කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දුමින්ද දිසානායක ඇමැතිතුමාට සුබ උපන් දිනයක්

දුමින්ද දිසානායක ඇමැතිතුමාට සුබ උපන් දිනයක්

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මාර්තු 28 වැනි දින සිය 37 වැනි උපන් දිනය සමරයි. 1979 වසරේ මාර්තු 28 වන දින බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා සහ ජයනි තිසේරා මහත්මිය යන දෙපළගේ වැඩිමහල් පුත්‍රයා ලෙස උපන් එතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ළාබාලතම කැබිනට් අමාත්‍යවරයා ද විය.

2000 වස‍ෙර්දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි දුමින්ද දිසානායක මහතා 2004 වසරේදී නිපුණතා සංවර්ධන වෘත්තීය හා කාර්මික අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධූරය ද 2006 දී කැබිනට් නොවන ඛනිජ සම්පත් අමාත්‍ය ධූරය ද 2007 දී නියෝජ්‍ය වරාය අමාත්‍ය ධූරය ද 2010 දී නියෝජ්‍ය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධූරය ද 2011 දී නියෝජ්‍ය තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ධූරය ද 2013 දී අධ්‍යාපන සේවා අමාත්‍ය ධූරය ද වශයෙන් වගකිව යුතු අමාත්‍යාංශ රැසක වගකීම් ඉටු කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම් ධූරය දරමින් භාරදූර කාර්ය භාරයක නිරත වන දුමින්ද දිසානායක මහතාට සුබ උපන්දිනයක් වේවායි සමස්ත ලක්වැසි ජනතාව සුබ පැතුම් එක්කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]