ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ඉඩෝරය දිගටම

ඉඩෝරය දිගටම

අක් වැහිවලින් කිසිම පලක් නෑ...

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකට මඳ වැසි ආරම්භ වූවත් ඉඩෝර තත්ත්වය දිගටම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවට උතුරු ප්‍රදේශයේ වේගවත් වියළි සුළං ධාරා ඇතිවීම හේතුවෙන් මෙසේ මඳ වැසි ඇතිවුවද එය ඉඩෝරය නිමා කරන්න ප්‍රමාණවත් නොවනු ඇතැයි පැවැසේ. මේ වන විට කුරුණෑගල, කෑගල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුර ප්‍රදේශයන්ට මඳ වැසි ලැබී තිබිණි.

මෙම වැසි තත්ත්වයන් දින කීපයකට පමණක් සීමා විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.

ඉඩෝරය නිමා කරන වැසි ඇතිවිය හැක්කේ මාර්තු මස අගදි බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙවර ඉඩෝරය එල්නිනෝ තත්ත්වයක් නොවන මුත් වසර ගණනාවකට පසුව අප රට මුහුණ දෙන දරුණුම නියඟය මෙය බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම ඉඩෝර තත්ත්වය පහව යන තුරු ප්‍රචාරණ සහ අලංකරණ කටයුතු සඳහා භාවිත කරන විදුලි පහන් නිවා දමා විදුලිය ද අරපිරිමැස්සෙන් භාවිත කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික ව්‍යාපාර සහ අනෙකුත් ආයතනවලින් ඉල්ලීමක් ද කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ඉදිරියේදී මතුවිය හැකි විදුලි අර්බුදයකට මුහුණදීමට එලෙස කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි.

රාත්‍රී කාලයේ සිය ප්‍රචාරණ කටයුතු සඳහා බොහෝ පෞද්ගලික ආයතනවල දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති භාවිත කරන අතර, ඒ සඳහා විශාල වශයෙන් විදුලිය වැය වනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්