කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
බලශක්ති කාර්යක්ෂමතා ලෝකඩ සම්මානය වර්චුසා දිනයි

බලශක්ති කාර්යක්ෂමතා ලෝකඩ සම්මානය වර්චුසා දිනයි

වර්චුසා, ඉකුත් දා පැවැති වාර්ෂික ජාතික බලශක්ති හා කාර්යක්ෂමතා සම්මාන උලෙළේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මහා පරිමාණ ව්‍යාපාරික අංශයෙන් ඉටු කළ කැපවීම උදෙසා වර්චුසා හට මෙම සම්මානය දිනා ගැනීමට හැකිව ඇත.

ගෝලීයව විසිර ගිය අපගේ පාරිභෝගිකයන් වෙත සේවය සපයන අතරම අපි පරිසරය සුරැකීම කෙරෙහි ද අවධානය යොමු කළා. මෙම සම්මානය අපිට ලොකු ගෞරවයක්. තිරසාර සමාගමක් වශයෙන් අපි බලශක්ති සංරක්ෂණය සඳහා වෙහෙසෙනවා. වර්චුසා හි විධායක උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මධු රත්නායක සිය අදහස් පළ කර සිටියේ එලෙසිනි.

වර්චුසා කෝඩ් ග්‍රීන් යනු වර්චුසා යටතේ මෙහෙයවනු ලබන ව්‍යාපෘතියකි. කෝඩ් ග්‍රීන් ව්‍යාපෘතිය බලශක්තිය විමෝචනය, ශක්තිය සහ ජල නාස්තිය කළමනාකරණය සඳහා භාවිත කර ඇත. මෙම බලශක්ති කාර්යක්ෂමතා ක්‍රම භාවිත කරමින් වර්චුසා ලොව පුරා පිහිටි සිය කාර්යාල ගොඩනැඟිලි සාර්ථක ලෙස වැඩි දියුණු කර ඇත. ඒ බව තහවුරු කරමින් හයිද්‍රාබාත් හි පිහිටා ඇති වර්චුසා කැම්පස් එක වෙනුවෙන් නිර්මිත ගොඩනැඟිල්ල සඳහා රන් සහතිකය හිමිව ඇත. එසේම කොළඹ පිහිටි ගොඩනැඟිල්ලෙහි සඳහා රිදී සහතිකකරණය හිමිව ඇත. 2012 වසරේ දී වර්චුසාහි කොළඹ, හයිද්‍රාබාත් සහ චෙන්නායි හි පිහිටි කාර්යාල ගොඩනැඟිලි ත්‍රිත්වයේ ආලෝකකරණය සඳහා එල් ඊ ඩී ක්‍රමය භාවිත කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]