ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ජාතියේ මහා පහන් ටැඹටත් වරදී

ජාතියේ මහා පහන් ටැඹටත් වරදී

රාජ්‍ය හා සංස්ථා සේවකයන් දස දහස් ගණනක් ගනුදෙනු කරන ලංකා බැංකුවේ නොසැලකිලිමත්භාවය නිසා ලංකා බැංකුව කේන්ද්‍ර කරගනිමින් අනෙකුත් බැංකු මඟින් වැටුප් ලබාගැනීමට බලාපොරොත්තුව සිටි දස-දහස් ගණනක් වූ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා සේවකයන්ට පසුගිය සිකුරාදා වැටුප් ලබාගැනීමට නොහැකි වීමෙන් දැඩි අසීරුතාවට පත් වී ඇත.

පසුගිය 20 වැනිදා වැටුප් ලබාගැනීමට නියමිත සේවකයන්ගේ ගිණුම්වලට අදාළ ආයතනවලින් විද්යුත් ක්‍රම මඟින ලංකා බැංකුවට වැටුප් ලබා දීම පෙර දින (19) සිදු කර ඇති නමුත්, ලංකා බැංකුව විසින් 20 වැනිදා වෙනුවට 23 දිනය යොදා ඇති නිසා සෙසු බැංකුවලින් වැටුප් ලබාගැනීමට නොහැකි වී ඇතැයි දැනගන්නට තිබේ.

සංස්ථා හෝ වෙනත් රාජ්‍ය ආයතන හා අනෙක් ආයතනවලින් නියමිත දිනය ලබා දී තිබියදීත් බැංකුවේ නොසැලකිල්ල හේතුවෙන් ‍මේ තත්ත්වය උදා වී ඇති අතර, ආයතනවලින් ලබා දී ඇති දිනයක් වෙනස් කිරීමට බැංකුවට හැකියාව ඇත්ද යන්න අදාළ සංස්ථා හා අනෙකුත් ආයතනවල සේවක-සේවිකාවෝ විමසා සිටිති.

පසුගිය 14 වැනිදා සෙනසුරාදා තෛපොංගල් දිනය යෙදී තිබූ නිසා 20 වැනිදා සිකුරාදා බැංකු ගනුදෙනු දහවල් 12.00ට අවසන් කර තිබෙන අතර, ලංකා බැංකුව විසින් මහජන ගනුදෙනු එසේ සිදු කරද්දී දිනය වෙනස් කරමින් මෙසේ ගනුදෙනුකරුවන් දස-දහස් ගණනක් අපහසුතාවට පත් කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවද සේවකයෝ ඉල්ලා සිටිති.

විශේෂයෙන්ම සති අන්තයේ වැටුප් ලබා ගම්-බිම් කරා යෑමට සිටි සේවකයන්ට ලබන සඳුදා වන තුරු වැටුප් ලබාගැනීමට නොහැකි වීම නිසා විශාල ගැටලු උද්ගතව ඇති අතර, ආයතන කිහිපයක සේවක නියෝජිතයන් විසින් ලංකා බැංකු මූලස්ථාන‍යේදී එහි නිලධාරීන් හා දැඩි උණුසුම් වචන හුවමාරුවකද පැටලී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධව ලංකා බැංකුවේ උසස් නිලධාරිනියකගෙන් විමසූ විට ඇය පැවසුවේ ‍බැංකුවේ දෝෂයක් සිදු වූ බව තමන් පිළිගන්නා බවත්, එය යථා තත්ත්වයට පත් කිරීමට සෙසු බැංකු හා කතා කරමින් දැඩි උත්සාහයක යෙදුණද ඇතැම් බැංකු ඒ සඳහා එකඟතාවකට පත් නොවූ නිසා මේ තත්ත්වයට විසැඳුමක් ලබා දීමට නොහැකි වූ බවත් පැවසීය. කෙසේ හෝ මෙවන් අවස්ථාවලදී තාක්ෂණය යොදා ගෙන විසැඳුමක් ලබා දීමට රාජ්‍ය බැංකු පද්ධතියේ හැකියාවක් නොමැති වීම බලවත් අඩුපාඩුවකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්