සුමිගෙන් අහන්න
සුමිගෙන් අහන්න
‘දන්නෝ බුදුන්ගේ’ ගැයු
රොම්ලස් ද සිල්වා
චිත්‍රපටවල රඟපෑවා ද?
අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ වික්ටර් රත්නායක ගයන ‘ගැහැනු ළමයිනේ මොකද
බලා ඉන්නේ’ ගීතය ලියූ රචකයා කවුද?
පිළිතුර - ජේ. ඒ. කැමිලස් බව දැක්වෙනවා.
මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - ‘ලජ්වන්ති’ නමැති හින්දි චිත්‍රපටය පිළිබඳ තොරතුරු ටිකක් කියන්න?
පිළිතුර - නරේන්ද්‍ර සූරි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ බාල්රාජ් සහ්නි,
නර්ගීස්, ප්‍රීති විරාජ්, මනෝරම්මා ප්‍රධාන චරිත රඟපෑවා. සංගීතවත් කළේ එස්. ඩී.
බර්මන්.
ගාල්ලේ සමන් දිසාසේකර
ප්‍රශ්නය - ‘නිල්වලා ටැලන්ට් ෆැක්ටරි’ ආයතනයේ ලිපිනය සොයා දෙන්න?
පිළිතුර - 115/21, වත්තෙගෙදර පාර, මහරගම.
මාතර සුමනදාස මඩාටුගම
ප්‍රශ්නය - ‘සිරස’ රූපවාහිනියෙන් විකාශය වන ‘මේ ආදරයයි’ ටෙලි නාට්‍යයේ පවුලේ
සැමට එකට සිට නැරැඹිය නොහැකි දර්ශන තිබෙනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද?
පිළිතුර - මේ ටෙලි නාට්‍යය මා දැක නැති බැවින් ඔබේ අදහස ගැන යමක් කියන්න මං දන්නේ
නැහැ. කෙසේ වෙතත් රාත්‍රී 9.00න් පසු ඔබේ පවුලේ අය ළමුන් ද සමඟ ටෙලි නාට්‍ය
නරඹනවා
නම් ඒක ඔබෙත් වැරැද්දක්.
ගල්කිස්සේ නදී කරුණාරත්න
ප්‍රශ්නය - ‘මැවුවා ද කවුරු ප්‍රේමේ’ ගීතය රැගත් චිත්‍රපටය කුමක් ද? එය තිරගත
වූයේ කිනම් වසරේදී ද? මේ ගීතය ගයන්නේ කවුද?
පිළිතුර - මෙය චිත්‍රපට ගීතයක් නොවේයැයි මා සිතනවා. ගීතය ගයන්නේ හරූන්
ලන්ත්‍රා හා ජී. එස්. බී. රාණි පෙරේරා.
කඩවත පහළ බියන්වල භද්‍රා බියංකා මධු
ප්‍රශ්නය - අන්ධයන් අතර උගතුන්, බුද්ධිමතුන් ඉන්නව ද?
පිළිතුර - ඉන්නවා. මහාචාර්ය ඩී. පී. ඇම්. වීරක්කොඩි එවැනි කෙනෙක්. (දැන් ඔහු
ජීවතුන් අතර නැහැ) ප්ලේටෝගේ ‘ජනරජය’ පොත සිංහලට පරිවර්තනය කළේ ඔහු. ඔහු
සංගීතඥයෙක් ද වුණා.
වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ
ප්‍රශ්නය - සිංහල සිනමාවේ හොඳම චිත්‍රපට 10 බිහිවුණේ කාර්මික අතින් නොදියුණු
යුගයක නේද?
පිළිතුර - අද කාර්මික අතින් දියුණුයි කියල ද ඔබ හිතන්නෙ?
පඬුවස්නුවර අනුරාධා දහනායක
ප්‍රශ්නය ‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ නන්දා මාලිනි ගයන ‘හැඟුම් විසිර දස අතේ -
ලැගුම් සොයයි හදවතේ’ ගීතය පසුබිමින් ගයන්නේ කවර නිළියක් වෙනුවෙන් ද?
පිළිතුර - සුමනා අමරසිංහ වෙනුවෙන්.
මැදිරිගිරියෙ පුෂ්පිකා රණතුංග
ප්‍රශ්නය - ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය මුල් වරට ගැයූ රොම්ලස් ද සිල්වා චිත්‍රපටවල
රඟපා තිබේ ද?
පිළිතුර - ‘රේඛාව’ චිත්‍රපටයේ ගම්මුලාදැනියා ලෙස රඟපෑවේ ඔහු.
මාවනැල්ලේ කුසුමා පරණවිතාන
ප්‍රශ්නය - චිත්‍රපට නළු තිස්ස විජේසුරේන්ද්‍ර ගැන ඔබේ අවංක අදහස් දක්වන්න?
පිළිතුර - තිස්සට පුළුවන්කම තිබුණා, තමන් රඟපෑ චිත්‍රපටයක් දවස් 100ක්
දුවවන්න. රසික රසිකාවන් ඔහුට ආදරය කළා. මමත් ඔහුගේ රසිකයෙක්. ‘ළසඳා’
චිත්‍රපටයේ ඔහු කළ රඟපෑම් මා අදටත් අගය කරනවා. ඒ වගේම තිස්ස කෙළින් කතා කරන,
බොහෝම හොඳ නිහතමානි නළුවෙක්. තිස්සගේ සොහොයුරු ඡායාරූප ශිල්පි බන්දුල
විජේසුරේන්ද්‍ර කාලයක් අප සමඟ එකට ලේක්හවුස් ආයතනයේ වැඩ කළා.
නාවලපිටියේ තරිඳු අබේනායක
ප්‍රශ්නය - ගාමිණි සුමනසේකර වඩා දක්ෂ පුවත්පත් කලාවේදියකු වශයෙන් ද? සිනමා
කලා විචාරකයකු වශයෙන් ද? ලේඛකයකු වශයෙන් ද?
පිළිතුර - ලේඛකයකු වශයෙන්.
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න.
‘සුමිගෙන් අහන්න’
‘රසඳුන’, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.
|