![]() ![]() |
||
සෑම් – මෙතුන්සංඛ කොළඹ අභියෝගය ජයගනී
අදියර දෙකකින්, කිලෝමීටර් 500 කට අධික දුරකින් සමන්විත වූ කොළඹ අභියෝග රැළියේ සමස්ත ජයග්‍රහණය සෘන ලකුණු 20ක් ලබා රියදුරු සෑම් චන්ද්‍රසෝම හා සහයක රියැදුරු එස්. කේ. මෙතුන්සංඛ ජයගත්තේය. කොළඹ අභියෝග මෝටර් රථ රැළිය 2015 තරගාවලිය කොළඹ මෝර්රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජයේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කළ අතර තරග යුගල තරගකරුවන් 15 කට අධික ප්‍රමාණයක් කණ්ඩායම් 5ක් තරගාවලිය නියෝජනය කළේය. බත්තරමුල්ලෙන් ආරම්භ වූ රැළියේ ප්‍රථම අදියර කිලෝ මීටර් 170 ක් වූ අතර කිලෝ මීටර් 350 ක් වූ දෙවන අදියර පැලවත්ත ස්පීඩ් ඩ්‍රොම් ගෝකාට් ධාවන පථය අසලින් ආරම්භ විය. ප්‍රථම අදියරේදී රියදුරු සෑම් චන්ද්‍රසෝම - සහයක රියැදුරු එස්. කේ. මෙතුන්සංඛ සෘන ලකුණූ නොලබාම තරගය නිමා කොට ප්‍රථම අදියර ජයගත් අතර දෙවන අදියරේදී ප්‍රමේච් කණ්ඩායම නියෝජනය කළ රියදුරු සෆ්රාස් ජුනයිඩ් - සහයක රියදුරු අක්කී අමීන් සෘන ලකුණු 14 ක් පමණක් ලබා තරගය ජයගත්හ. 2015 වසරේ අවසන් මෝටර් රථ රැළිය ලෙස සංවිධානය වූ මෙම තරගාවලිය ටී. එස්. ඩී. ( Time Speed and Duration) රැළියක් ලෙස සංවිධන වී තිබිණී. අයන්මෑන් 4ය4 කණ්ඩායම නියෝජනය කරමින් සැම් චන්ද්‍රසෝම – එස්. කේ. මෙතුන්සංඛ, කසුන් පෙරේරා - රමේෂ් මාලංග, රීස්වාන් අහමඩ් – එස්. කේ. කිසල් හා එස්. කේ. ජානකී – එස්. කේ. අමන්දා යන තරග යුගල හතරක් තරගාවලිය නියෝජනය කළහ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |