කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අනුරාධපුර පූජා නගර සංවර්ධනයට යුරෝ මිලියන 52ක්

අනුරාධපුර පූජා නගර සංවර්ධනයට යුරෝ මිලියන 52ක්

යුරෝ මිලියන 52ක ප්‍රංශ ණය ආධාර යටතේ අනුරාධපුර පූජා නගරය හා නව නගරය සංවර්ධනය කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

ප්‍රංශ සංවර්ධන ආයතනයේ (AFD) සමඟ ණය ගිවිසුමකට යටත්ව ක්‍රියාත්මක කෙරෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර පූජා නගරය නවීන පහසුකම්වලින් යුත් නගරයක් බවට පත් කෙරේ.

අනුරාධපුර පූජා භූමියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා නාගරික ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම, පොදු ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම, පොදු ඉඩ පහසුකම් වැඩි කිරීම මේ යටතේ සිදුකිරීමට අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර නගර සීමාවේ පදිංචි 51,000කට අධික ජනතාවටත් සහන සැලැසේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]