කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වංහුං

වංහුං

ජෝඩුව එකතු කරන්න කප් ගහපු කපුවො ඇවිත්!

අත පාටියෙ ජ්‍යෙෂ්ඨයො හැමෝම දැන් කපු මහත්තුරු වෙලාලු. හෙට අනිද්දා එන පුංචි ඡන්දෙට බයේලු කට්ටිය මේ රස්සාවට බැහැල තියෙන්නෙ. පක්සෙ බේද තියාගෙන ඡන්දෙට ගියොත් පස්ස බිම ඇනෙන එක ෂුවර් කියල හැමෝම පිළිගන්නවලු. කප් ගපහපු කපුවොයි කපෝති වෙච්ච කපුවොයි හැමෝම කපු රස්සාවට බැහැලා ඉන්නෙ එක ජෝඩුවක් ඉලක්ක කරගෙනයි. ඒ හිටපු මහ තැනයි දැන් මහතැනයි එකතු කරන්නලු!

මේ ඉව අල්ලන්නෙ හැරෙන පැත්ත හොයන්නද?

අපි අහල තියෙන්නෙ මුලින් ම අජටාකාශයට ගිය 'ලයිකා' බැල්ල කියලයි. හැබැයි දැන් මේ සතා ලන්ඩන් නුවරට වෙලා පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව ලංකාවෙන් එන මැති ඇමැති ගොල්ලො පිළිගන්න ඉව අල්ලනවලු. හීත්රෝ වාරිය පොළින් බැස්ස ගමන් ලිමොසින් එක නවත්තලලු තියෙන්නෙ.

ඒ කාලෙත් මේ සතා හැරෙන පැත්ත හොයාගන්න අමාරු වුණාලු. ඒ හින්දා සතා දැන් ඉව අල්ලන‍්නෙ මොකටද කියල දන්න කියන උදවිය කල්පනාවෙන්ලු ඉන්නෙ!

මාක්ස්ගෙ පොත නැතුව ඔළුව උස්සගන්න බැරිලු!

පැරණි වම දැන් පක්ෂ කාර්යාලයට විතරක් සීමා වෙලාලු! කලින් ඇමැතිකම් තිබුණු කාලෙ නම් මිනිස්සු ටිකක් ගැවසුණාලු. ඒ නිසා වයෝවෘද්ධ පැරණි වමේ නායකයො දැන් ඉන්නෙ හරිම පාළුවෙන්ලු. කාංසියෙන්ලු! දුකෙන්ලු! ඒ වගේ ම තමන්ව ජාතික ලැයි ස්තුවෙන් පිළිකන්නට විසි කරපු 'මෛත්‍රී' ලොක්කා ගැනත් තරහින්ලු.

මාක්ස් ලෙනින්වාද පැත්තක දාලා මේ ගොල්ලො මහින්දවාදියො වෙලා තියෙන්නෙ ඒ නිසාලු. ඒ නිසා මේ මහින්දවාදී නායකයන් ඉවත් කරල පැරණි වම නැවත මාක්ස් ලෙනින්වාදී මාවතට යොමු කරන්න ඕන කියල අදහසක් මතු වෙලා තියෙනවලු!

ඇමැති තාත්තගෙ මන්ත්‍රි පුතෙක ් හිස් අසුනට ඇහැගහගෙන!

ලෝක ආර්ථික සමුළුවට ගිය රනිල් උන්නැහේ ලංකාවට ගොඩබහිනකං ඇමැති තාත්තෙක් ඉන්න මන්ත්‍රී පුතෙක් බලා ඉන්නවලු. ඒකට හේතුව ත්‍රි'මලේ එම්.කේ.ඒ.සී.එස්. උන්නැහේගේ මරණින් හිස් වෙච්ච ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරෙ ගැන කතා කරන්නලු.

ගිය ඡන්දෙදි ගහපු ගිවිසුමකට අනුව එම්.කේ.ඒ.ඩී.එස්. ඇතුළට ගිහින් තියෙන්නෙ මන්ත්‍රී පුතාගෙ පක්ෂෙට ලැබුණු ඉඩකින්ලු. ඉතින් මන්ත්‍රි පුතා රනිල් උන්නැහේ එනකං බලා ඉන්නෙ අයිතිවාසිකම් ඉදිරිපත් කරන්නලු!


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]