![]() ![]() |
||
මේ දරුවාට ඔෙබ් පිහිට ඕනෑ!
තමන් නොදුටු ලෝකය, අධ්‍යාපනය හරහා තම දරුවන්ට දකින්නට මංපෙත් විවර කරදීම අමරසිංහගේ හා බිරියගේ එක ම සිහිනය විය. එම සිහිනය සැබෑ කර ගන්නට දරු පැටව් උපන් දා සිට මේ දෙමවුපියන් නොගන්නා වෙහෙසක් නොවිඳිනා දුකක් නැත. කෙසේ වුවත් දරුවන් ගේ අනාගත ලෝකය දීප්තිමත් කිරීම පිළිබඳ සිහින දකිමින් ඒ සියලු දුක්ම්කටොළු ඉවසා දරාගත් මේ සෙනෙහෙබර දෙමව්පියන් ගේ හදවත් කැඩී බිඳ වැටුණේ නොච්චියාගම පහළ හල්මිල්ලෑව ශ්‍රි දුටුගැමුණු මහ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින ඔවුන්ගේ වැඩිමහල් දරුවා වූ දහතුන් හැවිරිදි හිරුන් ශනිල්ක අමරසිංහ පුතු මහ තැලසීමියා නමැති දරුණු රෝගී තත්වයෙන් පෙළෙන බව දරුවා ඉපදී මාස 2 කට පසු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් දැනගත් මොහොතේය. එදා පටන් මේ දක්වා අවුරුදු 13ක් තිස්සේ සායනවලට ප්‍රතිකාර ලබා ගන්නා මේ දරුවාගේ ප්‍රතිකාර සඳහා මසකට රුපියල් 4000 - 5000 ක් පමණ වැය වේ.
ඒ වේදනාව තව තවත් තීව්ර වන්නේ එම ශල්‍යකර්මය කිරීම සඳහා රුපියල් ලක්ෂ තිස්පහක් (35) පමණ මුදලක් අවශ්‍ය බව දැනගත් පසුවය. මුළු ජීවිත කාලය පුරාම හෝ කුමන දුකක් හෝ කරදරයක් හෝ විඳදරා ගනිමින් වුවද මේ මුදල සොයා ගැනීමට ඔවුන් වෙහෙසෙන බව සත්‍ය වුවද, දරුවාගේ වයස අවුරුදු 15 වීමට පෙර මේ ශල්‍යකර්මය සිදු කිරීමට අවශ්‍ය බව දැන ගැනීමෙන් පසු මේ දෙමවුපියන් අන්ත අසරණ තත්වයට පත්ව ඇත. කෙසේ වුවද මේ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය ඇටමිදුළු වැනි දෑ හිරුන් ශනිල්ක දරුවාගේ සිවු හැවිරිදි එකම සහෝදරයාගෙන් ලබා ගැනීමට හැකිව තිබීම වෛද්‍යවරුන් විසින් අනුමත කර ඇති බැවින් එය මෙම දෙමවුපියන්ට එක්තරා අස්වැසිල්ලක්. නමුත් දැනට කොළඹ පෞද්ගලික රෝහලකදී පමණක් සිදුකරන මේ ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසුව ද මාස දෙකක් පමණ දක්වා නේවාසිකව ප්‍රතිකාර ගත යුතු බව දෙමවුපියෝ පවසති. කොළඹ ප්‍රදේශයේ ඥාතියෙකු, හිතවතෙකු හෝ නොමැති මේ අසරණ දෙමවුපියන් ඒ මාස දෙක තුළ කොතැනක හෝ නැවතී සිටිය යුතුමය. මේ සියලු කටයුතු සඳහා වැයවෙන රුපියල් ලක්ෂ 35 සොයා ගැනීම සඳහා පින්කැමති ඔබ සැමගේ සහය ඔවුහු ඉල්ලා සිටිති. ඔබගේ එම වටිනා ආධාර නොච්චියාගම මහජන බැංකුවේ අංක 171 - 2 - 001 - 2 - 0092390 ඉතිරිකිරීමේ ගිණුමට බැරකරන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර වැඩි විස්තර යූ.බී. අමරසිංහ (පියා) 0712207775 හෝ 0728580856 අංකය ඇමැතීමෙන් ලබාගත හැකිය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |