කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
විපක්ෂය

විපක්ෂය

නව ව්‍යවස්ථා යෝජනාව නියත ලෙසම හකුළා ගන්නවා

ජා.නි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක

 

යහපාලන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ නව ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම තව දුරටත් ප්‍රමාද කොට අවසානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාව ආණ්ඩුව විසින් නියත ලෙසම හකුළා ගනු ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාව අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එජාපයේ තනි යෝජනාවක් ලෙසයි. මේ නිසා එම යෝජනාවට අද වන විට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ එකඟතාවයක් ලැබිලා නෑ.

ඒ වගේම නව ව්‍යවස්ථා යෝජනාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට පටහැනියි. ඒ නිසා මේ නව ව්‍යවස්ථාවක් සැකසීමේ අගමැතිවරයාගේ යෝජනාව ආණ්ඩුවට සම්මත කිරීමට ඉඩක් නෑ. ඒ නිසා ආණ්ඩුව ඉදිරියේදී නියත ලෙසම හකුළා ගන්නවාÓ වැඩිදුරටත් මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]