කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සැබෑ තත්ත්වය පේන්නේ ක්‍රියාවට නැ‍ඟෙන විටයි
විපක්ෂය

සැබෑ තත්ත්වය පේන්නේ ක්‍රියාවට නැ‍ඟෙන විටයි

මහනුවර එජනිස මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල

තොරතුරු දැනගැනීමේ පනතේ සැබෑ තත්ත්වය දැනගත හැකි වන්නේ එය ක්‍රියාවට නැංවුණු පසුව බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ පනතේ සඳහන් වන ආකාරයට තොරතුරු දැනගැනීමේ අයිතිය ඇත්තේ ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශය මත බවද පැවැසූ ඒ මහතා, තොරතුරු දැනගැනීමේ පනතක් නොමැතිව වුවද මීට පෙරද ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තිබුණ බවත්, ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශය මත කරුණු හෙළි කළ හැකි වූ බවත් පැවැසුවේය.

මේ නිදහස උපරිම ප්‍රයෝජනයට අරගෙන ජාතික පුවත්පත් එදාත් දේශපාලන නායකයන් විවේචනයට ලක් කළ බව ජනතාවට මතක ඇතුවාට සැකයක් නැති බව ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවදුරටත් පැවැසුවේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]