කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඒෂියන් එලායන්ස් සාමාජිකයන්ගේ ගායන සහ රංගන කුසලතා එළිදකී

ඒෂියන් එලායන්ස් සාමාජිකයන්ගේ ගායන සහ රංගන කුසලතා එළිදකී

ඒෂියන් එලායන්ස් රක්‍ෂණ සමාගමේ සේවක සේවිකාවන්ගේ කලා කුසලතා ඔප් නැංවීමේ අරමුණෙන් වාර්ෂිකව පැවැත්වෙන ඒෂියන් එලායන්ස් කලා කුසලතා එළි දැක්වීමේ ප්‍රසංගය දර්ශනීය නර්තනාංගයන් ඇතුළුව විචිත්‍රවත් කලා අංගයන් රැසක් සමගින් අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්විණි. සියයකට අධික ඒෂියන් එලායන්ස් සාමාජිකත්වයේ සහභාගීත්වයෙන් පැවති එම කලා උළෙල ඒෂියන් එලායන්ස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලදී. මෙවර පැවති කලා උළෙල සඳහා නර්තන අංග 12ක්, ඒක පුද්ගල සහ කණ්ඩායම් ගායනා 16ක් සහ නාට්‍ය 2ක් ද සහිතව අංගයන් 30ක් එක් කර තිබුණි.

ඒෂියන් එලායන්ස් වාර්ෂික කලා මංගල්‍යයේදී ඉහළ දස්කම් දක්වමින් මෙවර ජයග්‍රහනය දිනා ගැනීමට සමාගමේ තොරතුරු තාක්‍ෂණ අංශයට හැකි වූ අතර සමාගමේ සාමාන්‍ය රක්‍ෂණ අංශය මෙහි දෙවැනි ස්ථානය හිමි කර ගන්නා ලදි. ජයග්‍රාහකයින්ට කුසලාන සහ මුදල් ත්‍යාග ලබා දීමට ඒෂියන් එලායන්ස් පියවර ගත්තේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]