරේදීම පළාත් සභා කිහිපයක මැතිවරණ සඳහා ද අප කොමිසම ඕනෑ කමින් සූදානම්ව සිටිනවා. මෙම මැතිවරණ හෝ කල් ‍නොයවා නිසි කාලයට පැවැත්වීමට හැකි නම් එය සුවිශේෂ තත්ත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණ වාර්තාව නිකුත් වීම සමඟ යළිත් පළාත් පාලන මැතිවරණයේ දින වකවානු කෙසේ සකස් වේද ඒ සඳහා මැතිවරණ කොමිසම සූදානම් වන්නේ කෙසේද යන්න ගැන කතාබහක් ඇතිව තිබේ. මේ ඒ ගැන ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ කළ සංවාදයකි.

දිගු කලක් ඇදී යමින් තිබූ සීමා නිර්ණ වාර්තාව පසුගියදා නිකුත් විය. මෙම වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත වාද ප්‍රති මතවාද ඇති විය. බොහෝ දෙනා මෙන්ම දේශපාලන පක්ෂද මේ වාර්තාව නිකුත් කරන තෙක් මඟ බලා සිටියහ. මාධ්‍ය මෙන්ම දේශපාලන පක්ෂද සාමාන්‍ය ජනතාවද අපගෙන් මැතිවරණය පවත්වන්නේ කවදාද ඇයි මැතිවරණය ප්‍රමාද කරන්නේ වැනි විවිධ ප්‍රශ්න යොමු කළහ.

මෙම ප්‍රශ්න කිරීම් සාධාරණය. මැතිවරණයක් ප්‍රමාද වන්නේ නම් ඒ ගැන ප්‍රශ්න කිරිමට ජනතාවට මාධ්‍යයට මෙන්ම දේශපාලන පක්ෂවලටද අයිතියක් තිබේ. එනිසා මෙම ප්‍රශ්න කිරීම් ගැන අපට ගැටලුවක් නැත. එහෙත් මැතිවරණ කොමිසම ලෙසත් එහි සභාපතිවරයා ලෙසත් මැතිවරණ පවත්වන දිනයක් ගැන තීරණය කිරීමට හෝ මැතිවරණ දිනය තීන්දු කිරීමට අපට බලයක් හෝ අයිතියක් නැත. එහෙත් මැතිවරණ කල් නොදමා නිසි කලට පවත්වනවාට අපද කැමැතිය. එමඟින් ජනමතය ට නිසි කලට වේලාවට ඉඩක් ලබා දිය හැකිය.

විය යුත්තේද එයයි. එහෙත් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේදී සීමා නිර්ණ ගැන විවිධ මතවාද සහ ගැටලු සහගත තත්ත්වයන් ඇති විය. මැතිවරණය පැවැත්වීමට බාධාව වූයේ එයයි. එනිසා මැතිවරණ කොමිසම ලෙස අපට මැතිවරණය කල්යාම ගැන වගකීමක් ගැනීමට නොහැකිය. එහෙත් මැතිවරණයක් සාධාරණ සහ ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් යුතුව පැවැත්වීම ගැන වගකීම අපට ඉතාමත් ඉහළින් භාර ගැනීමට පුළුවන. අනෙක් අතින් ගත් කළ මැතිවරණ කොමිසමක් ය‍ටතේ පවත්වන්නට නියමිත පළමු මැතිවරණය බවට පත්ව ඇත්තේද ඉදිරි පළාත් පාලන මැතිවරණයයි.

අප එම මැතිවරණය ඉතාමත් සාධාරණ සහ සාමකාමී ලෙස පවත්වන්නට ඉතාමත් ඕනෑකමින් යුතුව බලා සිටිමු. එහෙත් සීමා නිර්ණ වාර්තාව නිකුත් කළ සැණෙන් සියල්ල අවසන් වන්නේ නැත. මැතිවරණ පැවැත්වීමේ කාර්ය භාරය ආරමභ කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉටු කළ යුතු තවත් වගකීම් සහ නිල කාර්යන් රැසක් තිබේ මෙම කාර්ය ඉක්මනින් ඉටු කළ යුතුය යන්න අපගේ යෝජනාවයි. ජනතාවද රටටද බලාපොරොත්තු වන්නේ මෙම කාර්ය ඉක්මනින් ඉටු වෙනු ඇතැයි කියාය. මන්ද තවත් මේවා ප්‍රමාද නොකළ යුතු දේය.

පළාත් පාලන ඇමැතිවරයා වෙත සීමා නිර්ණ වාර්තාව ලබා දුන්නද අපට මැතිවරණයකට සූදානම් විය නොහැකිය. ඒ සඳහා ඇමැතිවරයා ගැසට් පත්‍රය නිකුත් කළ යුතුය. එහෙත් තවමත් ගැසට් පත්‍රය නිකුත් කර නැත. නුදුරේදීම ගැසට් පත්‍රය නිකුත් කරාවිය යන්න අපගේ බලාපොරොත්තුවයි. එම බලාපොරොත්තුව නිසි ලෙස ඉටු කිරිමේ බලය සහ ශක්තිය ඇත්තේ පළාත් පාලන ඇමැතිවරයාටය.

ගැසට් පත්‍රය නිකුත් කළ පමණින් වුවද මැතිවරණය කඩිනමින් පැවැත්වීමට හැකියාවක් නැත. එයටද විවිධ කරුණු බලපායි අපි උදාහරණයකට එක් නගර සභාවක වර්තමාන මන්ත්‍රී ධූර ප්‍රමාණය 12 යැයි සිතමු කොට්ඨාස ක්‍රමය තුළ එම ධූර ප්‍රමාණය 16 හෝ 18 වීමට පුළුවන මෙම වෙනස් කමට අප සූදානම් විය යුතුය. මෙම වෙනස් කම් නිසි ලෙස කළ යුතු අතර එය එසේ නොකළහොත් නැවත ගැටලු ඇති වීමට පුළුවන. මේ හැම දෙයක් ගැනම සිතා බලා අප කටයුතු කළ යුතුය. කිසියම් දෙයක් දුර්වල ආකාරයට කඩිනමින් කරනවාට වඩා සුලු කාලයක් වැඩි පුර ගෙන සාර්ථකව කිරීම සියල්ලටම වඩා වැදගත්ය.

සමානුපාතික ක්‍රමයට හුරු ව සිටින පද්ධතිය නව ක්‍රමයට අනුව යළි ස්ථාන ගත කිරීමද ක්ෂණිකව කළ හැකි දෙයක් නොවේ. එයට පද්ධතිය සකස් කළ යුතුය. අපගේ නිලධාරීන් ඒ සඳහා සූදානම් කළ යුතුය. එනිසා නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීම දින පනහකින් හැටකින් කළ හැකි දෙයක් නොවේ සීමා නිර්ණ වාර්තාව නිකුත් කිරීම ගැසට් කිරීම සිදු කිරීම කළ පමණින් අද තත්ත්වය අනුව සියල්ල නිමා වන්නේ නැත. තවත් ඉටු කළ යුතු දේවල් රාශියක් තිබේ. 2012 පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත තුළ තාක්ෂණ දෝෂ සියයකට වැඩි ප්‍රමාණයක් ‍තිබේ. මෙම දෝෂ නැවත නිවැරදි විය යුතුය.

මෙය අපට කළ හැකි කාරණයක් නොවේ. මෙම තාක්ෂණ දෝෂ මොනවාද කියා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය ඉන්පසු පාර්ලිමේන්තු අනුමැතියෙන් නැවත ඉදිරිපත් කළ යුතුය. මෙම තාක්ෂණ දෝෂ අතර විශාල හෝ මතභේදාත්මක තාක්ෂණ දෝෂවලට වඩා ඇත්තේ ඉතාමත් සුලු තාක්ෂණ දෝෂයන්ය.

මේවා නිසි ලෙසත් කඩිනම්වත් නිවැරදි කර ගන්නවා නම් සති දෙකක් ඇතුළත මෙම දෝෂ නිවැරදි කර ගත හැකිය. එහෙත් එය එසේ වන ආකාරයක් අපට දැක ගැනීමට නැත. සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට පසුගිය අවුරුද්දේ මැද කාලයේ සිට දින වකවානු රැසක් ප්‍රකාශ වුවද එම දිනවලදී එම කාර්යන් නිසි ආකාරයට ක්‍රියාත්මක වූයේ නැත. සීමා නිර්ණ වාර්තාව ඇමැතිවරයා අතට පත්වූයේ පසුගිය සතියේදීය. මැතිවරණය ප්‍රමාද වීමට බලපෑවේ මෙවැනි කරුණුය.

ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් කිසියම් පිටියක් නඩත්තු කරන්නේ වෙනත් පිරිසකි. එම පිටිය නඩත්තු කිරීමේ අයිතිය සහ බලය ඇත්තේ ද ඒ පිරිසටය. ඔවුන් පිටිය නිසි ලෙස නඩත්තු කර අඩුපාඩු සකස් කර ක්‍රිකට් තරගය සංවිධාන කරන පිරිසට භාර දිය යුතුය. එසේ නොකොට ක්‍රිකට් තරගය ගැන දින වකවානු ගැන කතා කිරීම නිසරු කාර්යකි ක්‍රිකට් පිටිය නඩත්තු කරන එහි අඩුපාඩු සකස් කරන්නේ පළාත් පාලන ඇමැතිවරයානම් තරගය සංවිධානය කරන්නේ අපයි. එහෙත් අපට තවම පිටිය භාර දී නැති පසුබිමක තරගය තියෙන්නේ කවදාද යන්න විමසීම වැඩක් නැත. අප තරගය පැවැත්වීමට කැමැත්තෙන් සිටියද අනෙක් පාර්ශ්වය අපට පිටිය සකසා අනුබලය ලබා දිය යුතුය.

මැතිවරණ පැවැත්වීමට දින වකවානු ලබා දුන්නද අපට වෙනත් මැතිවරණයක මෙන් සැනෙන් සූදානම් විය නොහැකිය අප ඒ සඳහා උපරිම කාලයක් ලබා ගත යුතුය. මන්ද යත් ක්‍රමය අලුත්ය සූදානම් විය යුත්තේ වෙනත් ආකාරයකටය මේ සියල්ල අප අවධානයෙන් යුතුව විමසා බැලිය යුතුය.

පසුගිය කාලයේදී මැතිවරණ කොමිසමටද ඇතැම්හු විවිධ චෝදන එල්ල කළහ. එහෙත් මෙම චෝදනා නිවැරැදි නොවේ. අප නිතරම උත්සාහ කරන්නේ හැකි උපරිම ආකාරයෙන් සාධාරණ මැතිවරණ පැවැත්වීමයි. ඒ ආකාරයේ සාධාරණ මැතිවරණ පැවැත්වීම ගැන විශාල අත්දැකිම් ප්‍රමාණයක් අප සතුය. එනිසා අපට එල්ල කරන චෝදනා මෙන්ම අගය කිරීම්ද අප සම සිතින් යුතුව පිළිගනිමු. අප නිතරම උත්සාහ කරන්නේ මැදහත් සේවයක් ඉටුකිරිමටත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමටත්ය.

පළාත් පාලන මැතිවරණය ගැන කතා කළද නුදුරේදීම පළාත් සභා කිහිපයකද නිල කාලය අවසාන වීමට නියමිතය. එම මැතිවරණ සඳහාද අප කොමිසම ඕනෑ කමින් සූදානම්ව සිටිමු. මෙම මැතිවරණ හෝ කල් ‍නොයවා නිසි කාලයට පැවැත්වීමට හැකි නම් එය සුවිශේෂ තත්ත්වයක් ලෙස සඳහන් කළ හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් වන්නේ මැතිවරණ පැවැත්වීම මඟිනි. අප ප්‍රජතන්ත්‍රවාදයට නිදහසේ ගමන් කිරීමට ඉඩදිය යුතුය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්