කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ලෝක ආර්ථික සමුළුවෙන්

ලෝක ආර්ථික සමුළුවෙන්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‍ස්වීඩනයේ අගමැති ස්ටෙෆන් ලෝෆ්වන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අයුරු. මුදල් ඇමැති රවී කරුණානායක සහ සංවර්ධන උපාය මාර්ග සහ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහත්වරු ද මෙහි වෙති.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී නිමාවට පත්වූ 2016 ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීමට එහි ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට පැමිණ සිටි නියෝජිතයන් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මීට සමගාමීව පැවති ශ්‍රී ලංකා ආයෝජන සමුළුවටද අගමැතිවරයා සහභාගි විය.

විදෙස් මාධ්‍යවේදීන් සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවකටද අගමැතිවරයා එක්විය. මේ එම අවස්ථාවල සේයාරූ පෙළකි.

ඩාවෝස් නුවර මොරොසනි පෝසට් හෝටලයේ පැවැති ශ්‍රීලංකා ආයෝජන සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුව ඇමතූ අවස්ථාව.

ලෝක ආර්ථික සමුළුවේ නිර්මාතෘ සහ විධායක ප්‍රධානී මහාචාර්ය ක්ලවුස් සවැබ් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කළ අවස්ථායි මේ. ක්‍රමෝපාය සංවර්ධන හා අන්තර්ජාතික වෙළෙද ඇමැති මලික් සමරවික්‍රම සහ මුදල් ඇමැති රවී කරුණානායක මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ටි්‍ර මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]