කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මධ්‍යම පාන්තිකයන්ගේ ආකර්ෂණයට ලක් වූ නාට්‍යකරුවා

රඟබිම

මධ්‍යම පාන්තිකයන්ගේ ආකර්ෂණයට ලක් වූ නාට්‍යකරුවා

හෙන්රික් ඉබ්සන්

නාට්‍යවේදය නව්‍යකරණයේ පියා ලෙස විරුදාවලි ලබන්නේ හෙන්රික් ඉබ්සන් ය. ශේක්ස්පියර්ගේ නාට්‍ය මෙන් ම හෙන්රික්ගේ නාට්‍ය ද ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. යුරෝපීය පවුල් සංස්ථාවට ඍජුව ම ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් හෙන්රික් ගේ නාට්‍යවල තිබුණි. තම ඥානාන්විත අදහස් සංවර්ධනාත්මකව නිර්මාණවල ගැබ් කළ හෙන්රික් ඒ මඟින් තම නිදහස් අදහස් ප්‍රකාශයට පත් කළේ ය. සමාජයේ ඇති වන ප්‍රශ්නවලදි ගැහැනු මිනිස්සු ක්‍රියා කරන ආකාරය එකිනෙකට වෙනස් බව හෙතෙම තම නිර්මාණවලින් අවධාරණයෙන් ප්‍රකාශ කළේ ය. එහෙත් ගැහැනිය තම ප්‍රශ්නය සමඟ අර්බුදයකට ලක්වන බව ඉබ්සන්ගේ නාට්‍ය මඟින් හෙළි වේ. සීමා බාධකවලට ලක් වුණ යුරෝපා ගැහැනිය මෙන්ම මුළු මහත් ලෝකයේම ගැහැනුන් නිදහස සොයන බව හෙතෙම තම නිර්මාණ මඟින් මනාව විද්‍යමාන කළේ ය.

1928 මාර්තු 20 වැනිදා උපත ලැබූ හෙන්රික් නාට්‍ය රචකයකු ලෙස ජනප්‍රිය වුයේ යුරෝපයේ පමණක් නොව මුළු මහත් ලෝකයේ ය. මධ්‍යම පාන්තික පවුල උපත ලැබීම නිසා ජිවන තරඟයට උරදෙන්නන් පිළිබඳ මනා වැටහිමක් හෙන්රික්ට තිබුණි. අවුරුදු පනහ වනවිට කලාත්මක නාට්‍යකරණයට පිවිසීමට හෙන්රික්ට හැකි විය. නාට්‍ය පමණක් නොව කවි, මෙන් ම සාහිත්‍යයට ද සේවයක් කිරීමට ඔහු යොමු විය.

ඔහුගේ ස්වතන්ත්‍ර නාට්‍ය රචනාවල සන්දර්භය එකිනෙකට වෙනස් විය. බොහෝ මධ්‍යම පාන්තිකයන්ට ඔහුගේ කවි මෙන්ම නාට්‍ය ද තදින් කාවැදුණි. බොහෝ පුද්ගලයන් නොසලකා හරින දේ හෙන්රික් ගේ දෑසට හසු විය. නිවෙස්වල සැඟවුණ ප්‍රශ්න සඳහා නිර්මාණ ඔස්සේ විසඳුම් සොයා දීමට හෙතෙම උත්සාහ කළේ ය. සැඟවුණ ගැටලු සමාජගත කිරීමේ ලා තම නොනිදන පන්හිඳ අවදි කළ නාට්‍ය රචකයකු ලෙස විචාරකයෝ හෙන්රික් ඉබ්සන් හඳුන්වා දුන්හ. සාමාන්‍ය ජිවිතයේ නිහඬ පුද්ගලයකු වුවත් හඬ නඟන නිර්මාණශීලීත්වයක් හෙන්රික්ට ආවේණික විය.

එකිනෙකට වෙනස් වූ කාලීන අවශ්‍යතා උදෙසා සමාජ පණිවුඩ දීමට හෙන්රික් ගේ නාට්‍ය සමත් විය. සෑම නිර්මාණයක් මඟින් ම තම අදහස් අභීතව ප්‍රකාශ කිරීමට හෙන්රික් උත්සාහ ගත්තේ ය. නාට්‍ය පමණක් නොව කවි මඟින් ද සමාජීය ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට හෙන්රික්ට හැකි විය‍. කවි සඳහා දීර්ඝ ආකෘතියක් යොදා ගැනීමට හෙතෙම ‍උත්සාහ කළේ ය.'' මට අවශ්‍ය වෙන්නේ නිර්මාණයක් මඟින් ජනතාවට කතා කිරීමය.

ඒ සඳහා පන්තිය තරාතිරම මට අදාළ නැත." වරක් හෙන්රික් ඉබ්සන් එලෙස ප්‍රකාශ කළේ ය. නිර්මාණය සමස්ත සමාජය අරමුණු කරගෙන නිර්මාණය කළ බැවින් හෙන්රික් ඉබ්සන්ගේ නිර්මාණය කාලවකවානුවකින් තොර ව රසවිඳීමට ප්‍රේක්ෂකයාට හැකි විය. ඔහු ‍ගේ නිර්මාණ අතර A Doll's House del ප්‍රේක්ෂකයන් අතර ප්‍රසාදයට පත් විය. තම ගැඹුරු අත්දැකීම් නිර්මාණකරණය කෙරෙහි යොමු කළ හෙන්රික් ඉබ්සන් 1906 මැයි 23 වැනිදා ජීවන වේදිකාවෙන් සදහටම සමුගත්තේ ය.

අන්තර්ජාලය ඇසුෙරනි


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]