කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ක්‍රීඩාවට යහපත් වූ 137 වැනි නිල් මහ සටන

ක්‍රීඩාවට යහපත් වූ 137 වැනි නිල් මහ සටන

තුෂ්ණීම්භූත වූයෙමු. එය 2016 මාර්තු 12 වැනි දා එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී ඇති වූ සමස්ත මනෝභාවය කැටිකොට දක්වන්නේ ය. ඔබ රාජකීය හෝ ශාන්ත තෝමස් යන බල කඳවුරු දෙකින් කුමකට අයත් වුවද ගැටලුවක් නොමැත. පළමු දිනයේ සිටම උනන්දුවක් දැක්වූයේ නම් 137 වැනි නිල් මහ සටනේ ප්‍රතිඵලයෙන් ඔබ නිසැකවම තුෂ්ණීම්භූත වන්නට ඇත.

පළමු දිනයේ ක්‍රීඩාව අවසානයේ දී ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ ඉහළින් ම සිටියහ. තරගය ජය ගැනීමට වැඩි හැකියාවක් සහිත කණ්ඩායම ලෙස ක්‍රීඩාව ඇරඹූ ඔවුහු තම කණ්ඩායමට පළමුව ක්‍රීඩා කිරීමට ආරාධනා කිරීමේ රාජකීයන්ගේ උපක්‍රමය මනා ලෙස සැබවින් ම ආපසු හැරවූහ. “තෝරා” ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳ කතා ද සිදුකෙරුණේය. තෝමස් විද්‍යාලීය ක්‍රීඩකයන් විසින් කඩුලු 5ක් සඳහා ලබා ගන්නා ලද ලකුණු 350 වෙනුවට දෙවැනි දිනයේ ආහාර විවේකය පසු වන විට රාජකීයන් කඩුලු 5කට ලකුණු 122ක් ලබා ගැනීම අපේක්ෂා කළ හැකි සම්භාවී සිද්ධියක් ලෙස පෙනී ගියේය.

කඩුලු 7කට ලකුණු 280ක් ලබා ගැනීම සඳහා රාජකීයන්ව ක්‍රීඩාවට කැඳවාගත් 16 හැවිරිදි පසිඳු සූරිය බණ්ඩාර දිනයේ ක්‍රීඩාව අවසන්වෙත්ම නොදැවී ලකුණු 97ක් ලබා සිටියේය. ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු දිනේෂ් කුමාරසිංහ ඒ වනතුරු ද මහත් සතුටින් පසුවූයේ තම ක්‍රීඩකයන් ලවා ඉක්මනින් කඩුලු ලබාගෙන තම මුළු ලකුණු එකතුව ඉහළ නංවාගෙන, පන්දු යවන්නන් මඟින් තරගය අවසන් කිරීමට සිතමින් තුන්වන දිනයේ තුන්වන තරග සැසියේදි එය ඉටුකර ගැනීමට ඔහු අපේක්ෂා කළේය.

එහෙත් සිදුවූයේ එය නොවේ. දෙවැනි දිනයේ පවුරට පිට දී සටන් කළ රාජකීයෝ තරගය තුන්වන දිනය දක්වා ගෙන ගියහ. ඉක්මන් ලකුණු ලබා ගැනීම් හා ලකුණු 22 ක හිඟයක් තිබියදී ඉනිම අවසන් කිරීම ආදියෙන් ඔවුන් තුළ අලුතින් ‍ෙගාඩනැඟී තිබූ විශ්වාසය ප්‍රකට විය. ඉන් අනතුරුව තෝමස් පිලෙහි අවරෝහණය ඇති වූ අතර ආලෝකයෙහි දීප්තිය වේගයෙන් අඩු වෙමින් තිබියදි රාජකීයෝ ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව රැස්කර ගත්හ.

තරගය අවසන් වී ක්‍රීඩා පිටියෙන් පිටතට පැමිණෙද්දි තරුණ තෝමසුවන් තුෂ්ණීම්භූත වූවා සේ, සිත් ව්‍යාකූල කරගෙන සිටිනු දුටුවෙමි. මුව පහත් කරගෙන සිටි ඔවුන් දැඩි සේ ශෝකවන සෙයක් පෙනෙන්නට විය.. මා අසලම සිටියේ වැඩි මහලු තෝමසුවෙකි. ඔහුගේ ජංගම දුරකතනය නාද විය. කතා කළේ ඔහුගේ බිරිය යැයි මට හැඟුණි. ඔවුන් කතා කරනු මට ඇසිණ. එය යම් සහනයක් බලාපොරොත්තු වන කෙනෙකුගේ හැඟීම් මාලාවක් විය.

ඒ කතාවේ හරය මේය. “අපි පැරදුණා. ඒත් මේක හොඳ තරගයක්. ඒක ක්‍රිකට්වලට හොඳයි.”

ඔහුගේ කථාව හරියටම හරිය. රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණය උදෙසා සූරිය බණ්ඩාර සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය යන්න දැඩි උද්‍යෝගයක් සහිත තෝමසුවෙකු වුවද පිළිගනු ඇත. ඔහු නවකයෙක් විය. තරගය ආරක්ෂා කිරීමට ඔහුගේ කණ්ඩායම දැඩි සටනක නියැලී සිටියහ. ඉහළ නාමයක් ඇති තමනට වඩා හැමතින්ම විශාල ක්‍රීඩකයන්ට මුහුණ දීමට ඔහුට සිදුවිය. ඔහු එයට ඇදහිය නොහැකි අන්දමට නැඟී සිටියේය. ඔහුගේ ක්‍රියාව අගය කිරීම හැර කළ යුතු වෙන කිසිවක් නැත. එසේ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමන් තුළ තිබෙන්නේ යැයි සෑම තෝමසුවකුම විශ්වාස කරන අධිෂ්ඨාන ස්වභාවය ප්‍රදර්ශනය වන්නේය. අවසාන ජයග්‍රාහකයා වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව යනුවෙන් පැවසුණු වියපත් මහත්මයාගේ කතාව නිවැරදිය. මෙය එක් පැත්තකට අයත් හෝ හැකියාව හා බලය පදනම් කරගෙන කරන ක්‍රීඩාවක් හෝ නොවේ. ඒ වෙනුවට, “ක්‍රිකට් යනු දැඩි අවිනිශ්චිතතාවක් සහිත ක්‍රීඩාවකි” යන පැරැණි ආප්තෝපදේශය තහවුරු වූයේය. සියලු දෙනාම තුෂ්ණීම්භූත වූයේ එහෙයිනි.

සැබවින් ම සිදුවූයේ කුමක් ද? අතිශයින් ශක්තිමත් තත්ත්වයක සිටි ප්‍රියතමයන් පහළට වැටුණේ කෙසේ ද? වැරදුණේ කුමකින් ද?

කිසි සැකයක් නොමැතිව ක්‍රිකට් පණ්ඩිතයන් විසින්, තරග‍ෙය් හැරවුම් ලක්ෂ්‍යය, විනිසුරු තීරණ, පන්දු යවන්නන් වෙනස් කිරීම්, පළමු දිනයේ දී තරගය අවසන් කිරීම, පිතිකරුවන් ක්‍රීඩා පිටියට යැවූ ආකාරය, එනම් ඔවුන් කලින් යැවීම හෝ පසුකර යැවීම ආදී කරුණු පිළිබඳව කතා කරනු ඇත. සැබවින් ම එම කරුණු වැදගත් වේ. ඒ සියල්ල ගණනය කරනු ඇත. එහෙත් සමහරවිට මෙම කරුණුවලට වෙනත් දෙයක් එකතු වී තිබිය හැකිය.

තෝමසුවන් ක්‍රීඩාවට එක්වූයේ අතිශයින් ප්‍රියතමයන් ලෙසය. රාජකීයෝ දුර්වලයන් බවට පත්වී සිටියහ. මේවා සැමදෙනා දන්නා කරුණුය. කණ්ඩායම් දෙකෙහිම කුසලතා සහිත ක්‍රීඩකයන් සිටියද, තෝමසුවන් අතර මහා සමබරතාවක් ද, පිතිහරඹය පාපන්දු යැවීම යන දෙඅංශයේ ම විය. ආක්‍රමණයට විශේෂයෙන් ම දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට තෝමසුවෝ සූදානම් වී සිටියහ. ඔවුන් කළේ ද එයයි. පන්දුවට පහර දීම සඳහා යොමු කළ විට, එස්.එස්.සී. ක්‍රීඩා පිටියෙහි සම්ප්‍රදායානුකූල අපහසු පළමු පැයට ඉවසීමෙන් මුහුණ දුන් තෝමසු ආරම්භක ක්‍රීඩකයෝ, පළමු ඉනිමේ තම ප්‍රතිවාදිනට පහසුවෙන් ළඟාවිය නොහැකි, දුෂ්කර ලකුණ සංඛ්‍යාවක් කරා තරගය ගෙන ගියහ. දෙවැනි උදෑසන පහර දීම් හා දැඩි ප්‍රහාර එල්ල කිරීම් ඔවුහු දිගට ම සිදු කළහ. තිරපිටපතට අනුවම මෙන් කණ්ඩායම් දෙකම ක්‍රීඩා කළහ.

අනපේක්ෂිත දෙයක් සිදුවූයේ ඉන් අනතුරුවය. අධිෂ්ඨානය පිළිබඳ අතිපුරාණ තෝමසුවන්ගේ අත්පොතෙහි පිටුවක් සොරා ගත්තාක් මෙන් රාජකීයෝ දෙදෙනෙක් ක්‍රීඩාවේ ස්ථාවරව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹුහ. ආක්‍රමණය දරුණු වුවද පරාජිත පිල ඔවුහු ප්‍රතික්ෂේප කළහ. එය තනිකරම රාජකීයන්ගේ සැලසුම ලෙස පෙනී ගියේ ය. දැඩි ප්‍රහාරයන් මුහුණ දුන්න ද සටනක් නොමැතිව පරාජය වීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. සටන් කිරීමේ වැදගත්ම අංගයක් තෝමසුවන් විසින් අමතක කර දමා ඇති සැටියක් සැබවින් ම ඉන් පෙනී ගියේ ය: සියලු ප්‍රතිවාදීන් ශක්තිය ඉතිරි කර ගත යුත්තේ විටෙක ආපසු ප්‍රහාර එල්ල කළ යුතු බැවිනි. ප්‍රහාරවලින් තනිවී සිටින විරුද්ධවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සූදානම්ව නොසිටි අතර ප්‍රහාරයන් එල්ල වන අවස්ථාවේදී ඒවාට මුහුණදීමට සූදානම්ව සිටියේ ද නැත. මින් උගත යුතු වැදගත්ම පාඩම වන්නේ දැඩි ප්‍රහාර එල්ල කිරීමට යමෙකු සූදානම් වන්නේ නම් එල්ලවන එබඳු ප්‍රහාරවලට මුහුණ දීමට ද සූදානමින් සිටිය යුතු බවයි. විරුද්ධවාදීන්ට පීඩනයක් එල්ල කරන්නේ නම් එල්ල වන ප්‍රතිපීඩනය දරා ගැනීමට ද සූදානමින් සිටිය යුතුය.

තෝමසුවෝ කුසලතා ඇත්තෝය. ඔවුහු උපරිමයට වෙහෙස මහන්සි වූහ. තරගයකදී “ධෛර්යය” ඉතා වැදගත් අංගයක් බව ඔවුන්ට අමතක වී දැයි කෙනෙකු විස්මයට පත්වෙනු ඇත. මලිත් කාරියවසම්ගේ පූර්ණ සහයෝගය ඇතිව, සූරියබණ්ඩාර මුලුගැන්වී සටන් කිරීම වෙනුවට වේගවත් ප්‍රහාර එල්ල කරමින් ක්‍රීඩාවේ ගියරය මාරු කරද්දී සිංහල ක්‍රීඩා සමාජ පිටියට තෝමසුවන් පැමිණ සිටියේ දෙවන සැලසුමක් නොමැතිව බව පෙනී ගියේ ය. කණ්ඩායමේ අනෙක් අයගේ මනස් තුළ රැඩිකල් පරිවර්තනයක් සිදු කිරීමට ඔවුන් දෙදෙනාගේ ක්‍රීඩා ශෛලිය සමත් විය. ඉන් ලේ සුවඳ ගම්‍ය විය. අවසාන ප්‍රහාරය සඳහා ඔවුන් සැරසුණේ ඉන් අනතුරුවය.

ආරම්භය අසාර්ථක වීමෙන් පසුව වුවද සටන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ තෝමසුවන්ට ගෞරවය හිමිවිය යුතුය. ප්‍රහාර එල්ල කළ නොහැකි භූතයන් කඩුලුවල ‍නොසිටින බව අගපෙළ පවා පෙන්නුම් කරන ලදි. රාජකීයන් පසුපස හඹා යෑම ආරම්භ කළ විට තුවක්කු අතට ගත් පන්දු යවන්නෝ නිත්‍ය විරාමයක් තුළ දී කඩුලු නෙළා ගත්හ. යළි යථා තත්ත්වයට පත්කරගත හැකි සීමාවෙන් ඔබ්බට තත්ත්වය ගිය අතර කෙසේ නමුදු ඇදහිය නොහැකි ජයග්‍රහණයක් රාජකීයෝ අත්පත් කර ගත්හ. තෝමසුවන්ගේ ක්‍රීඩා රටාව අපගේ ගෞරවයට හේතුවන තවත් කරුණක් වන්නේ, රාජකීයන්ට හිමිවිය යුතු ජයග්‍රහණය න්‍යායාත්මක වශයෙන් ඔවුන්ගෙන් සොරා ගැනීමට හැකියාව ලැබෙන අනවශ්‍ය ප්‍රමාද කිරීම් නොමැතිවීම සහතික කරමින් නායක සමිත ජයතිලක තම කණ්ඩායම දැඩි විනයක් යටතේ රඳවා තබා ගැනීමය. සැබවින් ම, තනි වූ තෝමස් ආදි සිසුවෙකු අනවසරයෙන්, ක්‍රීඩා පිටියට යෑමට උත්සාහ කළ විට, සති කිහිපයකට පෙර සියලු සාන්තුවරයන්ගේ තරගයේ දී ඇති වූ සිද්ධියක් මතකයට නංවමින් ඔහුට ‍දොස් පවරමින් සියලු ආදි තෝමසුවෝ එම සාමාජිකයා ඉවතට ගත්හ. තීරණාත්මක අවස්ථාවලදී තෝමසුවන් වෙතින් ධෛර්යය බැහැර විය හැකි වුවද ක්‍රීඩාශීලී ගුණයට එබන්දක් සිදු ‍‍නොවීය. එය සෑම තෝමසුවෙකුගේ ම සාඩම්බරයට ‍හේතු වුණ කරුණක් විය.

පෙර සඳහන් කළ වියපත් මහතා මේ සියල්ල දුටුවේදැයි මම නොදනිමි. කෙසේ නමුදු මෙම සටන වැදගත් ලෙස මතකයේ රැඳී තිබීම සඳහාත් එම මහතා විසින් පවසන ලද, “මෙය ක්‍රිකට් සඳහා යහපත්” ය යන වදන සත්‍ය බව පෙන්වන නිසාත් මෙම සිද්ධි වැදගත් වේ.

තෝමසුවන්ට මේවා ප්‍රමාණවත් වන්නේ ද? බලාපොරොත්තු කඩවීම් නිසා ඇතිවන සිත් තැවුල් නිවීයෑමට යම් කලක් ගත වේ. එහෙත් කඩිනමින් හෝ කල් ගත වී හෝ මරණ පරීක්ෂණයක් පවත්වා අනාගතය දෙස බැලිය යුතුය. මගේ අවධානය යොමු වන්නේ අවසන් කරුණ කෙරෙහිය. ප්‍රශ්නය වන්නේ 2017 හා ඉන්පසුව කාලය පිළිබඳවය. අපි කම්පනයට පත් වීමු. ව්‍යාකූල වූයෙමු. එය ස්වාභාවිකය. ඉදිරියට යෑම යනු ආවේග ඉවත දමා, හේතු උපයෝගි කරගෙන උකහාගත යුතු පාඩම් ඉගෙන ගැනීමයි.

කුසලතාව තවදුරටත් ගැටලුවක් නොවේ. ඕනෑවටත් වඩා හැකියාවන් පවතී. අවුරුදු 20 න් පහළ නීතිය ක්‍රියාත්මක වුවහොත් මේ මුළු කණ්ඩායමටම ඊළඟ තරගවාරයට ද ක්‍රීඩා කිරීමට හැකිවනු ඇත. නිසැකවම ඔවුන් යහපත්, දැඩි මානසිකත්වයක් හා විශ්වාසයක් සහිත කණ්ඩායමක් බවට පත්වනු ඇත. දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම ඔවුන් අතින් සිදුවන නිසා එය එක අතකට අලුත් දෙයක් නොවෙනු ඇත. දැඩි ක්‍රියාකාරීත්වයකට යොමු කිරීම තුළින් දැඩිව ක්‍රියා කිරීමට සැමවිටම හැකියාව අති බවත්, එලෙස දැඩිව ක්‍රියා කිරීම සැමවිට ම වැදගත් වන බවත් ඔවුන්ට අවබෝධ කර දිය යුතුය. අධිෂ්ඨානය රාජකීයන් සොරකම් කරගත් දෙයක් වන්නේ නම්, එම අගනා ද්‍රව්‍යය සැමකෙනා තුළම අධිකතර ලෙස ගබඩා වී ඇති බව පෙන්වාදීම හා එලෙස කිරීමට හැකි බව පෙන්වා දීමට ලැබෙන සෑම අවස්ථාවකදීම ක්‍රියාවෙන් ඒ බව ඔප්පු කිරීම තෝමසුවන්ගේ වගකීම යුතු විය යුතුය.

ධෛර්යවත් බව රාජකීයන් විසින් සංරක්ෂණය කරගත්තක් නොවේ. “ප්‍රතිප්‍රහාර එල්ල කිරීම” ද එලෙස තැන්පත් කරගත් දෙයක් නොවේ. “චරිත ස්වභාවය” මෙම කණ්ඩායමේ සිටින සෑම තෝමසුවෙකු විසින් ම “රාජකීය - තෝමසු” සටනින් ජයග්‍රහණය කරන ලද දෙයකි. එය අගනේය. එය වර්ධනය කරගත යුතුය. වෙහෙස මහන්සි වී වැඩ කරමින්, නිහතමානී බවත්, අධිෂ්ඨානයත්, විදුහල් මෑණියන්ට භක්තියක් නැති අවස්ථාවන්හිදී ඇඟිලි තුඩුවලින් ගිලිහී යාහැකි බැවින් එය සුරක්ෂිත කරගත යුතුය. පාසල් ගීයෙන් පැවසෙන පරිදි තෝමසුවන් ක්‍රියාකාරී වීම අභියෝගාත්මක වීම සිදුවිය යුතු අතර ඔවුන්ට එලෙස කළ හැකි වී තිබෙන්නේ පාසල් ගීතයේ තවදුරටත් කියැවෙන පරිදි වාසනාවේ දෙව්දුව වෙනතකට හැරී තිබියදී සිදුවන පරාජයට මුහුණ දෙන අයුරු උගත් හෙයිනි. මේ පරාජයෙන් යථා තත්ත්වයට පත්වී‍ෙම් සහ කීර්තියේ උච්චතම ස්ථානය අත්පත් කර ගැනීමේ ක්‍රියා මාර්ගයෙහි පිය ගැටයක් ලෙස සැබවින් ම භාවිතා කිරීම සඳහා වන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශාන්ත තෝමසුන්ට පීඩනය බඳු “යුතුකම සඳහා ඉල්ලීම” වන්නේ මෙයයි. මෙම ප්‍රයත්නයේ චරිත ස්වභාවය පරීක්ෂා කරනු ලබන්නේ චරිත ස්වභාවය ගොඩනැඟීමට ජයග්‍රහණයට වඩා පරාජය වැදගත් වන හෙයිනි. රාජකීය - තෝමසු සටන පරාජය විය. එහෙත් ඔබ ඒ ගැන සිතන්නේ නම් මෙම පරාජය තුළ වුවද ජයග්‍රහණ රැසක් ගැබ්වී ඇත්තේය. නිසැකයෙන්ම දීප්තියක් නොමැති වුවද ඒවා අනාගත සාර්ථකත්වයට අවශ්‍ය ද්‍රව්‍යයන් වන්නේය. මෙම වාතාවරනය තුළදී ශාන්ත තෝමස් විද්‍යාලය ඉදිරියට ගෙන යෑමට උසස් කුසලතාවන්ගෙන් හෙබි මෙම කණ්ඩායමේ සාමාජිකයන් මිස වෙන කිසිවෙක් නොමැත්තේය. එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට හැකියාව ඇති අතර ඇදහිය නොහැකි ලෙස ජය ලැබූවත් ක්‍රිකට් හා ක්‍රීඩාශීලීත්වය අවසන් ජයග්‍රාහකයන් වූ මෙම විස්මිත දින තුන තුළද සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී උගත් පාඩම් අන් අයට ද අවශ්‍ය නම් කියා දිය හැකිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]