කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ආණ්ඩු පක්ෂය

ආණ්ඩු පක්ෂය

නව ව්‍යවස්ථාවක් ගේනවාදැයි තාම තීන්දුවක් ගෙන නැහැ

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න

ඉදිරියේදි පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම වෙනස් කොට නව ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැතිනම් පවතින ව්‍යවස්ථාවට දැවැන්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කරනවා ද යන්න තීන්දු කෙරෙනුයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් පසුව බව එ.ජා.ප. ගම්පහ දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු නොකරන බවට ප්‍රතිඥාවක් දී තිබෙනවා. ඒ අනුව නම් සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථා වෙනසක් සිදු කළ නොහැකියි.

නමුත් මැතිවරණ ක්‍රමය වෙනස් කොට, විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල කප්පාදු කොට ජනතාවට වග කියන ලෙස දැවැන්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යා හැකියි.

කෙසේ වෙතත් ව්‍යවස්ථාව සම්බන්ධ ස්ථිර තීන්දුවක් ගන්නේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා වැඩිදුරටත් කීය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]